පාද යාත්‍රාවට රනිල්ගෙන් කැම්බල් පිටිය
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පාද යාත්‍රාවේ අවසන් දිනය වන අද (01) දවස අවසානයේ එහි රැළිය පැවැත්වෙන නිශ්චිත ස්ථානයක් නොමැති බව උදෑසන මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊට හේතු ලෙස දක්වා තිබුණේ පාද යාත්‍රාව අවසන් කිරීමට නියමිතව තිබූ හයිඩ් පිටිය යහපාලන ආණ්ඩුව විසින් අළුත්වැඩියාවක් සඳහා යොදාගෙන ඒකාබද්ධ විපක්ෂයට බාධා පමුණුවන බවය. කෙසේ වෙතත් 'ලංකා නිවුස් වෙබ්' වෙත ආරංචි වන ආකාරයට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සහයෝගයෙන් අද දින පාදයාත්රාව අවසන් කිරීම සඳහා බොරැල්ල කැම්බල් පිටිය මහින්ද රාජපක්ෂ ප්රමුඛ පිරිස වෙත ලැබී තිබේ.
ආරංචි මාර්ග පවසන ආකාරයට අද උදෑසන මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමතා පා ගමනේ අවසන් රැළිය සඳහා පිටියක් ලබාදෙන මෙන් ඉල්ලා ඇත. දැනට විදේශ ගතව සිටින අගමැතිවරයා මහින්ද මහතාට පවසා ඇත්තේ ජනාධිපතිවරයාගෙන්ද විමසා ඊට අවශ්‍ය කටයුතු සකස් කරන බවය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් ලැබී ඇත්තේ මහින්ද මහතාගේ පාගමනේ සිටින සෙනඟට ගැලපෙන පරිදි ක්‍රීඩා පිටියක් සපයා දෙන ලෙසය. එහිදී බොරැල්ල කැම්බල් පිටිය සහ ගෝල්ෆේස් පිටිය අගමැතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කර ඇති අතර තම සෙනඟට සාපේක්ෂව කැම්බල් පිටිය මහින්ද රාජපක්ෂ විසින් තෝරාගෙන ඇත.
එනිසා අද සවස ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ අවසන් රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතය.
රටට පෙනෙන්නට ආණ්ඩු විරෝධය සහ ආණ්ඩුවේ කෙණෙහිලිකම් පිළිබඳව කෙතෙක් උඩින් මොරදුන්නද ඒකාබද්ධ විපක්ෂය තම ගැටළු වලට විසඳුම් සොයන්නේ අගමැති සහ ජනපති හරහා පස්සා දොරින් බව මේ අනුව පෙනේ.
- http://sinhala.lankanewsweb.net/news/item/4924-2016-08-01-09-07-41
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පාද යාත්‍රාවේ අවසන් දිනය වන අද (01) දවස අවසානයේ එහි රැළිය පැවැත්වෙන නිශ්චිත ස්ථානයක් නොමැති බව උදෑසන මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊට හේතු ලෙස දක්වා තිබුණේ පාද යාත්‍රාව අවසන් කිරීමට නියමිතව තිබූ හයිඩ් පිටිය යහපාලන ආණ්ඩුව විසින් අළුත්වැඩියාවක් සඳහා යොදාගෙන ඒකාබද්ධ විපක්ෂයට බාධා පමුණුවන බවය. කෙසේ වෙතත් 'ලංකා නිවුස් වෙබ්' වෙත ආරංචි වන ආකාරයට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සහයෝගයෙන් අද දින පාදයාත්රාව අවසන් කිරීම සඳහා බොරැල්ල කැම්බල් පිටිය මහින්ද රාජපක්ෂ ප්රමුඛ පිරිස වෙත ලැබී තිබේ.
ආරංචි මාර්ග පවසන ආකාරයට අද උදෑසන මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමතා පා ගමනේ අවසන් රැළිය සඳහා පිටියක් ලබාදෙන මෙන් ඉල්ලා ඇත. දැනට විදේශ ගතව සිටින අගමැතිවරයා මහින්ද මහතාට පවසා ඇත්තේ ජනාධිපතිවරයාගෙන්ද විමසා ඊට අවශ්‍ය කටයුතු සකස් කරන බවය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් ලැබී ඇත්තේ මහින්ද මහතාගේ පාගමනේ සිටින සෙනඟට ගැලපෙන පරිදි ක්‍රීඩා පිටියක් සපයා දෙන ලෙසය. එහිදී බොරැල්ල කැම්බල් පිටිය සහ ගෝල්ෆේස් පිටිය අගමැතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කර ඇති අතර තම සෙනඟට සාපේක්ෂව කැම්බල් පිටිය මහින්ද රාජපක්ෂ විසින් තෝරාගෙන ඇත.
එනිසා අද සවස ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ අවසන් රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතය.රටට පෙනෙන්නට ආණ්ඩු විරෝධය සහ ආණ්ඩුවේ කෙණෙහිලිකම් පිළිබඳව කෙතෙක් උඩින් මොරදුන්නද ඒකාබද්ධ විපක්ෂය තම ගැටළු වලට විසඳුම් සොයන්නේ අගමැති සහ ජනපති හරහා පස්සා දොරින් බව මේ අනුව පෙනේ.

Last edited: