පාදයාත්රාව 2019 ( II )
පාද යාත්‍රාව දෙවන දවසත් පලවෙනි දවස
http://www.elakiri.com/forum/showthread.php?t=1911416 ටත් වඩා අපුරුවට ගෙවිලා ගියා .....
දෙවන දවස....
පුලුවන් තරම් උදේ ගමන පටන් ගන්න එක ලේසියි කියලා ඊයේ අත්දැකීමෙන්ම මීටර් වෙලා තිබ්බේ
ඇත්තටම initial plan එකේ තිබ්බේ දෙවන දවසේ 16km
ගිහින් ළිං තුන හරියේ නවතින්න.
ඊයේ යි කලින් අහපු විස්තර වලයි කිව්වේ ළිං තුන ඉදන් තව 3km වගේ නවතින ප්ලේස් එකක් තියෙනවා එතන ඉන්න. කියලා අපිත් ඒ ප්ලෑන් එකට තමා වැඩේ පටන් ගත්තේ
උදේ පාන්දරම 5 වගේ වෙද්දි යන්න ලෑස්ති උනා. මූන ටිකක් හෝද ගත්තම පට්ට ෆ්‍රෙශ් ගතියක් ආවේ. සැපටම නින්ද ගියා රෑ.
පාන්දරම ටී එකක් ගහලා උදේ කෑම මගදි ප්ලෑන් කරලා 5.50 ටවගේ ගේට් එක අරිනවාත් එක්කම අපිත් පිටත් උනා
හරෝ හරා සද්දේ ගමනට ලොකු උදව්වක් උනා...
ගමන් මග වැටිලා තිබ්බේ ගං ඉවුරට සමාන්තරව ඒත් එගොඩ වෙන්න වතුර සැර නිසා 1.5 kmවගේ උඩට ගිහින් එගොඩ වෙන්න උනා
මුල් කෑල්ල ටිකක් නිදහසේ වේගෙන් ඇද්දා ෆ්‍රෙශ් පිට නිසා වැඩි අමාරුවක් උනේ නෑ අව්වත් වැඩි වෙනවත් එක්ක පොඩ්ඩ්ක් ගමන වේගේ අඩු උනත් 10 වෙද්දි අපි ළිං තුනට ආවා
ඒ එන මග මොර, පලු එහම කකා ආවේ (විශේශයෙන් කියන්න ඕනේ. මේ හරියට ඇතුල්වීම සපුරා තහනම්.
පාද යාත්‍රාවේ විතරයි අවසර තියෙන්නේ
)
ළිං තුන ඇත්තටම ලොකු නැවතුම් ස්ථානයක්. මෙතනට ළිං තුන කියන්නේ ආඩි ළිං තුනක් තියෙන නිසා

