පානදුර OIC අධිවේගී යතුරු පැදි දෙකක ගැටෙයි

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    1602740987848.png

    පානදුර උතුර, හේනමුල්ල මංසන්ධියේ දී අධිවේගී යතුරු පැදි දෙකක ගැටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලබා තිබේ.

    අද (15) අලුයම 1ට පමණ, නීති විරෝධී යතුරු පැදි ධාවන තරගයක් පැවැත්වෙන බවට පානදුර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් තිබුණි.

    එහිදී පොලිස් ජීප් රථය මාර්ගයේ නතර කර ඉදිරියට යමින් සිටි ස්ථානාධිපතිවරයාගේ එක් යතුරුපැදියක් ගැටී ඇති අතර, අනෙක් යතුරුපැදිය ද වේගය පාලනය කර ගත නොහැකිව පොලිස් ජීප් රථයේ ගැටී අනතුරට ලක්ව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබු ස්ථානාධිපතිවරයා හා යතුරු පැදිකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    ස්ථානාධිපතිවරයාගේ කකුල් කැඩී ගොස් ඇති බව “අද දෙරණ“ වාර්තාකරු සඳහන් කරයි.

    පානදුර උතුර පොලීසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මුන් මොකට විහින් නැහෙන්න හදනවද මන්දා බන්. :angry: මට එකෙක් වීඩියෝ එකක් ශෙයා කරලා තිබුනා අධික වේගෙන් ගිහින් බයික් එකකින් වැටෙන එකක්. මූණ එල්ලෙනවා උගේ. හොස්පිටල් ගිනියනක් බිම ඉදන් ඉන්නවා.😖
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    accident eka wela police lokka hospital nam paw ithin uth manussayek,

    eth news eka derana eke thiyana nisa tikak wisthara hoyala balapalla, derana kiyanne eka deka karana media ekak
    ara sirasa wage thamai