පාඩම් කරමු..!

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
[FONT=&quot]එළකිරියට ඇවිත් දෙවෙනි දවසේ ඔන්න මම හා හාපුරා කියල මගේ පලවෙනි ත්‍රෙඩ් එක දාන්නයි ලෑස්ති වෙන්නෙ...:):)
වැරදි අඩුපාඩු තියෙනවනම් බනින්න එපා.. සමාවෙලා උපදෙසක් දීල යන්න..
[/FONT]


[FONT=&quot]ඉතින් මමත් ඔන්න විභාගයක් ලියන්න ලෑස්ති වෙනවා සෙනසුරාදට.. ඒකට පාඩම් කරන අතරෙ තමයි මේ ටික හොයාගත්තෙ.. ;);)[/FONT]

[FONT=&quot]මෙන්න මෙහෙමලු අපි විභාගයක් ලියන්න පාඩම් කරන්න ඕනේ.... වැදගත් කියල හිතෙනවනම් කියවල බලන්නකෝ..[/FONT]

1. [FONT=&quot]සුදුසු ස්ථානයක් තෝරාගන්න[/FONT]
[FONT=&quot]පාඩම් කරන්න කලින් කරන්න ඕන වැදගත්ම දේ තමයි තමන්ට පාඩම් කරන්න පුළුවන් හොදම තැන තෝරාගන්න එක.. ඒක තම තමන්ගේ අදහස් අනුව වෙනස් වෙන්න පුළුවන්.. සමහරු කැමතියි [/FONT]library [FONT=&quot]වල පාඩම් කරන්න.. තවත් සමහරු කැමතියි ගෙදර තමන්ගේ කාමරේ පාඩම් කරන්න.. ඒ කොහොම උනත් පාඩම් කරන තැන මෙන්න මේ වගේ වෙන්න ඕනෙලු...[/FONT]
· [FONT=&quot]බිත්ති හතරක්, මේසයක්, පුටුවක්, සහ හොඳ දීප්තිමත් ආලෝකයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.. ( ස්වභාවික ආලෝකයක් ලැබෙන තැනක් නම් වඩාත්ම හොඳයි..)[/FONT]
· [FONT=&quot]අනවශ්‍ය සද්ද බද්ද ඇහෙන්නේ නැත්තම් තමයි වඩාත් හොඳ..[/FONT]
· [FONT=&quot]විශේෂයෙන්ම පිරිසිදු වටපිටාවක් තියෙන්න ඕනේ.. ;););)[/FONT]
· [FONT=&quot]හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක් වෙන්නත් ඕනේ.. මොලයට ඉන්ධන විදිහට [/FONT]Oxygen [FONT=&quot]අත්‍යවශයිලු..:yes::yes::yes:[/FONT]
· [FONT=&quot]පාඩම් කරන අතරේදී අවශ්‍ය වෙයි කියල හිතෙන හැමදේම ලඟින් තියාගෙන තමයි ඔන්න පාඩම් කරන්න පටන් ගන්න ඕනේ.. පෑන්, පන්සල්, කටු වැඩ කොළ වගේ...[/FONT]
· [FONT=&quot]අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව 75% පිරිසගේ අවදානය සහ පාඩම් කිරීමේ හැකියාව වැඩියිලු දීප්තිමත් ආලෝකයක් සහ පුංචි ශබ්දයක් සහිත පසුබිමක..:yes::yes::yes:[/FONT]
· [FONT=&quot]විශේෂයෙන් වචන රහිත ශාස්ත්‍රීය වාදන ඛණ්ඩ මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරනවලු...[/FONT]
· [FONT=&quot]පාඩම් කරන තැන අවට තමන්ගේ සිහිනය දැක්වෙන පින්තූර, ධනාත්මක පණිවිඩ එහෙමත් පේන්න තියෙනවනම් හොඳයිලු..[/FONT]

iepmia.jpg
27ywghv.jpg


2. [FONT=&quot]පාඩම් කරන තැන හදාගත්තටම විතරක් මදි... ඊළඟට පාඩම් කරන්න හොදම වෙලාව තෝරාගන්න ඕනේ...[/FONT]

