පවට උපන් අඩුකුලේ එකෙක්ගේ කතාවක්... උපුටාගැනීම එළකිරි SLBlackNight
දකුණ හෙල්ලූ නෙළුවේ ප්‍රියන්ත
උඩවලව ජාතික වනෝද්‍යානයේ පතහඩුව ප්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. ඒ වන විට ඝන අන්ධකාරය මුළු වනාන්තරයම ගිලගෙන තිබිණි.
ඝන වනාන්තරය මධ්‍යයේ පොල් අතු සෙවිලි කර ඉදිකළ වාඩියකි. ගව පට්ටි පාලනය සිය ජීවිකා වෘත්තිය කරගත් අහිංසක එඩේරුන් හත්දෙනකු වාඩියේ වූහ. දැඩි වෙහෙසකර කර්කශ වූ දිවා කාලය නිමා කර මේ පිරිස වාඩියට වී රාත්‍රිය ගත කළේ විඩා නිවා ගැනීමටය. ඔවුන් ලන්තෑරුම් එළියෙන් රාත්‍රි ආහාර සඳහා යමක් සූදානම් කරමින් සිටියහ.
ඝන අන්ධකාරය මැදින් විදුලි පන්දම් එළි කීපයක් මතුවිය. වාඩියේ සිටි කිසිවකු ඒ විදුලි පන්දම් එළි දුටුවේ නැත. කෑලි කැපිය හැකි අන්ධකාරය අතුරින් මතු වූයේ මුළු තණමල්විල ප්‍රදේශයම භීතියට පත්කර ගෙන සිටි නෙළුවේ ප්‍රියන්ත ඇතුළු ඔහුගේ සගයන් ය.
ඉදිරියෙන්ම ගමන් කළේ නෙළුවේ ප්‍රියන්තය. ඔහු අත ටී. 56 ගිනි අවියකි. කහවත්තේ සුද්දා, රතු ලොක්කා, පුංචි මල්ලී සහ තවත් සගයකු පසුපස ගමන් කළහ. ඔවුන් සියලු දෙනා ගිනි අවි සහ පොලුවලින් සන්නද්ධව සිටියහ.
හිත් පිත් නැති ඒ පාපතර මිනිසා මහා අපරාධයක් කිරීමට අරඅඳිමින් සිටියේය. වාඩියේ සිටි අහිංසක එඩේරුන්ට අයත් ගවයන් තමන් සන්තක කර ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගෙන් පළිගැනීමට නෙළුවේ ප්‍රියන්ත පසුබට වූයේ නැත.
වාඩියේ සිටි කිසිවකු ඒ පිළිබඳව දැන සිටියේ නැත. අඳුරේම ආ විදුලි පන්දම් එළි වාඩිය ආසන්නයේ නතර විය. ගත වූයේ නිමේෂයකි. මුළු පතහඩුව ප්‍රදේශයම දෙදරුම් කවමින් වාඩිය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
ඒ සමඟම වෙඩි වරුසාවක් ද වාඩිය දෙසට එල්ල වූයේ හෙණ ගෙඩි පුපුරන්නාක් මෙන් ය.
"තොපි දන්නෙ නැහැ නෙළුවෙ ප්‍රියන්තගෙ වැඩ. මාත් එක්ක හැප්පෙන්න එන ඕනෙම එකෙකුට වෙන්න මේක තමයි."
නෙළුවේ ප්‍රියන්ත කෝපයෙන් කෑ ගැසුවේ ය. ඒ සමඟම වාඩියට කඩාවැදුණු ඔහුගේ ගෝලයන් පොලු මුගුරු වලින් බිම වැටී සිටි එෙŒරුන්ට පහර පිට පහර දෙන්නට වූහ. අහිංසක එෙŒරුන් විලාප දුන්හ. එහෙත් ඔවුන්ගේ පිළිසරණට ඉදිරිපත් වීමට තරම් සමතකු වනාන්තරයේ සිටියේ නැත.
විනාඩි කීපයක් ගත වන්නට පෙර වාඩියේ සිටි අහිංසකයන් හත්දෙනාම පරලොව යෑවීමට නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන්ට හැකි විය.
