පාන් ගෙඩියක් 150ට යයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද(19) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිහ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 150ක් වන බව ඔහු පැවසීය.

    තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බවත් හෙතෙම කීවේය.

    මේ අතර බත් පාර්සලයක සහ කොත්තුවක මිල රුපියල් 20 කින් හෝ 30 කින් ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

    කෙටි ආහාර, ආප්ප සහ ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැති බවත් ඔහු තවදුරටත් පැවසීය.


    we cant stop music video GIF by Vevo
    sad on a budget GIF

    Source: https://www.lankadeepa.lk/news/බේකරි-නිෂ්පාදන-මිලත්-ඉහළ-යන-ලකුණු/101-611698
     
    • Sad
    Reactions: Amathi Putha

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මෙහෙමයි. මේ යන විදියට හැම දේම වැඩි උනාට පඩියක් නම් වැඩි වෙන්නේ නැති පාටයි. මොකක් හරි එක හේතුවකට වැඩි උනා කියලා හැමදේම වැඩි කරා කියන්න ඇමති කෙනෙක් ඇවිත් කියන්න ඕනේ නැහැ. බදු හරි අඩු කරලා එක බැලන්ස් කරන්න ඕනේ. රජයේ අදායම ගන්නෙත් අහිංසක මිනිස්සු හූරන් කාලා මිසක රජයේ දේවල් කප්පාදු කරලා නෙමෙයි. අන්තිමට හොරු වැඩි වෙනවා කියලා පොලිසියෙන් කියන්න ඕනේ නැහැ මීඩියා එකට ඇවිත්.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රෑට දරුවන්ට පාන් පොත්තක් දෙන්න බැරි තාත්තල පාරට නොබහිවිද.. දරුවොන්ගෙ බඩ දනකොට මොකවත් පේන්නෑ අප්පලට... මනුතාපය කතාවෙත් පාන් සීන් 😢
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ පැත්තේ අර නියමිත බර නෑ පාන් වල
    ඒ නිසා උන්ට වැඩි කරන්න බෑ. තාමත් 40-50 අතර තියෙන්නේ :lol: