පාතාලේට අලුත් ගෝඩ් ෆාදර් කෙනෙක්
මේවන විට පාතාලයේ නව ගෝඩ් ෆාදර් බවට පත්ව සිටින්නේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ රාජා නැමති අයෙක් බවට පොලිස් බුද්ධි අංශය හදුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඔහුගේ නීති විරෝධී ක්‍රියාවන් කරගෙනයාමට කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි ආණ්ඩුවේ ඇමතිවරුන් සිව්දෙනෙකුගේ හා එක් මන්ත්‍රීවරයකුගේ සහය ලැබී ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි පැවසේ.
එසේ සහය ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් දෙදෙනෙකු හා එක් මන්ත්‍රීවරයෙක්ගෙන් හා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන ඇමතිවරු දෙදෙනෙකුගෙන් බවද වාර්තා වේ.
කෙසෙල්වත්තේ රාජාට වෙඩි තැබීම්, කප්පම් ගැනීම්, පැහැර ගැනීම් ආදි චෝදනා එල්ලවී ඇති බවද වාර්තා වේ.
Srilanka Mirror