එතන ලොකු වෛද්‍ය කදවුරක් එහම තියෙනවා
සිංහල ඩොක්ටර් කෙනෙක් එහම හිටියේ අපිත් එක්ක හරිම හොදට කතා කලා ඒ ස්ටාෆ් එක. වයිල්ඩ් ලයිෆ් අයියලා එහම ඊළගට යන්න තියෙන විදිය ගැන කියලා පුළුවන් නම් අදින්න කිව්වා...
ළිං තුනට එද්දිම කදවුර ගාවම කරාඹුනැටි කුරුදු එහම දාපු රහම රහ ප්ලේන්ටියයි. හුලං විස්කෝතුයි දන්සැලක්. ඒ වගේ වෙලාවට ඒ තේකෙන් ඇගම කූල් වෙනවා.
ඉතින් දවස එහෙම්මම නිසා පැයක විතර පොඩි රෙස්ට් එකක් අරන් අපි ඊළග නැවතුමට යන්න පිටත් උනා
අව්ව ගන සැරේට ගහන වෙලාව නිසා අපේ ගමනත් හෙමින් උනා
මගදි සිංහල අන්කල් කෙනෙකුත් සෙට් උනා. එයතෙක්ක කතාවකුත් දාගෙන. පාදයාත්රාවේ මුලාරම්භයයි, කැබිලිත්ත දේවාලය හාස්කම් වගේ ඒවා කතා කර කර දෙවෙනි තැනට ආවා.
මේ වෙද්දි අපේවතුරත් ඉවර වෙලා තිබ්බේ. ලිං තුනෙන් වතුර ටැංකි තිබ්බත් පෝලිම නිසා අපි අනිත් තැනින් ගමු කියලා පිටත් උනා
බඩත් ගිනී අව්වත් සැර නිසා දෙවන කාම්ප් සයිට් එකේ වතුර ටැංකියෙන් වතුර පුරවන් උයන්න ගත්තා.
මේ වෙනකොට ඒ සයිට් එකේ වැඩි සෙනගක් හිටියෙත් නෑ. හැබයි වතුර ඉවරවෙන්න ළගයි ටැංකියේ.හමුදා පෝස්ට් එකේ අයියලා නම්කිව්වේ බවුසරක් වැල්ලේ එරිලා ඒක එනකන් වතුර නැති වෙයි කියලා
වතුර බෝතල් වලට පුරවන් බතකුයි සෝයා මීට් පරිප්පුවක් දවල් කෑමට උයා ගෙන පැය දෙකක් වගේ රෙස්ට් එකක් ගත්තා
ඊළග නැවතුම් පොළ දන්සල ළග ඒකිව්වේ මෙතන ඉදන් 12km වගේ. අව්වසැර නිසා පොඩ්ඩක් ඉදලා එතනට අදින්න අපි තීරණය කලා.
ඒ අස්සේ ටිකෙන්ටික සෙනගත් ආවා කදවුරු පිටියට. පුංචි උන් එක්ක ආපුනඩේකට අපි ළග තිබ්බ චොකලට් ටිකකුයි, බොන්න වතුර බෝතලේකුයි දීලා දන්සලට යන්න පිටත් උනා
ඒ ටික ඇත්තටම අමාරුයි මොකද වේලිච්ච වැව් පිටියකින් යන්න ඕනේ. අව්වයි හුළගයි අපිට දිගටම බැට දුන්නා
ඒ වෙද්දි අපේ නඩේ. එක්කෙනෙක් ගෙ කකුල පොඩ්ඩ්ක් අවුල් ගිහින් තිබ්බ නිසා ගමන තවත් හෙමින් උනේ
කොයින් කොහොම හරි 5.30 වගේ වෙද්දි දන්සලක 2km වගේ මෙහායින් තියෙන ආමි පෝස්ට් එක හම්බුනා
මෙතන අලි එහම එන නිසා ලොකු ගිනි මැලයක් ගහන්න එහම ලෑස්ති වෙලා ඉන්නේ. ආමි කොල්ලො 5 , උන් ටික එක්ක කතා කලාම "මල්ලි අපිත් ඉන්නවා උබලා මතන ඉදපන් ..... " නොදන්නා දෙමළ අය අස්සෙ ඉන්නවාට වඩා අපේ කොල්ලො සෙට් එකක් එක්ක කයියක් දාන් ඉන්න එක අපිත් satis නිසා එතන නවතින්න තීරණය කලා

ආමි අයියලා දෙන්නෙක් එක්ක කලපුවට ගිහින් නාගෙන එහම ඇවිත්. (ඈතින් වල් ඌරෝ සෙට් එකකුයි, 10 කට වැඩි අලි රංචුවකුත් නාන්න ගිය වෙලේ දැක්කා )රෑකෑමත් උයාගෙන අපි පොඩි කයියක් ගහගෙන ගිනි මැලේ රස්නියේ අහස යටට වෙලා නිදාගත්ත. ඊයෙට වඩා අද අහස ලොකුවටම තිබ්බා. මොකද ගස් කොළන් මොකුත් නැති තනි වැව් පිටිය නිසා
(රෑ දෙගොඩ හරියේ නරි හූ කියනවාත් ඇහුනා.
)
අවසාන දිනයේ අවසාන කොටසත් ඉක්මනටම දාන්නම්.....
කුඹුක්කන් ඔය තරණය
ළිං තුන - වෛද්‍ය කදවුර
ගිනි කන වැටුන වැව් පිටිය
අනිච්චාවත සංඛාරා
ඈතින් හැංගෙන්න හදන ඉර
දවසක අවසානයේ, ගිනිමැලය ලග
පාද යාත්‍රාව දෙවන දවසත් පලවෙනි දවස
http://www.elakiri.com/forum/showthread.php?t=1911416 ටත් වඩා අපුරුවට ගෙවිලා ගියා .....
දෙවන දවස....

පුලුවන් තරම් උදේ ගමන පටන් ගන්න එක ලේසියි කියලා ඊයේ අත්දැකීමෙන්ම මීටර් වෙලා තිබ්බේ
ඇත්තටම initial plan එකේ තිබ්බේ දෙවන දවසේ 16km
ගිහින් ළිං තුන හරියේ නවතින්න. ඊයේ යි කලින් අහපු විස්තර වලයි කිව්වේ ළිං තුන ඉදන් තව 3km වගේ නවතින ප්ලේස් එකක් තියෙනවා එතන ඉන්න. කියලා අපිත් ඒ ප්ලෑන් එකට තමා වැඩේ පටන් ගත්තේ
උදේ පාන්දරම 5 වගේ වෙද්දි යන්න ලෑස්ති උනා. මූන ටිකක් හෝද ගත්තම පට්ට ෆ්‍රෙශ් ගතියක් ආවේ. සැපටම නින්ද ගියා රෑ.
පාන්දරම ටී එකක් ගහලා උදේ කෑම මගදි ප්ලෑන් කරලා 5.50 ටවගේ ගේට් එක අරිනවාත් එක්කම අපිත් පිටත් උනා
හරෝ හරා සද්දේ ගමනට ලොකු උදව්වක් උනා...
ගමන් මග වැටිලා තිබ්බේ ගං ඉවුරට සමාන්තරව ඒත් එගොඩ වෙන්න වතුර සැර නිසා 1.5 kmවගේ උඩට ගිහින් එගොඩ වෙන්න උනා
මුල් කෑල්ල ටිකක් නිදහසේ වේගෙන් ඇද්දා ෆ්‍රෙශ් පිට නිසා වැඩි අමාරුවක් උනේ නෑ අව්වත් වැඩි වෙනවත් එක්ක පොඩ්ඩ්ක් ගමන වේගේ අඩු උනත් 10 වෙද්දි අපි ළිං තුනට ආවා
ඒ එන මග මොර, පලු එහම කකා ආවේ (විශේශයෙන් කියන්න ඕනේ. මේ හරියට ඇතුල්වීම සපුරා තහනම්.
පාද යාත්‍රාවේ විතරයි අවසර තියෙන්නේ
)ළිං තුන ඇත්තටම ලොකු නැවතුම් ස්ථානයක්. මෙතනට ළිං තුන කියන්නේ ආඩි ළිං තුනක් තියෙන නිසා

එතන ලොකු වෛද්‍ය කදවුරක් එහම තියෙනවා
සිංහල ඩොක්ටර් කෙනෙක් එහම හිටියේ අපිත් එක්ක හරිම හොදට කතා කලා ඒ ස්ටාෆ් එක. වයිල්ඩ් ලයිෆ් අයියලා එහම ඊළගට යන්න තියෙන විදිය ගැන කියලා පුළුවන් නම් අදින්න කිව්වා...
ළිං තුනට එද්දිම කදවුර ගාවම කරාඹුනැටි කුරුදු එහම දාපු රහම රහ ප්ලේන්ටියයි. හුලං විස්කෝතුයි දන්සැලක්. ඒ වගේ වෙලාවට ඒ තේකෙන් ඇගම කූල් වෙනවා.

ඉතින් දවස එහෙම්මම නිසා පැයක විතර පොඩි රෙස්ට් එකක් අරන් අපි ඊළග නැවතුමට යන්න පිටත් උනා
අව්ව ගන සැරේට ගහන වෙලාව නිසා අපේ ගමනත් හෙමින් උනා
මගදි සිංහල අන්කල් කෙනෙකුත් සෙට් උනා. එයතෙක්ක කතාවකුත් දාගෙන. පාදයාත්රාවේ මුලාරම්භයයි, කැබිලිත්ත දේවාලය හාස්කම් වගේ ඒවා කතා කර කර දෙවෙනි තැනට ආවා.
මේ වෙද්දි අපේවතුරත් ඉවර වෙලා තිබ්බේ. ලිං තුනෙන් වතුර ටැංකි තිබ්බත් පෝලිම නිසා අපි අනිත් තැනින් ගමු කියලා පිටත් උනා
බඩත් ගිනී අව්වත් සැර නිසා දෙවන කාම්ප් සයිට් එකේ වතුර ටැංකියෙන් වතුර පුරවන් උයන්න ගත්තා.
මේ වෙනකොට ඒ සයිට් එකේ වැඩි සෙනගක් හිටියෙත් නෑ. හැබයි වතුර ඉවරවෙන්න ළගයි ටැංකියේ.හමුදා පෝස්ට් එකේ අයියලා නම්කිව්වේ බවුසරක් වැල්ලේ එරිලා ඒක එනකන් වතුර නැති වෙයි කියලා

වතුර බෝතල් වලට පුරවන් බතකුයි සෝයා මීට් පරිප්පුවක් දවල් කෑමට උයා ගෙන පැය දෙකක් වගේ රෙස්ට් එකක් ගත්තා
ඊළග නැවතුම් පොළ දන්සල ළග ඒකිව්වේ මෙතන ඉදන් 12km වගේ. අව්වසැර නිසා පොඩ්ඩක් ඉදලා එතනට අදින්න අපි තීරණය කලා.
ඒ අස්සේ ටිකෙන්ටික සෙනගත් ආවා කදවුරු පිටියට. පුංචි උන් එක්ක ආපුනඩේකට අපි ළග තිබ්බ චොකලට් ටිකකුයි, බොන්න වතුර බෝතලේකුයි දීලා දන්සලට යන්න පිටත් උනා
ඒ ටික ඇත්තටම අමාරුයි මොකද වේලිච්ච වැව් පිටියකින් යන්න ඕනේ. අව්වයි හුළගයි අපිට දිගටම බැට දුන්නා
ඒ වෙද්දි අපේ නඩේ. එක්කෙනෙක් ගෙ කකුල පොඩ්ඩ්ක් අවුල් ගිහින් තිබ්බ නිසා ගමන තවත් හෙමින් උනේ
කොයින් කොහොම හරි 5.30 වගේ වෙද්දි දන්සලක 2km වගේ මෙහායින් තියෙන ආමි පෝස්ට් එක හම්බුනා
මෙතන අලි එහම එන නිසා ලොකු ගිනි මැලයක් ගහන්න එහම ලෑස්ති වෙලා ඉන්නේ. ආමි කොල්ලො 5 , උන් ටික එක්ක කතා කලාම "මල්ලි අපිත් ඉන්නවා උබලා මතන ඉදපන් ..... " නොදන්නා දෙමළ අය අස්සෙ ඉන්නවාට වඩා අපේ කොල්ලො සෙට් එකක් එක්ක කයියක් දාන් ඉන්න එක අපිත් satis නිසා එතන නවතින්න තීරණය කලා

ආමි අයියලා දෙන්නෙක් එක්ක කලපුවට ගිහින් නාගෙන එහම ඇවිත්. (ඈතින් වල් ඌරෝ සෙට් එකකුයි, 10 කට වැඩි අලි රංචුවකුත් නාන්න ගිය වෙලේ දැක්කා )රෑකෑමත් උයාගෙන අපි පොඩි කයියක් ගහගෙන ගිනි මැලේ රස්නියේ අහස යටට වෙලා නිදාගත්ත. ඊයෙට වඩා අද අහස ලොකුවටම තිබ්බා. මොකද ගස් කොළන් මොකුත් නැති තනි වැව් පිටිය නිසා
(රෑ දෙගොඩ හරියේ නරි හූ කියනවාත් ඇහුනා.

)අවසාන දිනයේ අවසාන කොටසත් ඉක්මනටම දාන්නම්.....
කුඹුක්කන් ඔය තරණය
ළිං තුන - වෛද්‍ය කදවුර
ගිනි කන වැටුන වැව් පිටිය
අනිච්චාවත සංඛාරා
ඈතින් හැංගෙන්න හදන ඉර
දවසක අවසානයේ, ගිනිමැලය ලග