පාද යාත්‍රාවට රනිල්ගෙන් කැම්බල් පිටිය

monson

Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    පාද යාත්‍රාවට රනිල්ගෙන් කැම්බල් පිටිය

    හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පාද යාත්‍රාවේ අවසන් දිනය වන අද (01) දවස අවසානයේ එහි රැළිය පැවැත්වෙන නිශ්චිත ස්ථානයක් නොමැති බව උදෑසන මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊට හේතු ලෙස දක්වා තිබුණේ පාද යාත්‍රාව අවසන් කිරීමට නියමිතව තිබූ හයිඩ් පිටිය යහපාලන ආණ්ඩුව විසින් අළුත්වැඩියාවක් සඳහා යොදාගෙන ඒකාබද්ධ විපක්ෂයට බාධා පමුණුවන බවය. කෙසේ වෙතත් 'ලංකා නිවුස් වෙබ්' වෙත ආරංචි වන ආකාරයට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සහයෝගයෙන් අද දින පාදයාත්‍රාව අවසන් කිරීම සඳහා බොරැල්ල කැම්බල් පිටිය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස වෙත ලැබී තිබේ.

    ආරංචි මාර්ග පවසන ආකාරයට අද උදෑසන මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමතා පා ගමනේ අවසන් රැළිය සඳහා පිටියක් ලබාදෙන මෙන් ඉල්ලා ඇත. දැනට විදේශ ගතව සිටින අගමැතිවරයා මහින්ද මහතාට පවසා ඇත්තේ ජනාධිපතිවරයාගෙන්ද විමසා ඊට අවශ්‍ය කටයුතු සකස් කරන බවය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් ලැබී ඇත්තේ මහින්ද මහතාගේ පාගමනේ සිටින සෙනඟට ගැලපෙන පරිදි ක්‍රීඩා පිටියක් සපයා දෙන ලෙසය. එහිදී බොරැල්ල කැම්බල් පිටිය සහ ගෝල්ෆේස් පිටිය අගමැතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කර ඇති අතර තම සෙනඟට සාපේක්ෂව කැම්බල් පිටිය මහින්ද රාජපක්ෂ විසින් තෝරාගෙන ඇත. :lol: එනිසා අද සවස ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ අවසන් රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතය.

    රටට පෙනෙන්නට ආණ්ඩු විරෝධය සහ ආණ්ඩුවේ කෙණෙහිලිකම් පිළිබඳව කෙතෙක් උඩින් මොරදුන්නද ඒකාබද්ධ විපක්ෂය තම ගැටළු වලට විසඳුම් සොයන්නේ අගමැති සහ ජනපති හරහා පස්සා දොරින් බව මේ අනුව පෙනේ.


    - http://sinhala.lankanewsweb.net/news/item/4924-2016-08-01-09-07-41

     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    Smallest ground in Colombo :rofl:

    පාදයාත්‍රාව හයිඩ් පාර්ක් දෙසට

    01 August 2016


    රැළිය පැවැත්වීම සඳහා බොරැල්ල කැම්බල් පිටිය ලබාදීමට බලධාරීන් එකඟවී ඇතත් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඊට කැමැත්ත ප්‍රකාශ කර නැතයි වාර්තා වේ.

    තමන් ඉල්ලූ කිසිදු පිටියක් ලබානොදීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වා ඇති සංවිධායකයින් තම ජන රැළිය සවස හයිඩ් පාර්ක්හි පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

    ජනසටන පාදයාත්‍රාව කොළඹ,බේස්ලයින් මාර්ගයට අවතීර්ණවී ඇති හෙයින් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/15596-pada-yathrawa-hide-park-an
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    අල්ලක් විතර පිට්ටනියක් හොයාගෙන කෑගහයි පිට්ටනිය පිරෙන්න සෙනග කියල
     
    • Like
    Reactions: Naradapathum

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පා ගමන් ගියාම නොවන දේවල්:
    ==========================
    + පවතින රජය වැටීම සහ මහින්ද අගමැති වීම

    පා ගමන් ගිහින් පහුවදාම වෙන්ඩ පුළුවන් දේවල්:
    =======================================
    + 6% ලැබීම
    + විල්පත්තුවෙහි අනවසර නිවාස ඉවත් වී කපා දැමූ ගස් නැවත මතු වීම
    + සියළුම ආකාරයේ පිළිකා හා දියවැඩියා රෝගීන් සුවවීම.
    + පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි වීම
    + ළමා අයිතීන් සුරක්ෂිත වීම හා මන්දපෝෂණය තුරන් වීම
    + දුම්වැටි, මත්ද්‍රව්‍ය තුරන් වීම
    + තමා ඉගෙනුම ලබන පාසල රටෙහි අංක 1 බවට පත්වීම
    + මරාගේ ආණ්ඩුව බිඳවැටීම
    .
    එසේම ඉහත ආකාරයේ පසුවදාම ප්‍රතිපල දෙන ආකාරයේ පා ගමන්වල පමණක් යෙදීමන් පාරේ දෛනිකව ගමන් ගන්නා මගීන්ට කරදර, අපහසුතා සිදුවීම වළක්වාගත හැක.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පා ගමන් ගියාම නොවන දේවල්:
    ==========================
    + පවතින රජය වැටීම සහ මහින්ද අගමැති වීම

