ජමාල්;18629537 said:මේක තනියම කරන්න අමාරුයි.. අපි හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙනවා..මේ මතය අපි හැම කෙනා වෙතම අරන් යමු..එතකොට පරද්දන්න පුළුවන්..![]()



ජමාල්;18629196 said:ප්‍රථමයෙන්ම අප ආගම්වාදීන්, අන්තවාදීන් හෝ ජාතිවදීන් නොවන බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. එවැනි ක්‍රියාවන් අප තරයේ හෙලා දකින අතර ඔබටද එවැනි ක්‍රියා හෙලා දැකීමට පසු බට නොවන මෙන් ඉල්ල සිටිමු.
අප ශ්‍රී ලාංකිකයින් ලෙස මෑත ඉතිහාසයෙහි ඉතාම වැදගත් සංධිස්ථානයකට පැමිණ සිටින බව බොහෝ දෙනාගේ මතය සහ අපගේද මතය වේ. පසුගිය දා පැවති චන්දයේදී අප බොහෝ දෙනෙක් බුකියේ අපගේ දේශපාලන අදහස් ප්‍රකාශ කලෙමු. ඒ අනුව මෛත්‍රීපාල මහතා දිනවීමට අදහස් ප්‍රකාශ කල අපද මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට අදහස් ප්‍රකාශ කල ඔබද එකට එකතු වීමට කාලය එලබ ඇත. ඒ රටේ පොදු යහපත උදෙසා ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් එකට එකතුව පාලකයාගෙන් ප්‍රශ්ණ කිරීමටය. අප සියලු දෙනා නිහඩ කරමින් මහජන මුදල් විනාස කරමින් ඒ ගෙවී ගිය කාලය අවසන් කිරීමට අප එකා මෙන් සටන් කලෙමු. අප එයින් පාඩම ඉගෙන ගත යුතු අතර, දෙපැත්තට වී කා කොටා ගනිමින් නැවත එවැනි යුගයකට අත වැනීම නොකල යුතුය.
මෙය හුදෙක් සියලු ශ්‍රී ලංකික, සිංහල, දමිල, මැලේ, මුස්ලිම් හා සියලු දරුවන්ගේ අනාගතය පැහැපත් කිරීමේ අරමුණින් කරන නිහතමානී සටනකි.
අපට කිසිම පාටක් හෝ පක්ෂයක් නොමැත. මෙතැන් සිට අප පාලකයන්ගේ සියලු හොද ක්‍රියාවන් පැසසීමටත් නරක ක්‍රියාවන් ගැරහීමටත් පෙළ ගැසී සිටිමු...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ ලිස්ට් එකට තව ගොඩක් එකතු වෙන්න තියෙනව.. මේ පාරවත් අපි මොලේ පාවිච්චි කරල හොද පාර්ලිමේන්තුවක් රටට හදමු..උබලගේ අදහසුත් කියපල්ලා..
මේ මතය හැමෝම අතරට ගෙන යන්න BUMP කරන්න..

