පාතාලයට_බඩු_හරි
ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් තිබෙන පාතාල සන්නද්ධ කණ්‌ඩායම් මර්දනය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්¨ය බළකාය ඒකාබද්ධව ආරම්භ කර ඇත.
බස්‌නාහිර පළාත කේන්ද්‍ර කරගෙන මෙම මෙහෙයුම් ඒකක ආරම්භ කර ඇති අතර පසුව එය පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී තිබෙන ප්‍රදේශවලටත් ව්‍යාප්ත කිරීමට නියමිතය. බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
පාතාල සන්නද්ධ කණ්‌ඩායම් මර්දනය කිරීමේ කොට්‌ඨාස මෙහෙයුම් ඒකක ලෙස නම්කර ඇති මෙම විශේෂ පොලිස් ඒකක අද සිට (05 වැනිදා) සිය මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇත.
එක් එක් පොලිස් කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් ඒකක පොලිස් පරීක්‍ෂකවරයකු සැරයන්වරුන් දෙදෙනකු කොස්‌තාපල්වරුන් සිවුදෙනකුගෙන් සමන්විතය. මෙම ඒකක සඳහා පොලිස් ජීප් රථයක් සහ අවි ආයුධ ඇතුළු අනෙකුත් පහසුකම්ද ලබාදී ඇත.
මෙම ඒකකය පැය 24 පුරාම අධීක්‍ෂණය සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකුද යොදවා තිබේ.
අදාළ පොලිස් බල ප්‍රදේශයේ බරපතළ ගනයේ අපරාධයක් සිදු වූවොත් මෙම පොලිස් ඒකකය එම ස්‌ථානය වෙත සැණෙකින් ගොස් එහි විමර්ශන ආරම්භ කළ යුතුය.
ඊට අමතරව අදාළ ප්‍රදේශය තුළ සිටින පාතාල අපරාධකරුවන්, හෙරොයින් ජාවාරම්කරුවන් ලියාපදිංචි අපරාධකරුවන් පිළිබඳව පුළුල් විමර්ශනයක් කර තොරතුරු රැස් කිරීමට හා ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙම ඒකකයන්වලට බලය පවරා තිබේ.
මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී ගෝනහේන, කොළඹ වෝඩ් පෙදෙසේ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ සහ කටුකුරුන්ද කඳවුරේ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සහාය ලබාගැනීමටද නියෝග ලබාදී ඇත.
ඊට අමතරව හදිසි පොලිස් මාර්ග බාධක යොදා සැක කටයුතු රථවාහන පරීක්‍ෂා කිරීමටද සියලුම පොලිස් ස්‌ථානවලට දැනුම්දී තිබේ.
මෙම මාර්ග බාධක යොදා කෙරෙන පරීක්‍ෂණවල ප්‍රතිඵල වාර්තාවක් දිනපතා බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වෙත භාරදිය යුතුය.
මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් සහ තොරතුරු අපරාධ වාර්තා කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් ලබා ගන්නා ලෙසද සියලුම පොලිස් ඒකක වෙත නියෝග කර තිබේ.
පසුගිය මාස දෙකක් වැනි කාලසීමාවකදී රටපුරා ක්‍රියාත්මක වන පාතාල කණ්‌ඩායම් සිය ක්‍රියාකාරකම් ශීඝ්‍ර ලෙස ඉහළ දමා ඇත.
මෙම කාලසීමාවේදී රටපුරා පාතාල මිනීමැරුම් පහළොවකට ආසන්න සංඛ්‍යාවක් සිදුකර තිබිණි. ඊට අමතරව කොල්ලකෑම්, කප්පම් ගැනීම්, හෙරොයින් ජාවාරම් ඇතුළු තවත් අපරාධ රැසක් සිදු කරමින් මුළු රට පුරාම පාතාල භීෂණයක් නිර්මාණය කර තිබේ.
පාතාලය මර්දන මෙහෙයුම් ඇරැඹෙයි
පොලිසිය හා එස්.ටී.එෆ්. අද සිට වැඩ

Code:
http://www.divaina.com/2016/03/05/news04.html
ඕකුන් පට්ටම බයයි STF එකට.