පාන් පීසා

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA

    1. පාන් පීසා


    bread-snacks-1-1.jpg


    • පාන් පෙති කීපයක් වාටි ඉවත් කරල බටර් ටිකක් තවරා ගන්න.
    • මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට උඩින් තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න.
    • කැමතිනම් කපාගත් මාලු මිරිස්, ලූනු රවුම් ටිකක් එහෙමත් එකතු කරගන්න.
    • අතුර ගත් මිශ්‍රනය වැහෙන්න මොසරැල්ලා චීස් ටිකක්(වෙළඳ පොලේ තිබෙන කොත්මලේ මොසරැල්ල චීස් එක මේකට කදිමයි) ඉහගෙන සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7,8ක් පුලුස්ස ගන්න.


    2. පාන් සමෝසා

    bread-snacks-2.jpg


    සමෝසා කන්න කව්ද කැමති නැත්තෙ. සමෝසා ඉන්දියාවෙ බොහොම බහුල කෙටි කෑමක්.
    • මුලින්ම වාටි කපාගත් පාන් පෙති රෝලින් පින් එකකින් ටිකක් තුනී කරගන්න. ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
    • අබ ටිකක් සූදුරු ටිකක් තෙම්පරාදු කරගත්ත තෙලට තම්බා පොඩි කරගත් අල,කපාගත් ලීක්ස්,ලූනු,තම්බා ගත් ග්‍රීන් පීස්,කහ, මිරිස් කුඩු,ලුනු කුඩු තියෙනවනම් ගරම් මසලා ටිකක් දාල හොඳින් මිශ්‍රකර ගන්න.
    • මේ මිශ්‍රණය අර තුනී කරපු පාන් පෙත්තක් මැදට තබා ත්‍රිකෝණාකාරව නවා ගෙන බිත්තර සාරු වලින් අලවා ගැබුරු තෙලේ බැදගන්න.



    3. පාන් රෝල්ස්


    bread-snacks-3.jpg


    සොසේජස් එකක් දාලා වගේම අපි රෝල්ස් වලට කට්ලට් වලට සමාන්යෙන් දාන පිරවුම දාලත් මේ පාන් රෝල්ස් හදන්න පුලුවන්.
    • වාටි කපාගත් පාන් පෙත්තක් රෝලින් පින් එකෙන් ටිකක් තුනී කරගන්න ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
    • පිටි කිරි ටිකක් ගෙන පාන් පෙත්ත යන්තමට පොඟවා ගෙන බැදගත් සොසේජස් එකක් කෙලවරකින් තබා දෙපැත්තෙන් නවා ඔතා ගන්න.
    • පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.



    4. ෆ්‍රෙන්ච් ටෝස්ට්

    bread-snacks-5.jpg


    මේ අපි දන්න ෆ්‍රෙන්ච් ටෝස්ට් වලට ටිකක් වෙනස් විදියක්.
    • පාන් පෙත්තක් දිග තීරු තුනකට විතර කපා ගන්න.
    • බිත්තර 3ක් පිටි කිරි කෝප්ප බාගයක්,කුඩු කරගත් සීනි කෝප්ප බාගයක්, කුරුඳු කුඩු තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කරගෙන කපා ගත් පාන් තීරු මෙම මිශ්‍රණයේ හොඳින් දවටාගන්න.
    • මෙම පාන් තීරු පොඩි කරගත් කෝන් ෆ්ලේක්ස් හෝ පාන් කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
    • අයිසින් සීනි ටිකක් උඩින් ඉහගෙන කිතුල් පැණි හෝ ගෝල්ඩන් සිරප් සමග කෑමට ගන්න.


    මේය උපුටාගැනිමකි.... සියලු ගෞරව
    http://www.aniwa.lk


     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,324
    113
    රාජපක්ෂ පවුලේ වංචාව කෝටි 1000 පනී

    මහා පරිමාණ වංචා පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් රුපියල් කෝටි පහළොස්දහසකට ආසන්න මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

    මූල්‍ය වශයෙන් සිදු වී ඇති වංචා ප්‍රමාණය රුපියල් කෝටි පහළොස්දහසක පමණ ප්‍රමාණයක් වුවත් රාජ්‍ය දේපොළ එනම් යාන වාහන, ඉඩකඩම්, ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපොළ යොදාගෙන සිදුකර ඇති වංචාවල වටිනාකම ගණනය කිරීම අපහසු වී ඇත. එහෙත් එම ප්‍රමාණය ද දළ වශයෙන් රුපියල් කෝටි දසදහස ඉක්මවා යා හැකි බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය රජයේ පාලන කාලයේදී සිදුවී ඇති මෙම මූල්‍ය වංචා අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් සහ එම පවුලට සම්බන්ධ ඥාතීන් විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවල වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි දහස ඉක්මවා යන ප්‍රමාණයක් බව ද අනාවරණය වී තිබේ.