"ගිනිතියපියව් මුන්ගෙ මළ මිනීවත් ගෙනියන්න බැරිවෙන්න. මුළු වාඩියම අළුකරල දාපියව්."
නෙළුවේ ප්‍රියන්තගේ අණින් සගයන් වාඩියට ගිනි තැබූහ. කිසිදු වරදක් නොකළ ඒ අහිංසක එෙŒරුන් හත්දෙනාම බිලිගත් නෙළුවේ ප්‍රියන්ත සිය ගෝල බාලයන් ද සමඟ පලා ගියහ.
සිය පාතාල බලයෙන් තණමල්විල, උඩවලව, බෙලිඅත්ත, සූරියවැව, ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ ගණනක අහිංසක ජනතාව භීතියට පත් කර ගෙන සිටි නෙළුවේ ප්‍රියන්ත සියලු කටයුතු කළේ කැලෑ නීතියට අනුවය.
1966 වර්ෂයේ අප්‍රේල් මස 16 වැනි දින වලස්මුල්ල රෝහලේ උපත ලැබූ ගුරුසිංහගේ ප්‍රියන්තගේ කුඩා කාලය ඉතා දුෂ්කර එකක් විය. මොරයාය මහා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පංතිය දක්වා අධ්‍යාපනය ලැබූ ප්‍රියන්ත ස්ථිර රැකියාවක් සොයා ගැනීමට වෙහෙසුණේය. එහෙත් ඔහුට සුදුසු රැකියාවක් ලැබුණේ නැත.
තරුණ වයසේදී ම හේන් ගොවිතැනට යොමු වූ ප්‍රියන්ත සිය ඥතීන් කීපදෙනකු ද සමඟ තණමල්විල ප්‍රදේශයේ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත්තේය.
ප්‍රියන්තට සොහොයුරන් දෙදෙනෙකි. එකකු ප්‍රේමතිලක වන අතර අනෙකා පුංචි මල්ලීය. හේන් ගොවිතැන් කරන අතරතුර ගංජා වගා කිරීමට ප්‍රියන්ත උත්සුක වූයේ ඉන් වැඩි ආදායමක් ලැබීම නිසාය. ප්‍රියන්තගේ සොහොයුරන් දෙදෙනාද හැමවිටම ඔහු පසුපස සිටියහ.
තණමල්විල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ග දෙකකි. ගොවිතැන ඉන් එකකි. ගවපට්ටි පාලනයෙන් ද මේ ප්‍රදේශයේ ජනතාව විශාල ආදායමක් උපයා ගත්හ.
ගංජා හේන් වගා කරන අතරතුර ගවපට්ටි පාලනයට ද අත ගැසූ ප්‍රියන්ත එයද සාර්ථකව කරගෙන ගියේය.
1988 වර්ෂය වන විට මුළු රටම භීෂණයෙන් වෙළාගෙන තිබිණි. තණමල්විල ප්‍රදේශයේ ද භීෂණය තදින්ම පැවතිණි. ඒ වන විට නෙළුවේ ප්‍රියන්ත ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකු බවට පත්ව සිටියේය.
තණමල්විල ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ පංති රැසකට සහභාගි වූ නෙළුවේ ප්‍රියන්ත 1989 වර්ෂයේ යුද පුහුණුවක් ද ලබා ගත්තේය. යුද හමුදාවෙන් පලාවිත් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයට බැඳී සිටි නිකලස් නමැත්තාගෙන් ස්වයංක්‍රීය අවි භාවිතය පිළිබඳව හොඳ පුහුණුවක් ලබා ගැනීමට ප්‍රියන්තට හැකි විය.
1989 වර්ෂයේ සිට 90 වසරේ මාර්තු දක්වා බලහරුව, කුඩාඔය තණමල්විල ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය භාරව කටයුතු කළේ නෙළුවේ ප්‍රියන්තය.
භීෂණ සමයේදී නෙළුවේ ප්‍රියන්ත අතින් ඝාතනයට ලක්වූවන් ගණන හතරකි. මේ පාපතරයාගේ ඝාතන ලැයිස්තුවේ මුල්ම සාමාජිකයා වූයේ තණමල්විල හමුදා කඳවුරේ අරක්කැමියා ලෙස සේවය කළ ගුණා යන අය පිහියෙන් ඇන මරා දැමීමය. යුද හමුදාවට ඔත්තු සැපයූ බවට චෝදනා එල්ල කරමින් තණමල්විල රෝහල ඉදිරිපිටදී ඒ අහිංසක මිනිහාට පිහියෙන් ඇන මරා දැමූ නෙළුවේ ප්‍රියන්ත සිය අපරාධ චාරිකාව ආරම්භ කළේය. ඒ වර්ෂයේදීම හමුදාවට ඔත්තු බැලූ බවට චෝදනා කරමින් තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ වැසියකු වූ ගිරිගෝරිස් නමැත්තාට පිහියෙන් ඇන මරා දැමූ නෙළුවේ ප්‍රියන්ත හල්දුම්මුල්ල ග්‍රාම නිලධාරියා ද වෙඩිතබා මරා දැමුවේය.
හමුදාවට ඔත්තු සැපයූ බව කියමින් තණමල්විල මස්ගුණයා වෙඩි තබා කපා කොටා කෲර වධහිංසා පමුණුවා මරා දැමීමට නෙළුවේ ප්‍රියන්ත ඇතුළු එවකට ජනතා විමුක්ති පෙරමුණේ සගයන් කටයුතු කළහ. භීෂණ සමයේ කිසිම අවස්ථාවකදී ප්‍රියන්ත පොලිසියට හෝ හමුදාවට හසුවුණේ නැත. කට්ටි පනිමින් කාලය ගත කළ ඔහු භීෂණ සමය නිම වීමෙන් පසු නැවත තණමල්විලට පැමිණෙන්නේ සුපුරුදු ව්‍යාපාර කරගෙන යැමේ අරමුණ ඇතිවය.
"සල්ලි ටිකක් වැඩිපුර අතට එන බිස්නස් කරන්න ඕනෙ. හැමදාම අපට හිඟන්නො වගේ ඉන්න බැහැ."
නෙළුවේ ප්‍රියන්ත සිය සගයන්ට හැම විටම කීවේය. ඒ වන විට ප්‍රියන්තගේ සගයන් දහදොළොස් දෙනකුම ඔහු හා සම්බන්ධ වී සිටියහ. වඩු සිරා, කහවත්තේ සුද්දා, රතු ලොක්කා, පුංචි මල්ලී, සෙල්ලකළුවා, විඡේලාල්, සුනිල් රාමනායක, කරත්තෙ රාජා, මොරයායේ පුංචිඅයියා, හීන් මල්ලී ඔවුන් අතර වූහ. භීෂණ සමයේදී සඟවා තැබූ අවි ආයුධ රැසක් ඒ වන විට නෙළුවේ ප්‍රියන්තගේ කල්ලිය සතුව තිබිණි.
සූරියවැව ප්‍රදේශයේ පාතාල ආධිපත්‍යය පතුරුවාගෙන සිටි රත්නවීරගේ කල්ලිය සමඟ නෙළුවේ ප්‍රියන්ත සම්බන්ධකම් පැවැත්වූයේ නැත. රත්නවීර කල්ලියේ ප්‍රධානම එදිරිවාදියා වූයේ වම්බොට්ටාය. නෙළුවේ ප්‍රියන්ත සහ වම්බොට්ටා අතර කිට්ටු සම්බන්ධයක් පැවැතිණි. මහා පරිමාණයෙන් ගංජා හේන් වගා කිරීමත්, විශාල වශයෙන් ගවයන් සොරකම් කර විකිණීමත් නෙළුවේ ප්‍රියන්තගේ ප්‍රධාන ආදායම් මාර්ග විය. තණමල්විල, උඩවලව, බෙලිඅත්ත, මැදමුලන, නෙළුව ඇතුළු ප්‍රදේශ ගණනාවක මැර බලය ව්‍යාප්ත කළ නෙළුවේ ප්‍රියන්ත මිනිස් ඝාතන සිදුකරමින් කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධවල නිරත වන්නට පටන් ගත්තේය. බඹරගල රජයේ රක්ෂිතය සිය ආරක්ෂිත ස්ථානය කර ගත් නෙළුවේ ප්‍රියන්ත බැකෝ යන්ත්‍ර යොදාගෙන මහ වනය මැද වැවක් කැපීමට කටයුතු කළේය. ඒ වන විට ඔහු බඹරගල වනයේ හොර හරක් ගාල් හත අටකම හිමිකරු විය. මහ වනය මැද ජලාශය ඉදිකළේ ගවයන්ට පානය කිරීමට අවශ්‍ය ජලයරැස්කර තැබීම සඳහා ය.
නෙළුවේ ප්‍රියන්තට අයත් එක් හරක් ගාලක ගවයන් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් සිටියි. ඔහුට අයත් සියලු හරක් ගාල්වල සිටි හරකුන් ප්‍රමාණය දහස් ගණනකි.
තණමල්විල, බෙලිඅත්ත, නෙළුව, කිතුල්කොටේ, බඹරගල ඇතුළු ප්‍රදේශ ගණනාවක ගව පට්ටි හිමියන්ට නෙළුවේ ප්‍රියන්තගෙන් දිගින් දිගටම තර්ජන එල්ල විය. ආයුධ සන්නද්ධව පැමිණෙන නෙළුවේ ප්‍රියන්ත ඇතුළු පාතාල සගයන් ගවපට්ටි හිමියන්ගේ ගව ගාල්වලට කඩා වැදී ගවයන් සිය ගණනින් පැහැරගෙන යන්නට වූහ.
නෙළුවේ ප්‍රියන්aතගේ ගව ගාල් වල සිටි සියලුම ගවයන් මේ ආකාරයට පැහැරගත් සතුන් ය. මොහුගේ ගව සොරකමට එරෙහි වීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැත. කිසිවකු හෝ නෙළුවේ ප්‍රියන්තට එරෙහි වුවොත් ඔහුට සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.
ගව සොරකමට අමතරව බඹරගල රජයේ රක්ෂිතයේ මහා පරිමාණයෙන් ගංජා හේන් වගා කිරීම ද නෙළුවේ ප්‍රියන්ත ජයටම කරගෙන ගියේය. මොහුගේ ජාවාරම්වල නිරත වූ සෑහෙන පිරිසකට වැටුප් ගෙවීමට පවා නෙළුවේ ප්‍රියන්ත කටයුතු කළේය. ගව ගාල්වල කිරි දෙනුන්ගෙන් දෛනිකව රුපියල් පනස් දහසක පමණ කිරි ප්‍රමාණයක් ලබා ගැනීමට නෙළුවේ ප්‍රියන්තට හැකි විය. ඊට අමතරව දෛනිකව මස් පිණිස ගවයන් තොග පිටින් කොළඹට පැටවීම මොහු ජයටම කරගෙන ගියේය. ඔහු ඉන් ලැබූ ආදායම ලක්ෂ ගණනකි.
1995 වර්ෂය වන විට නෙළුවේ ප්‍රියන්ත නීත්‍යනුකූලව විවාහ වී සිටියේය. නෙළුව යාය කිතුල්කොටේ තණමල්විල, පිහිටි නිවසක පදිංචිව සිටි ප්‍රියන්ත යහපත් පවුල් ජීවිතයක් ද ගත කළේය. රටේ නම ගිය පාතාල සගයන් මෙන් නෙළුවේ ප්‍රියන්ත සුර සැප වින්දේ නැත. කැසිනෝ අවන්හල්වලට රිංගුවේ නැත. විස්කි බ්‍රැන්ඩි පානය කළේ නැත. නෙළුවේ ප්‍රියන්ත කිසි දිනක කලිසමක් ඇන්දේත් පාවහන් යුවළක් පැළැඳුවේවත් නැත. 1995 වර්ෂයේ මාර්තු මාසයේදී සිය ප්‍රතිවාදීන් දෙදෙනකු වූ කපිල සහ සුද්දා වෙඩි තබා ඝාතනය කිරීමට නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන් කටයුතු කළහ. මොවුන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී තණමල්විල වම්බටුවැව ප්‍රදේශයේදී එය නතර කළ නෙළුවේ ප්‍රියන්ත රතු ලොක්කා, පුංචි මල්ලී, කහවත්තේ සුද්දා ඇතුළු සගයන් ඔවුන් ත්‍රිරෝද රථයෙන් පිටතට ගෙන වෙඩි තබා ඝාතනය කළහ. නෙළුවේ ප්‍රියන්ත ඇතුළු පාතාල සගයන් දිනෙන් දින සිදුÊකරන මිනිස් ඝාතන සහ විවිධ අපරාධ නිසා තණමල්විල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව ජීවත් වූයේ දැඩි භීතියෙනි. නෙළුවේ ප්‍රියන්තට එරෙහිව වචනයක් හෝ කතා කළ පුද්ගලයකුට සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.
ගලේ හීන්මහත්තයා කුඩාඔය ප්‍රදේශයේ අහිංසක ගොවියෙකි. ගව පාලනයත්, ගොවිතැනත් කරමින් සාමකාමීව ජීවත් වූ ඔහුගෙන් කිසිවෙකුට හිරිහැරයක් නැත. ගලේ හීන්මහත්තයාගේ පුත්‍රයා ප්‍රියංකරය. අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ප්‍රියංකර කරාතේ සටන් කලාව හදාරමින් සිටියේය.
1995 වර්ෂයේ ජුනි මාසයේ එක් දිනක කිතුල්කොටේ පාසල අසලදී නෙළුවේ ප්‍රියන්තට ප්‍රියංකර මුණගැසිනි. එහිදී ඇති වූ ඉතාම සුළු වචන හුවමාරුවක් නිසා නෙළුවේ ප්‍රියන්ත යක්ෂාවේෂ වූවේය. ඒ වන විට ඔහුගේ බාල සොහොයුරු වූ ප්‍රේමතිලක ද ඒ අසල විය.
සුළු සිදුවීමෙන් කෝපාවිෂ්ඨ වූ නෙළුවේ ප්‍රියන්ත සිය සොහොයුරා සමඟ එක්වී ප්‍රියංකරට පිහියෙන් ඇන කපා කොටා ඝාතනය කළේ කිතුල්කොටේ පාසල ඉදිරිපිට මහ දවල් ය.
2001 වර්ෂයේදී අන්දරවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සූරියවැව රාජා ටී. 56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීමට නෙළුවේ ප්‍රියන්ත ක්‍රියා කළේය. ඒ ඝාතනයට හේතු වූයේ සූරියවැව රාජා ප්‍රසිද්aධියේ නෙළුවේ ප්‍රියන්තට බැන වැදීමය.
2002 වර්ෂයේ මාර්තු මාසයේදී ගාමිණී යන අය වෙඩි තබා ඝාතනය කිරීම එම වසරේ ම ජුනි මාසයේදී හදීන් යන අය ඇඹිලිපිටිය හෝටලයක සිටියදී ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා මරා දැමීම ප්‍රියන්තගේ අපරාධවලින් කිහිපයකි.
මොරයායවත්තේ ගාමිණී නෙළුවේ ප්‍රියන්තගේ සමීපතමයකු විය. ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් ගාමිණීගේ සොහොයුරකු ඝාතනය කර තිබිණි. ඊට පළිගැනීමක් ලෙස නෙළුවේ ප්‍රියන්ත සිය සගයන් ද සමඟÊගොස් අම්බලගෙදර සුමතී නමැත්තා එම්. 84 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළහ. මෙම සිද්ධියම මුල්කරගෙන තලවගෙදර ලොකු අයියා නමැති අය ද ඝාතනය කිරීමට මොවුන් කටයුතු කළහ.
බම්ප් එකක් දාගෙන යන්න ඉතුරු කොටස් දාන්න..