පාදයාත්‍රාව 2019 ( III )

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පාදයාත්‍රාව 2019 ( III )

    පලවෙනි දවස http://www.elakiri.com/forum/showthread.php?t=1911416, දෙවෙනි දවස http://www.elakiri.com/forum/showthread.php?t=1912009 ගෙවිලා අන්තිම දවසටත් ආවා

    ගිනිමැලය හෙමින් හෙමින් නිවිලා යද්දි ඉරත් ටිකෙන් ටික උඩට නගින්න ගත්තා:D:D

    මේ හරියේ පිටිය මැදට සිග්නල් 4g අහුවෙනවා කියලා ආමි අයියලා කිව්ව නිසා gps map එකත් බලන්න කියලා අපි 4g ත් අල්ලගෙන පෝස්ට් එකක් එහමත් දාලා ආමි එකේ කොල්ලන්ටත් තේකක් දීලා අපිත් තේ බීලා ගමන පටන් ගත්තා. (මෙතන හැබයි ගොන් වැඩක් කලා දවස් දෙකක දුර අල්ලපු නිසා අපි පොඩ්ඩක් පරක්කු වෙලා තමා ගමන පටන් ගත්තේ):no::no:
    වරහනට මෙතන ඉදන් 14ක් වගේ තිබ්බේ. මුල්ම ප්ලෑන් එකේ තිබ්බ විදියට අපි වරහනේ නවතින්න කියලා තමා හිතන් හිටියේ :yes::yes:


    එතන ඉදන් 2km වගේ ආවම දළදා මාලිගාවේ දියවඩන නිළමේ දෙන දන්සල. බඩ කට පිරෙන්න සුදුබත් මදි නොකියන්න බඩට දාගත්තා. හෙමින් හෙමින් ගමන පටන් ගත්තා. විස්තරේ විදියට නම් මෙතනින් ටික දුරක් ගියාම මැනික් ගගේ පරණ තොටුපල... හැබයි මැප් එකේ විදියට නම් open area දෙකක් හරහා යන්න උනා. අව්වේ සැර හොදට දැනුනා. කාලා නිසා පොඩ්ඩක් ඇවිදින්න ඇගත් හොර කලේ නැතුවම නෙවේ.

    පරන තොටුපලට ආවා. මැනික් ගගේ වතුර ටික දැක්කම මහන්සිය ඔක්කොම හේදිලා ගියා. වතුරට දෙපාරක් හිතන්නේ නැතුව ...
    නාලා ගොඩට එද්දි fresh , ඔහොම්ම ගමන පටන් ගත්තා. බොන වතුර ඉවරවෙන්න ළං වෙලා තිබ්බත් මෙතන ටැංකි දෙක ළග පෝලිම ඉන්න බැරි නිසා අපි මගින් ගමු කියලා පිටත් වෙන්න කලින් පොඩ්ඩක් රෙස්ට් එකක් ගද්දි. දෙමළ නඩයක් බලෙන්ම කතා කරලා උනු උනු එවෙලේ කබලෙන් බාපු රොටියි පරිප්පුයි කන්න කියලා දුන්නා. (දෙමළ අයගේ පරිත්‍යාගසීලිත්වය මුලු ගමනෙම දැක්කා). බෑ කියන්න බැරි නිසාත් පොඩි බඩගින්නකුත් තිබ්බ නිසා රොටි ටිකත් කාලා. අපි ළග තිබ්බ චොකලට් ටිකකුත් ඒ නඩේ හිටපු පොඩි අයට බෙදලා වරහනට එන්න පිටත් උනා.

    කඩරකී
    හරෝ හරා
    මුරුග්නකී
    හචෝ හරා

    අරෝ හරා
    හරෝ අරා

    දෙමළ අයගේ කවිත් එක්කම ඒවාට හූමිටි තිය තිය අපිත් පිටත් උනා:yes::yes:

    මේ හරිය ටිකක් විතර අමුතු ෆීලින් එකක් දෙන්නේ වම් පැත්තෙන් මැනික් ගග දකුනේ කැලෑව ලොකු අව්වකුත් නෑ. කතරගම දෙයියන්ගේ අඩවිය. :yes:මුවෝ එහම සෑහෙන්න දැක්කා. අපිත් හෙමින් හෙමින් ගියා ලොකු හදිස්සියක් තිබ්බෙත් නෑ. ඒ වගේම එක්කෙනෙක්ගේ කකුල පොඩ්ඩක් අවුල් නිසාත්
    අතර මගදි ගගට බැහලා ආයෙත් නෑවා. මහන්සි නම් ගග අයිනේ පොඩ්ඩක් ඇලර්ට් එකක් දාලා සම්පෝශ රෙඩිමික්ස් :D එහම කාලා තේ එකක් බීලා හෙමින් වරහනට එද්දි 2ට වගේ ඇති .
    මොකද කරන්නේ
    බඩගින්නකුත් නෑ දවසත් ඉතිරි යි.
    කටගමුවට යන්ද?