· [FONT=&quot]මහන්සි වෙලා ඉන්න වෙලාවට කොච්චර පාඩම් කලත් වැඩක් නෑ.. මතක හිටින්නේ නෑ.. ඒ නිසා නිදහස් වෙලාවක් තෝරාගන්න ඕනේ..[/FONT]
· [FONT=&quot]පාන්දර [/FONT]1, 2[FONT=&quot] වෙනකං නැගිටලා ඉඳල අමාරුවෙන් පාඩම් කලාටනම් වැඩක් නෑ කියල තමයි කියන්නේ..:no::no::no::no::no:[/FONT]

iefmgx.jpg


3. [FONT=&quot]ඊළඟට පාඩම් කරන්න සැලසුමක් හදාගන්න ඕනේ..[/FONT]

· [FONT=&quot]අද දවසට පාඩම් කරන්න යන කොටස් ටික මොනවද.. කොහොමද කරන්නේ කියන එක මුලින්ම සැලසුම් කරලා තියාගන්න.. එතකොට අන්තිමේදී මග හැරුණු කොටස් මොනවද කොච්චර පාඩම් කරලද කියල දැනගන්න ලේසියි..[/FONT]
· [FONT=&quot]ඒ වගේම පාඩම් කරන්න යන විෂයට අදාල ක්‍රමවේදය මුලින්ම තෝරාගන්න.. ගණිතය, නැත්තම් ගණකාධිකරණය වගේ විෂයක් නම් අභ්‍යාස කරන්න ඕනේ.. ඉතිහාසය, ව්‍යාපාර අධ්‍යනය වගේ නම් කට පාඩම් කරන්න ඕනේ.. අන්න ඒ වගේ..[/FONT]
· [FONT=&quot]ඊටත් පස්සේ ලේසිම පාඩම් ටික තෝරාගෙන ඒ ටික මුලින්ම පාඩම් කරලා ඉවර කරන්න.. අමාරු ටික අන්තිමට තියාගන්න.. හදිස්සියෙවත් අමාරු ටික කොච්චර පාඩම් කලත් තේරුනේම නැත්තම් ලේසි ටිකවත් පාඩම් කරලා ඉවරයිනේ..:yes::yes::yes::yes:[/FONT]

68zhxh.jpg
m7caxx.jpg


4. [FONT=&quot]ඊළඟට මතක තියාගන්න ලේසි වෙන පුංචි ක්‍රම ටිකක්..[/FONT]

· [FONT=&quot]අවධානය යොමු කරන්න [/FONT]Chewing gum [FONT=&quot]ප්‍රයෝජනවත්ලු... විශේෂයෙන් මින්ට් රස..[/FONT]
· [FONT=&quot]පාඩම් කරන අතරෙදි දවල් හීන පේන එක නවත්තන්න තමන්ගෙන්ම ප්‍රශ්න අහන්න ඕනේ.. :rolleyes::rolleyes::rolleyes:[/FONT]
· [FONT=&quot]එක දිගටම පාඩම් කරන්න එපා.. මිනිත්තු 30 කට වරක්වත් ටිකක් නැගිටලා වටයක් දෙකක් ඇවිදලා එන්න..[/FONT]
· [FONT=&quot]අනිත් එක තමයි [/FONT]Flash Cards [FONT=&quot]භාවිතය.. නිතරම තමන් ළඟ විෂයට අදාළ කරුණු ලියපු පුංචි කාඩ්පත් තියාගන්න.. [/FONT]card [FONT=&quot]එකේ ඉස්සරහ පැත්තේ ප්‍රශ්නයක් ලියල පිටිපස්සේ උත්තරේ ලියන්න.. එහෙම නැත්තම් ඉස්සරහ මාතෘකාවක් ලියල එට අදාල විස්තරය පිටිපස්සේ ලියන්න.. [/FONT]wallet [FONT=&quot]එකේ, [/FONT]hand bag [FONT=&quot]එකේ මේවා අරගෙන යන්න.. පෝලිම් වල ඉන්නකොට, බස් එකේ යනකොට කියවන්න පුළුවන්නේ.. [/FONT]
· [FONT=&quot]තව විෂය කරුණු ලියපු පුංචි පුංචි කොළ මුණ බලන කණ්ණාඩියේ, පොත් මේසේ ළඟ, නිදාගන්න ඇඳ ළඟ වගේ නිතර දකින තැන්වල අලවල තියාගන්න..[/FONT]

