මේ කරුණු අන්තර්ගත වෙන්නෙ සංගාරව සූත්‍රයේ. බොහෝ සේ පාඩම් කළ දේත් අමතක වන අවස්ථා ඇති බව ප්‍රකාශ කරමින් සංගාරව බ්‍රාහ්මණයා විසින් ඇසූ ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුර මෙම සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ සූත්‍රයේ අන්තර්ගතය කෙටියෙන්, සරලව, සංක්ෂිප්තව සඳහන් කිරීමක් තමයි මෙතනදි සිදු කරන්නෙ.
1. සායම් මිශ්‍ර වූ දිය බඳුනකින් මුහුණ බලන කොට පැහැදිලිව පෙනෙන්නෙ නෑ. ඒ වගේ කාමරාගයෙන් (කාමයන් කෙරෙහි ඇති ආශාවෙන්) යුතු සිතක් ඇති විට මතකයේ තියෙන දේවලුත් අමතක වෙලා යනවා.
- කාමච්ඡන්දය -
2. රත් වෙලා කැකෑරෙන දිය බඳුනකින් මුහුණ බලන කොට පැහැදිලිව පෙනෙන්නෙ නෑ. ඒ වගේ ද්වේශයෙන් යුතු (ගැටීමෙන් යුතු) සිතක් ඇති විට මතකයේ තියෙන දේවලුත් අමතක වෙලා යනවා.
- ව්‍යාපාදය-
3. දියසෙවල බැඳුණු දිය බඳුනකින් මුහුණ බලන කොට පැහැදිලිව පෙනෙන්නෙ නෑ. ඒ වගේ නිදිමතෙන්, අලස බවෙන් යුතු සිතක් ඇති විට මතකයේ තියෙන දේවලුත් අමතක වෙලා යනවා.
- ථීන මිද්ධය -
4. කැළඹුණු, රැලි නැගෙන දිය බඳුනකින් මුහුණ බලන කොට පැහැදිලිව පෙනෙන්නෙ නෑ. ඒ වගේ විසිරුණු, පසුතැවිලි වන ස්වභාවයෙන් යුතු සිතක් ඇති විට මතකයේ තියෙන දේවලුත් අමතක වෙලා යනවා.
- උද්දච්ඡ කුක්කුච්ඡ -
5. බොර වුණු දිය බඳුනකින් මුහුණ බලන කොට පැහැදිලිව පෙනෙන්නෙ නෑ. ඒ වගේ (දන්නා දේ ගැන) සැකයෙන් යුතු, සැකය දුරු නොවුණු සිතක් ඇති විට මතකයේ තියෙන දේවලුත් අමතක වෙලා යනවා.
- විචිකිච්ඡාව -
ඔය කියන කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්දච්ඡ කුක්කුච්ඡය, විචිකිච්ඡාව කියන කරුණු වලින් තොර වූ සිතක් ඇති විට.... පාඩම් කළ දේ හොඳින් මතකයට නැගේ. සුලුවෙන් පාඩම් කළ දේද මතකයට නැගේ.
.
මෙය සංක්ෂිප්ත සටහනක් වන අතර සම්පූර්ණ අර්ථය ඒ ආකාරයෙන්ම සඳහන් නොවන බැවින් හැකි අය සම්පූර්ණ දේශනාව කියවන්න.
https://mahamevnawa.lk/sutta/an3_5-4-5-3/
කලින් ත්‍රෙඩ් එකේ දේශනාව අහන්න (වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ විසින් සිදු කළ ධර්ම දේශනාව) https://elakiri.com/threads/පාඩම්-කරන-කොට-නිදිමත-එනවාට-අමතක-වෙනවාට-දහමෙන්-විසඳුමක්.2063469/
"නිදිමතට පිළියම්" ත්‍රෙඩ් එක (කියවන්න) https://elakiri.com/threads/පාඩම්-කරන-විට-ඇති-වන-නිදිමතට-පිළියම්-☸️.2063602/

Last edited: