පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහින&

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    ශ්‍රී ලංකාවේ කිසිදු වගකිව යුතු විද්‍යුත් මාධ්‍යයක් නොමැති බව අපි වගකීමෙන් කියන්නෙමු.
    වෙළඳ දැන්වීම් හිඟා කෑමට වඩා වෙන යමක් ඔවුන්ට ඇත්තේ නැත.
    අලුත් සංකල්ප නිර්මාණය කරන්නට සමත් හිස් ඇති මිනිසුන් නැති බැවින් හිස් මිනිසුන්ගේ හිස් සංකල්පවලට වැඩ කරන මේ හිඟන නාලිකා කටයුතු කරන්නේ පුදුම අත්තනෝමතික ආකාරයෙනි.
    එදිරිසිංහලාට අයත් ස්වර්ණවාහිනිය ද කැමරා ඔසවාගත් ගොබ්බයන් ලවා කලෙක සිට පාරේ කරන නෙයියාඩගමක් ඇත.
    එහි නවත ම සංස්කරණයක් දකින්නට ලැබුණි.
    ඒ නම් මාර්ග නීති කඩකළ පුද්ගලයෙකුට දඩ කොළයක් ලියන ආකාරය නොනවත්වා කැමරා කිරීම යි.
    අනතුරුව එම පුද්ගලයාගේ වාහනයේ අංකය පවා ඉතා හොඳින් පෙන්වන්නට මේ හිඟන නාලිකාව කටයුතු කළේ ය.
    එම අපහසුතාවට ලක් වූ පුද්ගලයා එක් වැදගත් ප්‍රශ්නයක් ඇසුවේ ය.
    මේ රටේ අපිට පෞද්ගලිකත්වයක් නැති ද?
    යන්නයි.
    මේ කැමරා ඔසවා ගත් ගොබ්බයන් නොදැන සිටියා ද ලොව දියුණු සංස්කෘතීන් අනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ශිෂ්ටකමක් සේ සලකයි.
    කෝටි ප්‍රකෝටි ගණන් ඉතා දැනුවත් ව හොරකම් කරන, පොදු දේපළ විනාශ කරන, වනාන්තර විනාශ කරන තැන්වලට මේ ගොබ්බයන් කැමරා රැගෙන යන්නේ නැත.
    තම හිඟන මාධ්‍ය ආයතනය පිහිටා ඇති තැනින් පාරට බැස මිනිසුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් කුණුරස බෙදීම මොවුන්ගේ ලොකු ම හපන්කමයි.

    අත්වැරදීම් ලෙස මාර්ග නීති කඩකිරීම ඕනෑ ම විටෙක සිදු විය හැකි ය. එය ප්‍රවෘත්ති විකාශයක රටට ම පෙන්වන්නට මොවුන්ට ඇති අයිතිය කුමක් ද?
    වගකිවයුතු අංශ කියා ජාතියක් මෙරට ක්‍රියාත්මක වේ නම්, මේ ගැන වහා ක්‍රියාමාර්ග ගත යුතු ය.
    එදිරිසිංහලාට කිව යුතු දෙයක් ඇත.


    ඒ ඔවැනි දේ කරනවාට වඩා ලැට් වළක් කඩා ගෙන කෑම සුදුසු බවයි .
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    අපේ රටේ මාධ්‍ය සදාචාරය බල්ලාට ගොස් ඇත ..
    සමාවන්න බල්ලන් මාධ්‍යට ඇවිත් ඇත .
    කොටින්ම පුද්ගල හිමිකම යන්න කුමක් දැයි නොදන්නා කසිකබල් මාධ්‍ය ජාලා කිහිපයක් විසින් අපේ රටේ මාධ්‍ය හැසිරවීම සීමා කල යුතු කාලය පැමිණ ඇත.
    මේ රූප රාමුවේ සිටින පොලිස් නිලදාරියාටද අනිවාර්යෙන් දඩුවම් කල යුතුයි මන්ද ඔහු විසින් තමන් market කර ගන්නට ඔහුගේ අනුදැනුම ඇතුව මෙම මාධ්‍යවේදියා බාවිතා කර ඇත .

    මාධ්‍ය ජාලා හිමිකරුවෙනි ....
    රුපියල් සත නිසා කරුණාකර මාධ්‍යවේදියා...
    මාධ්‍යවේසියක් නොකරන්න ....
    ආත්ම ගරුත්වය මාධ්‍යවේදියාට මෙන්ම රූප රාමුවේ සිටින පුද්ගලයාටත් ඇති බව සිතන්න ..