අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 8,
- ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටිකිරි,
- ලුණු,
- පාස්ලි කොළ,
- ගම්මිරිස් කුඩු,
- තම්බගත්ත අල ගෙඩියක්,
- චීස් කැමති වර්ගයකින්,
- බිත්තරයක්,
- පාන් කුඩු
මේ වගේ තවත් කෑම වට්ටෝරු සදහා පිවිසෙන්න. ඉවුම් පිහුම් වෙබ් අඩවිය වෙත.
https://bit.ly/3qcqDrm
සාදන ක්‍රමය
- පාන් පෙති වාටි ඉවත් කරල පොඩි කෑලි වලට කඩල අරගන්න. මේක රොටි පදමට අනාගන්න පුළුවන් ගාණට කිරි එකතු කරන්න. මේකටම ලුණු පෝඩ්ඩක්, හීනියට කපාගත්ත පාස්ලි කොළ (අවශ්‍යම නැහැ), ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, පොඩි කරගත්තු අල දාල හොඳින් අනාගන්න.
- මේ මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් රවුම් හැඩේට පැතලි කරල මැදට චීස් කෑල්ලක් තියල හොඳට ඔතල බෝලයක් හදාගන්න.
- මෙහෙම හදාගත්තු බෝල බිත්තර සාරු වල දවටල, පාන් කුඩු තවරල ගැඹුරු තෙලේ අඩු ගින්දරේ රන්වන් පාට වෙනකම් බැදගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