    රාජ්‍ය මුදල් අවභාවිතය, රාජ්‍ය දේපොළ වංචා කිරීම, එම දේපොළ පරිහරණය කර රජයට ලැබිය යුතු ආදායම් අහිමි කිරීම, රජයේ මුදල්වලින් පෞද්ගලික ගෙවීම් සිදුකිරීම විදෙස් ගමන් ආදිය නොමිලේ සිදුකිරීම, මැතිවරණ සඳහා රාජ්‍ය මුදල් යොදා ගැනීම සහ රාජ්‍ය සේව‍කයන් යොදා ගැනීම ඇතුළු වංචාවන් ද රජයට අහිමි වී ඇති කෝටි ගණනක මූල්‍ය අපරාධ අතරට එක්වෙයි.

    පසුගිය රජයේ දේශපාලනඥයන්, ජනාධිපති කාර්යාල, අගමැති කාර්යාල, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරු, ඉහළ නිලධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොමිෂන් සභා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම දැවැන්ත මූල්‍ය වංචාවලට හසු වී සිටිති.

    මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තුන්සිය පනහක් පමණ වෙයි.

    ඒවා අතරින් ද වැඩිම ප්‍රමාණයක් රුපියල් කෝටි පහට වැඩි මූල්‍ය වංචා බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මෙම පැමිණිලිවලට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතය, වංචා කිරීම, රාජ්‍ය භාණ්ඩාගාර මුදල් වංචා කිරීම, බොහෝ සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රජයේ භාණ්ඩාගාරයට මුදල් ආදායම් ලබාදිය යුතු ආයතන රැසක් එම මුදල් භාණ්ඩාගාරයට ලබා නොදී එම ආයතනවල ප්‍රධානීන්ගේ පෞද්ගලික පරීහරණයට යොදා ගැනීම ඇතුළු වැරදි ගණනාවක් සම්බන්ධව රාජ්‍ය විගණනය ද පසුගිය කාලයේ විගණන පරීක්ෂණ පවත්වා ඇත. ඊට අදාළ පැමිණිලි විශාල ප්‍රමාණයක් ද ලැබී ඇති පැමිණිලි අතර වෙයි.

    මෙම මූල්‍ය අපරාධ සම්බන්ධ පරීක්ෂණ සිදුකිරීමේදී ඒවා අනාවරණය කර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට විවිධ වූ අපහසුතාවලට මුහුණදීමට සිදු වී ඇත.

    ඒ අතර ඇතැම් මූල්‍ය ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන බොහෝ ප්‍රමාණයක් එම ආයතනවල සටහන් වී නොමැත.

    තවත් ලියකියවිලි අස්ථානගතවී තිබිණි. තවත් අවස්ථාවල එම ආයතනවල විෂය භාර නිලධාරීන් එම ගනුදෙනු සම්බන්ධ තොරතුරු ලබාදීම ද මඟහරින තත්ත්වයක් තිබූ බව ද පැවසේ. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවා වසරක් වැනි කාලයක් තුළ රට තුළ සිදු වී ඇති අතිවිශාල රාජ්‍ය මුදල් නාස්තිය සම්බන්ධව කිසි විටෙකත් හෙළිකර ගැනීමට ‍අපහසු ගනුදෙනු පවා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    මෙතෙක් පරීක්ෂණ පවත්වා අවසන් වී නීතිපතිවරයා වෙත යවා නීතිපති උපදෙස් මත නඩු පවරා ඇති පැමිණිලි සංඛ්‍යාව සියයකට ආසන්න වෙයි. පරීක්ෂණ අවසන් වූ තවත් පරීක්ෂණ වාර්තා ගණනාවක් නීතිපති උපදෙස් ලබාගැනීමට යවා තිබේ.
     
    • Like
    Reactions: netsurfer