    ඔන්න අපේ ප්‍රශ්නය..
    වරහනේ ආමි ඔෆිසර් කෙනෙක් ගෙන් ඇහුවාම කිවෙ තව කටගමුවටම 3km;) වගේ තියෙන්නෙ ...
    කියන්න තරම් ඇගේ ලොකු අමාරුවක් තිබ්බෙත් නැති නිසා අපි කටගමුවෙන්ම නවත්තින්න තීරනේ කලා:cool::cool:

    වරහන කියන්නෙ සෆාරි ජීප් වල අන්තිම පොයින්ට් එක. ඒ කිව්වේ දැන් ඉන්නේ මිනිස්සුීන්න ඒරියා එකේ.. හෙමින් හෙමින් වරහනින් ගොඩ වෙලා කටගමුවට යන්න ආවේ හවස 5 වෙද්දි කටගමුව වහනවා කියලා දන්න නිසා. :dull::dull:
    මේ ඒරියා එකේ නම් ඇතිවෙන්න සත්තු දැක්කා හවස නිසා වෙන්න ඇති . අලි කිඹුලා ඌරා වගේම ඈතින් කොටියෙකුත් දකින්න පිං කරලා තිබ්බා. :yes:

    සෆාරි ජීප් වල ආපු සමහර මිනිස්සු නවත්තලා අපිත් එක්ක කතා කරලා යන්නත් අමතක කලේ නෑ... :love::love:
    කොහොම කොහොම හරි වෙලාවට කටගමුවට ආවා හවස 4 ට වගේ ඇති. එතනම ජනාධිපති කාර්‍යාලේ දන්සල. බඩගින්නත් තිබ්බ නිසා මූනකට පොඩ්ඩ්ක් හෝදන් කාලා හිටියා .කටගමුව enternce එකේ වැසිකිලි එහමත් තියෙන නිසා අවුලක් උනේත් නෑ.

    මෙතන ඉදන් පාරවල් 2:oo:
    • එකක් වැව මැදින් 8km
    • පාර
    • අනිත් එක 17km නොමර්ල් පාර
    වැව මැද පාරේ යන්න බෑ කියලා තමා එතන අයියලා ඔක්කොම කිවෙ
    17 ක් අදින්න බෑ කොහොමත් වෙලාවත් නෑ. අනික රෑට අලියාත් පාරට එනවා
    ඉතින් නවතින්න තීරනේ කලා... ;) ;)


    ආමි එකේ කොල්ලෝ සිංහල අපිට සලකන නිසා උන්ගේ නාන්න තිබ්බ ශවර් එකත් අපිටත් නා ගන්න කියල දුන්නා. දවස් ගානකින් හොද වතුරටිකකින් නාලා බඩ පිරෙන්න කාල ළග තිබ්බ අලුතින් හදපු බිල්ඩින් එකේ ටයිල් පොළවේ ඇලවුනා... උදෙන්ම ගමන පටන් ගන්න කියලා. හවස 2.30 highway bus එකේ ආපහු කොළඹ එන්න කියල තමා බලාපොරොත්තුව

    ඔන්න ඉතින් පාන්දරම නැගිටලා එතන අයියලාටත් ස්තුති කරලා ඉර නගිනවාත් එක්කම වගේ කතරගම දෙවියන් වදින්න පිටත් උනා. .. හෙමින් හෙමින් කතරගමටම එද්දි 10.30 ට වගේ ඇති. මැනික් ගගෙන් නාලා සුදු ඇදලා කතරගම දේවාලෙට ඇතුලු උනා...

    සහරාන්ගේ වැඩ නිසා මෙතනදිත් අපේ බෑග් ඔක්කොම ඇදලා පෙන්නන්න උනා. හට්ටි මුට්ටි එලියට එද්දි, ආමි අයියලාත් හැබයි ඇහුවා මොකද මෙච්චර පයින් ආවේ කියලා. කොහොම හරි තඩි බැක් පැකුත් උස්සන් අපි දේවාල බිමට ඇවිත් කතරගම දෙවි නමස්කාර කරලා
    කිරිවෙහර පිහිට පතලා ජීවිතේට ගන්න පුලුවන් අමුතුම අත්දැකීමක් නැවුම් අත්දැකීමක් එකතු කරන් ලබන පාර හෙමින් දවස් 5ක් විතර නවතින්න බලාගෙන පාදයාත්‍රාවේ යනවා කියලා හිතාගෙන, කතරගමින් වෙන් උනේ ගෙවල් බලා කොළඹට එන අදහසින්


    https://imgur.com/cBIHNr1
    rpBSK4m


    rpBSK4m
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අන්තිමට දාපු පින්තුරේ පේන්නේ නැහැ නේ ......:sorry:


    :love::love::love::love:
    ගමන නම් කියල වැඩක් නැහැ බන්.....ආසයි. මමත් ජීවිතේ එක වතාවක හරි යන්න ආසාවෙන් ඉන්න ගමනක් පාද යාත්‍රාව.
    මේ අවුරුද්දෙත් යන්න හැකි වුනේ නැහැ.
    :dull::dull::dull:
     
    • Like
    Reactions: The Hacker

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කැලැ මැද්දේ නිදාගෙන ඉන්න බයක් නැද්ද බන් සතෙක් එහෙම ඇදන් යයි කියලා නයි පොළොංගු ගෙන් කරදරයක් නැද්ද
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අන්තිමට දාපු පින්තුරේ පේන්නේ නැහැ නේ ......:sorry:


    :love::love::love::love:
    ගමන නම් කියල වැඩක් නැහැ බන්.....ආසයි. මමත් ජීවිතේ එක වතාවක හරි යන්න ආසාවෙන් ඉන්න ගමනක් පාද යාත්‍රාව.
    මේ අවුරුද්දෙත් යන්න හැකි වුනේ නැහැ.
    :dull::dull::dull:

    මාත් ආයේ යන්න ඕනේ ඊලග අවුරුද්දේ හෙමිට ....
    අන්තිමට දාපු පින්තුරේ පේන්නේ නැහැ නේ ......
    මං අප්ලෝඩ් කරපු සර්වර් එකේ අවුලක් බන් මන් හිතන්නේ . free and open server එකක් පොඩ්ඩක් දැනුවත් කරපංකෝ .. අපරාදේ පොටෝ 20 ක් විතර ඇල්බම් එකක් දැම්මා මේ පාර :(:(:(
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කැලැ මැද්දේ නිදාගෙන ඉන්න බයක් නැද්ද බන් සතෙක් එහෙම ඇදන් යයි කියලා නයි පොළොංගු ගෙන් කරදරයක් නැද්ද

    පාද යාත්‍රාවේ නම් හොදට එලි කරපු තැන් තියෙනවා බන් නිදාගන්න , එහම ලොකු අවුලක් නම් නෑ , කැලේ camping එහම යනවා නම් කෑම්ප් කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා වෙලුනු කොළ එහම නැති හරියක් බලලා තමා camp කරන්නේ :yes::yes:
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    වැරදීමකින් පොටෝ ටික අප්ලෝඩ් වෙලා තිබ්බේ නෑ , සමාවෙන්න ඕන
    පල්ලෙහා තියෙනවා ඇස ගත්ත ටිකක්


    IMG-8061.jpg

    තුන්ඉවන දවසට ඉර උදාව ...

    IMG-8075.jpg

    දවස් තුනකින් කාපු රසම කෑම වේල ..

    IMG-8082.jpg

    පරණ තොටුපලේ විඩා නිවන කල ...


    IMG-8106.jpg

    කතරගම් දෙවි අඩවියේ වන මං ඔස්සේ ...

    IMG-8130.jpg

    වරහන කදවුර ...

    IMG-8138.jpg

    වරහන පාලම ...


    IMG-8144.jpg

    හිංදු විශ්වාස ඇදහිලි ...


    IMG-8156.jpg

    කතරගම යන අතරමග ආශීර්වාද ලබා ..


    IMG-8173.jpg

    රාත්‍රියේ පාර මාරු උන අලි...


    IMG-8185.jpg

    යාල වනපෙතේ අවසානය ...


    IMG-8215.jpg

    කතරගම දෙව් අඩවිය


    IMG-8219.jpg

    කිරිවෙහර
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පාද යාත්‍රාවේ නම් හොදට එලි කරපු තැන් තියෙනවා බන් නිදාගන්න , එහම ලොකු අවුලක් නම් නෑ , කැලේ camping එහම යනවා නම් කෑම්ප් කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා වෙලුනු කොළ එහම නැති හරියක් බලලා තමා camp කරන්නේ :yes::yes:

    :cool::cool:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    patta machan TFS math yanna asai kawada hari eth mata oya wage gamanak pain yanawa kiyanne hinayak danam. :(:(:(

    meka beda gatha eka godak watinawa.

    අඇයි බන් ඒ? මේක පොඩි උනුත් යනවා බන්, අපි හදිස්සියේ ගියාට දෙමල ය යන්නේ දවස් 5ක් විතර අරන් හීමිට අපිටත් ඒ විදියට ලස්සනට හෙමිට යන්න පුළුවන්, ලොකු අමාරුවක් නෑ