පානා අඬහැරය

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    පුරාණ අඬහැරය

    තිසරණ සරණයි බුදුන් දැකපන්
    මගේ සුරතල් මීවෝ උඹ උවෝ ..උවෝ ...උවෝ ...
    සතර වරන් දෙවියන් හට බාරයි
    මගේ මී වස්සා උඹ උවෝ.. උවෝ ...උවෝ ...
    තිස්තුන් කෝටියක් දෙවිපිහිටයි
    මගේ වහු දරුවෝ උවෝ.. උවෝ ...උවෝ ...
    කතරගම දෙවි රැකපන් මගේ මී වස්සා උඹ
    උවෝ.. උවෝ ...උවෝ ... උවෝයි..

    දෙවි පිහිටෙන් ඇදපන්කෝ මගේ වහු දරුවෝ
    උඹ උවෝ .. උවෝ.. උවෝයි ...
    බුදුන් දැක නිවන් දැකපන් මගෙ එළවස්සා
    උඹ. උවෝ.. උවෝ ...උවෝ .... හෝ
    මුල්ලෙන් පලයන් මගෙ කිරි මීවෝ
    උඹ. උවෝ.. උවෝ ...උවෝයි
    ඉරු දෙවියන් ඉර මුදුනේ කව නැත
    පලයන් මගෙ මී වස්සා උඹ
    උවෝ.. උවෝ ...උවෝයි

    පින් අත්වෙයි උඹලට අප්පේ
    දුවෝ...හෝ ...උවෝ ...උවෝ ...උවෝ...
    උඹට පව් නැත මගෙ මටිය වස්සා උඹ
    උවෝ.. උවෝ ...උවෝ ... හෝ ...
    ගොඩට යන්ට. දැන් දැන් දැන් ළඟමයි
    උඹ . උවෝ.. උවෝ ...උවෝ ...
    දෙවිපිහිටයි මගෙ වහුපැටියෝ උඹලට
    උවෝ.. උවෝ ...උවෝ ...

    තිසරණ සරණයි උඹලට මගෙ වහු දරුවෝ
    උවෝ.. උවෝ ...උවෝ ...හෝ
    මගෙ බත් පත සලසා දෙන
    කිරිදුවෝ ....හෝ ....හෝ ....හෝ
    මේ වෙල්යායට උඹේ පිහිටමයි
    වහු දරුවෝ ...උවෝ.. උවෝ ...උවෝයි
    දැන් වැඩ ඉවරයි ගෙදර යන්ට යන්
    එලවස්සා උඹ උවෝ.. උවෝ ...උවෝ ... උවෝ....
    හෝ .... හෝ .... හෝ .....

    uputa ganima.
    http://sinhalajanakatha.blogspot.com
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ade mama patta aasai ban me wage eewa ahanna. maharaja gemunu film eke me wage ekak yana podi kotasak thiyenawa.
    rep dunna :)
     
    • Like
    Reactions: sbanurada

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    liuhghui.jpg
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    අදටත් ගැලපෙනවා මොකද අපි හැමෝවම ගොනාට අන්දනකොට ඕක කියන්න වෙනවා.
     

    blue_in_rio

    Well-known member
  • ගසට කෙටුම, ගස මුළ පෑහුමෙන් දැනේ
    මිනිහා, නොමිනිහා, යන ගමනෙන්ම දැනේ
    අමුතු බත් බෙදුම, අත ඇල්ලුමෙන් දැනේ
    හානා හීය, පානා අඬහැරෙන් දැනේ

    :):)

    වටිනවා ,මචන් 8+ :cool::cool:
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ගසට කෙටුම, ගස මුළ පෑහුමෙන් දැනේ
    මිනිහා, නොමිනිහා, යන ගමනෙන්ම දැනේ
    අමුතු බත් බෙදුම, අත ඇල්ලුමෙන් දැනේ
    හානා හීය, පානා අඬහැරෙන් දැනේ

    :):)

    වටිනවා ,මචන් 8+ :cool::cool:

    Thanks Macha