    පා ගමන් ගිහින් පහුවදාම වෙන්ඩ පුළුවන් දේවල්:
    =======================================
    + 6% ලැබීම
    + විල්පත්තුවෙහි අනවසර නිවාස ඉවත් වී කපා දැමූ ගස් නැවත මතු වීම
    + සියළුම ආකාරයේ පිළිකා හා දියවැඩියා රෝගීන් සුවවීම.
    + පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි වීම
    + ළමා අයිතීන් සුරක්ෂිත වීම හා මන්දපෝෂණය තුරන් වීම
    + දුම්වැටි, මත්ද්‍රව්‍ය තුරන් වීම
    + තමා ඉගෙනුම ලබන පාසල රටෙහි අංක 1 බවට පත්වීම
    + මරාගේ ආණ්ඩුව බිඳවැටීම
    .
    එසේම ඉහත ආකාරයේ පසුවදාම ප්‍රතිපල දෙන ආකාරයේ පා ගමන්වල පමණක් යෙදීමන් පාරේ දෛනිකව ගමන් ගන්නා මගීන්ට කරදර, අපහසුතා සිදුවීම වළක්වාගත හැක.
    :P:P:P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්තිම මොහොතේ ජනසටනට කැම්බල් පිටිය දෙයි.. මහින්ද එපා කියයි..
    August 1, 2016 at 3:50 pm | lanka C news

    ජනසටන විරෝධතා රැළිය සඳහා බොරැල්ල කැම්බල් පිටිය ලබා දීමට අන්තිම මොහොතේ රජය තීරණය කර ඇත.

    පොලිසියෙන් විත් නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපතිට ලිපිය බාරදෙද්දී පාද යාත‍්‍රාව කොළඹ නගරයට ඇතුළු වී තිබේ.

    කෙසේ වෙතත් කල් ඇතිව සූදානම් කර ගැනීමට පිටියක් නොදීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ද විපක්‍ෂ නායකයින් එය ලබා ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත. විරෝධතා රැළිය ලිප්‍ටන් වටරවුමේදී පැවැත්වීමට සූදානම් වෙතැයිද පැවසෙයි.

    ජන රැළියට කල්වේලා ඇතිව සූදානම් වීමට පිට්ටනියක් ලබා නොදීම නිසා වේදිකාව, ශබ්ද විකාශ, ආලෝකය නිසි ලෙස සකස් කිරීමට හැකි නොවීය.
     
    • Like
    Reactions: Naradapathum

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    ඉල්ලාගත් පිට්ටනියත් එපා කියා මහින්ද ලිප්ටන් වට රවුමට


    අගමැතිවරයාට කතාකොට කැම්බල් පිටිය ඉල්ලාගත් නමුත් පසුව සිය තීරණය වෙනස් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ලිප්ටන් වටරවුමෙහි සිය පාද යාත්‍රාවේ අවසන් රැළිය පැවැත්වීමට තීරණය කර තිබේ.

    පාදයාත්‍රාව අවසන් කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් තෝරාගෙන තිබුණු හයිඩ් පිටියෙහි යම් අළුත්වැඩියා කටයුතු මේවන විට සිදුවෙමින් පවතී. ලංකා නිවුස් වෙබ් වෙත ආරංචි ආකාරයට නම් මෙම ඉදිකිරීම් කටයුතු සඳහා කලකට පෙරම දින වෙන් කෙරී තිබී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට පිටිය වෙන් කර ඇත්තේ යමෙකු විසින් නොසැලකිලිමත් ලෙස එය මඟ හැරීමෙනි.

    එසේම ගෝල්ෆේස් පිටිය සහ කැම්බල් පිටිය රැළිය සඳහා ලබා දීමට සැරසෙද්දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා කැම්බල් පිටිය තෝරාගත් නමුත් සිටිනා සෙනඟ අනුව වැඩි ජනතා අවධානයක් දිනාගත නොහැකි බැවින් එයද අත්හැර කුඩා ඉඩක විශාල වාහන තදබදයක් ඇතිකළ හැකි ලිප්ටන් වටරවුම වෙත පැමිණි බවටද අදහස් පළවේ. :rofl:

    ඩාලි පාර ඔස්සේ ලිප්ටන් වටරවුම වෙත පැමිණීමේදී අතරමග හමුවූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රිකයන් විසින් හූ කියන ලද බවත් ‘සිරිසේනගේ ආප්ප කඩේ - ඩාලි පාරේ ආප්ප කඩේ' යනුවෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාටද අවලාද නැඟූ බවත් සඳහන් ය. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගටම සිටියේ පාද යාත්‍රාවට බාධා කිරීමට එරෙහි පිළිවෙතක බවද මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.


    - http://sinhala.lankanewsweb.net/news/item/4927-2016-08-01-12-22-54
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    13686685_1349442828418461_2034465931167383381_n.jpg
    13645132_1349442755085135_5450318982868533734_n.jpg


    13900216_1780807208872661_3891970264297413067_n.jpg


    13907179_1185890391471217_7964746952943193644_n.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    kotu gahanna deyak naha lipton roundabout eka koi size da kiyala hamoma dannawane :rofl:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    i3u8aTO.png


    මෙච්ච්රද දැන් බොදු බලේටයි රාවනා බලයටයි ඉන්නේ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hahaha meka babalanthe kyalada ubala hitan inne? dawas 5 ma karanna puluwan okkoma karala antima moheta ground ekak denawa , arahe okkoma organise karala tiyeddi, etakota mehema news danna puluwanne, aio toyyange bankalot bawaya, dukai oi :lol: