පාතාලයට_බඩු_හරි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    පාතාලයට_බඩු_හරි

    පාතාලය මර්දන මෙහෙයුම් ඇරැඹෙයි
    පොලිසිය හා එස්‌.ටී.එෆ්. අද සිට වැඩ

    VOL3iTb.jpg

    ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් තිබෙන පාතාල සන්නද්ධ කණ්‌ඩායම් මර්දනය කිරීමේ දැවැන්ත මෙහෙයුමක්‌ පොලිසිය සහ පොලිස්‌ විශේෂ කාර්¨ය බළකාය ඒකාබද්ධව ආරම්භ කර ඇත.

    බස්‌නාහිර පළාත කේන්ද්‍ර කරගෙන මෙම මෙහෙයුම් ඒකක ආරම්භ කර ඇති අතර පසුව එය පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී තිබෙන ප්‍රදේශවලටත් ව්‍යාප්ත කිරීමට නියමිතය. බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    පාතාල සන්නද්ධ කණ්‌ඩායම් මර්දනය කිරීමේ කොට්‌ඨාස මෙහෙයුම් ඒකක ලෙස නම්කර ඇති මෙම විශේෂ පොලිස්‌ ඒකක අද සිට (05 වැනිදා) සිය මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇත.

    එක්‌ එක්‌ පොලිස්‌ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් ඒකක පොලිස්‌ පරීක්‍ෂකවරයකු සැරයන්වරුන් දෙදෙනකු කොස්‌තාපල්වරුන් සිවුදෙනකුගෙන් සමන්විතය. මෙම ඒකක සඳහා පොලිස්‌ ජීප් රථයක්‌ සහ අවි ආයුධ ඇතුළු අනෙකුත් පහසුකම්ද ලබාදී ඇත.

    මෙම ඒකකය පැය 24 පුරාම අධීක්‍ෂණය සඳහා සහකාර පොලිස්‌ අධිකාරිවරයකුද යොදවා තිබේ.

    අදාළ පොලිස්‌ බල ප්‍රදේශයේ බරපතළ ගනයේ අපරාධයක්‌ සිදු වූවොත් මෙම පොලිස්‌ ඒකකය එම ස්‌ථානය වෙත සැණෙකින් ගොස්‌ එහි විමර්ශන ආරම්භ කළ යුතුය.

    ඊට අමතරව අදාළ ප්‍රදේශය තුළ සිටින පාතාල අපරාධකරුවන්, හෙරොයින් ජාවාරම්කරුවන් ලියාපදිංචි අපරාධකරුවන් පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ කර තොරතුරු රැස්‌ කිරීමට හා ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙම ඒකකයන්වලට බලය පවරා තිබේ.

    මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී ගෝනහේන, කොළඹ වෝඩ් පෙදෙසේ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ සහ කටුකුරුන්ද කඳවුරේ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සහාය ලබාගැනීමටද නියෝග ලබාදී ඇත.

    ඊට අමතරව හදිසි පොලිස්‌ මාර්ග බාධක යොදා සැක කටයුතු රථවාහන පරීක්‍ෂා කිරීමටද සියලුම පොලිස්‌ ස්‌ථානවලට දැනුම්දී තිබේ.

    මෙම මාර්ග බාධක යොදා කෙරෙන පරීක්‍ෂණවල ප්‍රතිඵල වාර්තාවක්‌ දිනපතා බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වෙත භාරදිය යුතුය.

    මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස්‌ සහ තොරතුරු අපරාධ වාර්තා කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් ලබා ගන්නා ලෙසද සියලුම පොලිස්‌ ඒකක වෙත නියෝග කර තිබේ.

    පසුගිය මාස දෙකක්‌ වැනි කාලසීමාවකදී රටපුරා ක්‍රියාත්මක වන පාතාල කණ්‌ඩායම් සිය ක්‍රියාකාරකම් ශීඝ්‍ර ලෙස ඉහළ දමා ඇත.

    මෙම කාලසීමාවේදී රටපුරා පාතාල මිනීමැරුම් පහළොවකට ආසන්න සංඛ්‍යාවක්‌ සිදුකර තිබිණි. ඊට අමතරව කොල්ලකෑම්, කප්පම් ගැනීම්, හෙරොයින් ජාවාරම් ඇතුළු තවත් අපරාධ රැසක්‌ සිදු කරමින් මුළු රට පුරාම පාතාල භීෂණයක්‌ නිර්මාණය කර තිබේ.

    Code:
    http://www.divaina.com/2016/03/05/news04.html
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    වෙනවනම් හොදයි:nerd:

    ඒ මොකෝ එහෙම කිව්වේ?උබට මතක නැද්ද අපේ STF කොල්ලෝ ගිය සැරේ පාතාලෙට බොග යන්න දීපු හැටි.:Dඕකුන් පට්ටම බයයි STF එකට.:lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පොලිසියත් දකින දකින එකාට වෙඩි තියයිද දන්නේ නෑ :oo:

    ඒ වගේ යුගයක් ඉස්සරනම් තිබ්බ. ඒත් දැන්නම් එහෙම වෙන්නේ නැහැ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    පොලිසියත් දකින දකින එකාට වෙඩි තියයිද දන්නේ නෑ :oo:

    :lol:පොලිසිය කෙසේ වෙතත් STF උන් නම් එහෙම නෑ.ටක්කෙට ඔලුව හිල් වෙන්න දෙයි ඕන එකාට.:rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ආණ්ඩුව මාරු උනාට පොලිසිය මාරු උනේ නෑ නේ :baffled:

    සාමාන්‍ය පොලිස් නිලධාරීන් මාරු නොවුනත් පොලිසියට අණ දෙන්නෝ සහ පොලිස් ලොක්කෝ මාරු වෙලා තියෙන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,419
    113
    ගෝට වගේ තමන්ගේ පාතාල කාරයන්ගේ විරුද්ද වාදීන් මරණ "පාතාල මර්ධනය" නෙමේනම් හොඳයි :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාමාන්‍ය පොලිස් නිලධාරීන් මාරු නොවුනත් පොලිසියට අණ දෙන්නෝ සහ පොලිස් ලොක්කෝ මාරු වෙලා තියෙන්නේ.

    වැඩේ හරියට වෙනවනං හොඳයි ඉතිං බලමුකෝ නේ :nerd:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වැඩේ හරියට වෙනවනං හොඳයි ඉතිං බලමුකෝ නේ :nerd:
    වැරැද්දක් වෙනකන් බලන් ඉන්න එවුන්ට ඉතින් මේවායේ අගයක් නෑ. :nerd:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගෝට වගේ තමන්ගේ පාතාල කාරයන්ගේ විරුද්ද වාදීන් මරණ "පාතාල මර්ධනය" නෙමේනම් හොඳයි :lol:

    ගෝඨාබය රාජපක්ෂට තමන්ගේ ප්‍රයිවට් පාතාලයක් වෙනම තිබ්බ. ඒ ප්‍රයිවට් පාතාලයට ඕන ඕන ආකාරයෙන් මිනි මරන්න ඉඩ දුන්න. තමන්ගේ ප්‍රයිවට් පාතාලයට විරුද්ධවෙන ප්‍රතිවාදී පාතල නායකයින් මරපු එක සහ විරුද්ධ දේශපාලන මත දරපු සාමාන්‍ය මිනිස්සු සහ මාධ්‍යවේදීන් ගාතනය කරපු එක තමයි ගෝඨාබය කලේ. ගෝඨාබයට ඇත්තටම රට ගැන හිතල පාතාලය ලංකාවෙන් අතුගාල දමන්න උවනාවක් තිබ්බේ නැහැ. ගෝඨාබය ඔය නිකන් මිනිස්සුන්ට සහ විරුද්ද දේශපාලන මතධාරින්ව පොලිසිය යොදවල මරනකොට රටේ සමහර මිනිස්සු හිතුවේ ගෝඨාබය පට්ට පොරක් කියල. නමුත් තිරය පිටුපස තිබ්බේ වෙනම කතන්දරයක්.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඒ මොකෝ එහෙම කිව්වේ?උබට මතක නැද්ද අපේ STF කොල්ලෝ ගිය සැරේ පාතාලෙට බොග යන්න දීපු හැටි.:Dඕකුන් පට්ටම බයයි STF එකට.:lol:

    :yes::yes::yes::yes:
    අනිතිමට සමහර එවුන් රට පැනගෙන තමයි බේරුනේ. STF එක එකෙන් අයින් වුනාම තමයි අයෙත් ඕකුන් ටික අවේ. මේ සැරෙත් නෙලන්න ඕනේ නැති වෙන්නම.
     
    Aug 11, 2015
    394
    40
    0
    ගෝඨාබය රාජපක්ෂට තමන්ගේ ප්‍රයිවට් පාතාලයක් වෙනම තිබ්බ. ඒ ප්‍රයිවට් පාතාලයට ඕන ඕන ආකාරයෙන් මිනි මරන්න ඉඩ දුන්න. තමන්ගේ ප්‍රයිවට් පාතාලයට විරුද්ධවෙන ප්‍රතිවාදී පාතල නායකයින් මරපු එක සහ විරුද්ධ දේශපාලන මත දරපු සාමාන්‍ය මිනිස්සු සහ මාධ්‍යවේදීන් ගාතනය කරපු එක තමයි ගෝඨාබය කලේ. ගෝඨාබයට ඇත්තටම රට ගැන හිතල පාතාලය ලංකාවෙන් අතුගාල දමන්න උවනාවක් තිබ්බේ නැහැ. ගෝඨාබය ඔය නිකන් මිනිස්සුන්ට සහ විරුද්ද දේශපාලන මතධාරින්ව පොලිසිය යොදවල මරනකොට රටේ සමහර මිනිස්සු හිතුවේ ගෝඨාබය පට්ට පොරක් කියල. නමුත් තිරය පිටුපස තිබ්බේ වෙනම කතන්දරයක්.

    ඇත්ත මචන් ඒත් ලංකාවේ සමහරක් හරක් තාමත් ඌට මල් තියල වන්දින් නැති ටික විතරයි .. අපේ උන්ට ඔක්කොම පෙන්නේ හරහට නේ.