පාද යාත‍්‍රාව නුවරින් බැරිලූ.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පාද යාත‍්‍රාව නුවරින් බැරිලූ.....

    මහනුවර නගර සීමාවේ මහජන පාගමන් සීමා කරමින් මහනුවර මහේස්ත්‍රාත් බුද්‍ධික සී රාගල මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය.

    මේ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයෙන් බ්‍රහස්පතින්දා අරඹන්නට සිටි පාද යාත්‍රාව මහනුවර නගර සීමාවට පිටතින් පටන් ගැනීමට සිදුවන පොලිසිය කියයි.

    එක්සත් ජාතික පක්ෂය ද ප්‍රවර්ධන වැඩසටහන් කරන්නේ නම් එම වැඩසටහන එදින පස්වරු දෙකෙන් පසු සිදු කළ යුතු බව ද අධිකරණය නියෝග කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ වැඩසටහන් මහනුවර පවත්වන බවට සහ ඒකාබද්ධ විපක්ෂයෙන් පාගමනක් එකම දිනයේ පැවැත්වීමෙන් මහජන පීඩාවක් හෝ කලබලයක් ඇතිවේයැයි මහනුවර පොලිසිය කළ කරුණු දැක්වීමක් අනුව මහේස්ත්‍රාත් වරයා එම නියෝග කළේය.

    ඒකාබද්ධ විප්කෂයේ ආගමික වතාවත් මහනුවර දළදා මාළිගාව අසල සිදුකිරීමට බාධාවක් නැතැයි උසාවිය දැනුම් දුන්නේය.

    ඒකාබද්ධ විප්කෂයේ නියෝගය ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන්ට බාර දීමට ද, එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නියෝගය ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් මහත්වරුන්ට බාරදීමට ද නියෝග කැරිණි.

    ඒකාබද්ධ විපක්ෂ පාගමන මාවනැල්ල නගරයට ඇතුළු වීම වළක්වමින් මාවනැල්ල උසාවියෙන් ද තහනම් නියෝගයක් නිකුත් කැරිණි.

    ඒකාබද්ධි විපක්ෂයේ ආගමික වතාවත් අද සවස පැවැත්වීමට නියමිත බව එහි ආරංචි කියයි.

    පරාජිතයින්ගේ පාද යාත‍්‍රාව (Click Here)

    www.lankadeepa.lk

     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔහ්... අලි කුලප්පුවෙලා එහෙනම්...!!
    හික්...!! හික්...!! හික්...!!
     

    Similar threads