පානදුර උතුර, හේනමුල්ල මංසන්ධියේ දී අධිවේගී යතුරු පැදි දෙකක ගැටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලබා තිබේ.
අද (15) අලුයම 1ට පමණ, නීති විරෝධී යතුරු පැදි ධාවන තරගයක් පැවැත්වෙන බවට පානදුර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් තිබුණි.
එහිදී පොලිස් ජීප් රථය මාර්ගයේ නතර කර ඉදිරියට යමින් සිටි ස්ථානාධිපතිවරයාගේ එක් යතුරුපැදියක් ගැටී ඇති අතර, අනෙක් යතුරුපැදිය ද වේගය පාලනය කර ගත නොහැකිව පොලිස් ජීප් රථයේ ගැටී අනතුරට ලක්ව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබු ස්ථානාධිපතිවරයා හා යතුරු පැදිකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ස්ථානාධිපතිවරයාගේ කකුල් කැඩී ගොස් ඇති බව “අද දෙරණ“ වාර්තාකරු සඳහන් කරයි.
පානදුර උතුර පොලීසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මට එකෙක් වීඩියෝ එකක් ශෙයා කරලා තිබුනා අධික වේගෙන් ගිහින් බයික් එකකින් වැටෙන එකක්. මූණ එල්ලෙනවා උගේ. හොස්පිටල් ගිනියනක් බිම ඉදන් ඉන්නවා.