2u8knwp.jpg


5. [FONT=&quot]මේ ඔක්කෝම කරලා අන්තිමට විභාගෙට යන දවසත් එනවනේ.. [/FONT]

· [FONT=&quot]කලින් දවසේ හොඳ නින්දක් ලබා ගන්න ඕනේ.. කොච්චර පාඩම් කලත් වැඩක් නෑනේ [/FONT]paper [FONT=&quot]එක උඩ නින්ද ගියොත්..;););)[/FONT]
· [FONT=&quot]සමබර අහර වේලක් ගන්නත් ඕනේ මතක ඇතුව..[/FONT]
· [FONT=&quot]ගෙදරින් පිටත් වෙන්න කින් පාඩම් කරපු ටික එක සැරයක් කියවගන්න.. මේකට කියන්නේ [/FONT]Scan [FONT=&quot]කරනවා කියල.. එතකොට පාඩම් කරපු දේවල් අයෙමත් මොලේ ඇතුලේ නැවුම් වෙනවලු..[/FONT]
· [FONT=&quot]විභාග වෙලාවට විනාඩි 10 කට කලින්වත් විභාග ශාලාවට යන්න.. තමන්ට වෙන් කරපු තැන හොයාගෙන වටපිටාවට ටිකක් අනුගත වෙන්න මේක හරිම වැදගත්..[/FONT]

[FONT=&quot]ඔන්න ඔය ටික තමයි ඉතින් මම පාඩම් කරන හැටි ගැන හොයා ගත්තේ.. ඔය කොහොම කිව්වත් මමනම් තම අනිද්දා විභාගෙට පාඩම් කරලා ඉවර නෑ... :lol::lol::lol:මේ ඔයාල හැමෝම දන්න දේවල් වෙන්නැති සමහරවිට.. කියවන්න වෙලාව නාස්ති උනානම් සමාවෙන්න.. [/FONT]​
 

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    [FONT=&quot]අවධානය යොමු කරන්න [/FONT]Chewing gum හපන එක හොඳි කියල හිතන්න බෑ. ඕක දිගින් දිගට කරාම තව ලෙඩ ගොඩක මුල. ඕක හපද්දී බඩට acid එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉඳල ඉඳල කනවා වගේ නෙවෙයි පාඩම් කරද්දී කන්න පුරුදු වෙන එක.

    හොඳ ලිපියක්
    . බෙදා ගත්තට ස්තුතියි + :yes:
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    [FONT=&quot]අවධානය යොමු කරන්න [/FONT]Chewing gum හපන එක හොඳි කියල හිතන්න බෑ. ඕක දිගින් දිගට කරාම තව ලෙඩ ගොඩක මුල. ඕක හපද්දී බඩට acid එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉඳල ඉඳල කනවා වගේ නෙවෙයි පාඩම් කරද්දී කන්න පුරුදු වෙන එක.

    හොඳ ලිපියක්
    . බෙදා ගත්තට ස්තුතියි + :yes:
    මටත් ඕකම හිතුනා.. මොකක්ද research එකක් කරපු පණ්ඩිතයෙක් ලුනෙ එහෙම කියල තියෙන්නෙ... :yes::yes: