පාපන්දු ලොවේ විශිෂ්ටතමයා – පේලේ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පාපන්දු ලොවේ විශිෂ්ටතමයා – පේලේ

    ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවට වසර සියයකට වඩා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. 1930 වසරේ ඇරඹි පාපන්දු ලෝක කුසලාන වංශකතාවත් දැන් අසූ හත් වි‍යැතියි. මේ කාළය තුළ පාපන්දු ලොවේ බිහිවුණු සැබෑ දක්ශයින් රාශියක් සිටිනවා. දියෝගෝ මැරඩෝනා, සිනෙඩීන් සිඩෑන්, රොනාල්ඩෝ නසාරියෝ, ලයනල් මෙසී මින් කිහිප දෙනෙක් පමණයි. නමුත් පාපන්දු ලොවේ විශිෂ්ටතමයා කවුදැයි පාපන්දුව පිළිබඳ සුළු හෝ දැනුමැත්තෙක් ගෙන් ඇසුවොත් බොහෝ විට කියවෙන නමක් තිබෙනවා. බ්‍රසීලයේ දිළින්දු පවුලක ඉපදී, ස්වහෝත්සාහයෙන් ඉදිරියට පැමිණ ලෝකයම දිනූ, ලෝකය ඉදිරිපිට තම දේශය රනින් බැබලවූ ඔහු පේලේ යි.
    අසීරු කුඩා කාලය

    පේලේ උපත ලැබුවේ බ්‍රසීලයේ ත්‍රීස් කුරසුයිස් හි දී 1940 වසරේ ඔක්තෝබර් 23 වැනිදායි. ඔහුගේ දෙමවුපියන් ඔහුට එඩ්සන් නසිමෙන්ටෝ නමින් නම් තබනවා. ඔහුට එඩ්සන් නාමය ලැබෙන්නේ තෝමස් අල්වා එඩිසන් සිහි වීම පිණිසයි. කුඩා කාලයේ පටන් ක්‍රියාශීලී දරුවෙකු වූ අතර නිවැසියන් ඔහුට ‘ඩිකෝ’ යන සුරතල් නාමයෙන් ඇමතුවා. ඉපදී කෙටි කලකින්ම ඔහු හා පවුලේ උදවිය බ්‍රසීලයේම බඋරු නුවරට සංක්‍රමණය වනවා.
    හරි හැටි රැකියාවක් නොතිබුණු කුඩා එඩ්සන් ගේ පියාට ඔහු ඇතුළු පවුලට කන්නට අඳින්නට දීම සඳහා මුදල් සොයන්නට මහත් වෙහෙසක් ගැනීමට සිදු වුණා. මේ නිසා එඩ්සන්ට සමහර දිනවල හරි හැටි කෑමක් නොලැබුණත් ඔහු ඉන් අධෛර්යයට පත් වූවේ නැහැ. කුඩා කල සිටම පාපන්දුවට පෙම් බැන්ද ඔහු එවැන්නක් ගැනීමට මුදල් නොතිබුණු නිසා සිය මේස් කකුළකට පාංකඩ පුරවා, එයට පා පහර ගසමින් නගරයේ වීථි පුරා දිව ගියා. මේ කාලයේදී ඔහුගේ මිතුරන් ඔහුට ‘පේලේ’ යන නම පටබැන්දා.
    2.pele-young.jpg

    15 වියැති පේලේ-blackwomenofbrazil.co

    ගැටවර වියට පත් පේලේ තරුණ පාපන්දු කණ්ඩායමකට එක් වෙනවා. එහි පුහුණුකරු වූයේ හිටපු බ්‍රසීල පාපන්දු ක්‍රීඩක වල්ඩෙමර් ඩි බ්‍රිටෝ යි. ඉක්මණින්ම පේලේගේ දක්ෂතා හඳුනාගන්නා ඔහු පේලේ ට වයස අවුරුදු 15ක් වන විටම ඔහුගේ පවුලේ සාමාජිකයන් දැනුවත් කර සැන්ටොස් පාපන්දු ක්‍රීඩා සමාජය වෙත යවනවා.


    නවක තරුවක් පායා එයි

    සැන්ටොස් ක්‍රීඩා සමාජයේ බලධාරීන්ද මේ හුරුබුහුටි යෞවනයාගේ දක්ෂතා ඉක්මණින්ම හඳුනාගෙන ඉක්මණින්ම සිය ප්‍රධාන කණ්ඩායමට ඇතුළත් කරගන්නවා. යාන්තම් වයස අවුරුදු 16 වන විට සිය පළමු වෘත්තීය මට්ටමේ ගෝලය වාර්තා කරගන්නා ඔහු එම තරග වාරයේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩකයා බවට පත් වෙනවා. ඒ දක්ෂතාවය ඔහුට බ්‍රසීල ජාතික කණ්ඩායමට දොරගුළු විවර වීමට ප්‍රමාණවත් වෙනවා.
    පේලේ යන දක්ෂ පාපන්දු ක්‍රීඩකයා තරුවක් බවට පරිවර්ථනය වන්නේ 1958 වසරේ ස්වීඩනයේ පැවති පාපන්දු ලෝක කුසලානයත් සමඟයි. මෙහි අවසන් පූර්ව වටය වන විට දා හත් වියැති මෙම ක්‍රීඩකයාගේ වේගය, උලැඟිතාවය හා තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා අතර කතා ඇති වී තිබුණා. ප්‍රංශය හා පැවති අවසාන පූර්ව තරගයේ බ්‍රසීලය වෙනුවෙන් වාර්ථා වූ ගෝල 5න් 3ක් ම පේලේගේ පාදයෙන් එල්ල වූ අතර 5-2 වශයෙන් තරගය ජයගත් බ්‍රසීලය සත්කාර්ක ස්වීඩනයත් සමඟ අවසන් තරගයට තේරී පත් වනවා. අවසන් තරගයේදී ද සිය දක්ෂතා ප්‍රකට කළ පේලේ නැවතත් ක්‍රියාත්මක වෙමින් ගෝල දෙකක්ම ලබා ගන්නේ අවසානයේ 5-2 ලෙස බ්‍රසීලය 1958 ලෝක ශූරයන් කරමින්.
    3.1958-701x394.jpg

    පේලේ 1958 ලෝක කුසලානයේ ක්‍රීඩා කරමින්-dfb.de

    මේ ජයග්‍රහණයත් සමඟ පේලේගේ දිවියේ ස්වර්ණමය යුගය ඇරඹුණා. ඔහුට යුරෝපීය ක්‍රීඩා සමාජ වලින් ආරාධනා ගලා එන්නට පටන්ගත් අතර බ්‍රසීල රජය විසින් ඔහු ජාතික සම්පතක් ලෙස හඳුන්වනු ලැබුවා. මේ අනුව ඔහුට වෙනත් රටකට ක්‍රීඩා කිරීම වැලැක්වීම ඔවුන්ගේ අරමුණ වූ අතර සැන්ටොස් ක්‍රීඩා සමාජයද මේ තරුවට නිසි ලෙස ගෙවීම් කරමින්, තවත් විවිධ වරප්‍රසාද හා තෑගි බෝග ලබා දෙමින් තම ක්‍රීඩා සමාජය තුළම තබා ගැනීමට උත්සුක වුණා.


    එක ලෝක කුසලානයකින් නොනැවතුනු පේලේ

    1962 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීල කණ්ඩායමට හොඳ වුණත් පේලේට එසේ වූයේ නැහැ. තරගාවලියේ මුල් තරග හොඳින් ක්‍රීඩා කළ පේලේට සිය කණ්ඩායම අවසන් පූර්ව තරග සඳහා ප්‍රවිෂ්ඨ වන විට ක්‍රීඩා නොකර සිටින්නට වූයේ පාදයේ ඇති වූ ආබාධ තත්ත්වයක් නිසාවෙන්. ඒ කේසේ නමුත් එක පිට දෙවන ලෝක කුසලාන ජයක්‍රහණයත් බ්‍රසීලය මෙහිදී වාර්ථා කරනවා.
    1966 එංගලන්තයේදී පැවති පාපන්දු ලෝක කුසලානය පේලේට පමණක් නොව බ්‍රසීල කණ්ඩායමටත් ‘අමතක කළ යුතු’ මතකයන් රැගත් එකක් වුණා. පේලේ ගේ දක්ෂතා හොඳින් දැනගෙන සිටි අනෙකුත් කණ්ඩායම් සිය ආරක්ෂක හා පසුපෙළ ක්‍රීඩකයන් ලව්වා උපක්‍රමිකව පේලේට පහර එල්ල කරනවා. මේ නිසා ඉක්මණින්ම පාදයේ ආබාධයක් ඇති වී පේලේට තරගාවලිය අහිමි වන අතර වැඩි දක්ෂතා නොදක්වාම බ්‍රසීල කණ්ඩායමද තරගවලියෙන් ඉවත් වෙනවා.
    4.injury-701x395.jpg

    පේලේ 1962 ලෝක කුසලානයේ ආබාධයකට ලක් වූ අවස්ථාව-itv.com/AP

    1966 ලෝක කුසලානය අමිහිරි මතකයකින් කෙළවර වූවත් පේලේගේ දක්ෂතා වල අඩුවක්නම් දකින්නට ලැබුණේ නැහැ. ඔහුගේ ජනප්‍රියතාවට හොඳම උදාහරණයක් ලෙස නයිජීරියානු සිවිල් යුද්ධය ඔහු සහභාගී වන තරගයක් නැරඹීම සඳහා තාවකාලිකව නතර කර දැමීම ගත හැකියි.


    1970 මෙක්සිකෝවේ පැවති පාපන්දු ලෝක කුසලානය ඒ වන විට පරිණත ක්‍රීඩකයෙකු බවට පත්ව සිටි පේලේට නැවතත් ලෝක කුසලාන වාසනාව ගෙනාවා. මෙවර නායකයා වශයෙන් හොඳින් සිය කණ්ඩායම හැසිරවූ ඔහු තරගාවලිය තුළ ගෝල 4ක් වාර්ථා කරගත් අතර ඉන් වටිනාම ගෝලය ඉතාලියට එරෙහිව අවසන් තරගයේදී එල්ල කළේ 4-1 ක ජයග්‍රහණයකුත් වසර 8 කට පසුව ලෝක කුසලාන ජයග්‍රහණයත් සිය රටට ගෙන දෙමින්.
    5.WC_1970-701x394.jpg

    1970 ලෝක කුසලානය දිනා-sportsnet.ca/AP

    1971 වසරේදී සිය අවසාන අන්තර්ජාතික තරගය ක්‍රීඩා කරන පේලේ 1974 වසරේදී වෘත්තීය තරග වලින් සමුගැනීමට තීරණය කළත් ඊට වසරකට පසු නැවත පැමිණ උතුරු ඇමෙරිකා පාපන්දු ලීගයේ දී නිව්යෝක් කොස්මොස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් හොඳ දක්ෂතා දැක්වූවා. 1977 වසරේ ඔක්තෝබර් මස ප්‍රදර්ශන තරගයක් ක්‍රීඩා කරමින් ඔහු සිය වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට නැවතීමේ තිත තැබූ අතර ඔහු මෙහි කණ්ඩායම් දෙක වෙනුවෙන්ම ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.
    පේලේ විශ්‍රාම යන විට ඔහු වෘත්තීය පාපන්දු තරග 1363ක් ක්‍රීඩා කර තිබුණු අතර ගෝල 1,281 ක් ලබාගෙන තිබුණේ සෑම තරගයකම ආසන්න ලෙස එක් ගෝලය බැගින් වාර්ථා කරමින්.


    පාපන්දුවේ පුරාවෘතයක්

    ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුවත් පේලේගේ ජනප්‍රියතාවයේ කිසිදු අඩුවක් සිදු වී තිබුණේ නැහැ. ඔහුට විවිධ තානාන්තර, ත්‍යාග, සම්මාන, නම්බු නාම පවා පාපන්දුවට කළ සේවය නිසා පිරිනැමුණා. ක්‍රි.ව 1978 දී යුනිසෙෆ් සංවිධානය විසීන් ඔහුට අන්තර්ජාතික සාම ත්‍යාගය පිරිනමනවා. මීට අමතරව ඔහු පසුකාලීනව බ්‍රසීලයේ ක්‍රීඩා විශේෂ ඇමති කෙනෙකු ලෙසද, එක්සත් ජාතීන්ගේ පරිසරය පිළිබඳ විශේෂ තානාපතිවරයෙකු ලෙසද ක්‍රියා කළා.
    6.-pele-maradona.jpg

    zeenews.india.com-පේලේ සහ මැරඩෝනා

    ක්‍රි.ව 1999 දී විසිවන සියවසේ ලොව විශ්ෂ්ඨතම පාපන්දු තරු දෙක වශයෙන් පේලේ වත්, ආජන්ටිනාවේ දියෝගෝ මැරඩෝනා වත් තෝරා ගැණුනා. පේලේගේ දක්ෂතා හා සමහර වාර්ථා අද වන විටත් තවමත් එලෙසම නොබිඳී පවතින්නේ ඔහුගේ දක්ෂතාවය මොනවට විහිදා පාමින්.


    Roar
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    nice eeth Pele kiyana nama eyata hambune ahamben e thai eyata wihilu karanna salli kaara lamai pele kiyala nama demma. passe eyage thaththa thamai e name watina kama eyata pahadala denne. eyage thaththa hoda football player kenek. e wagema Pele kochchara wartha thibbath thamange thaththage warthawa kadanna beri una eyata. Ginga style eken play karapu player lagen hodama player ada wenkotath meya. eeth den den Ginga style eka play karanna amaru thathwayak thiyenne hethuwa ball eka control karanna puluwan players la adui den. meyage jeewitha kathawa gena movie ekak karala thiyanawa eka balanna wedi wisthara sadaha. e movie eke thiyanawa Pele nawa kohomada hedune kiyala eka tikak diga kathawak mivie eke lihudin eka daala thiyanawa.
     
    Last edited:
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    nice eeth Pele kiyana nama eyata hambune ahamben e thai eyata wihilu karanna salli kaara lamai pele kiyala nama demma. passe eyage thaththa thamai e name watina kama eyata pahadala denne. eyage thaththa hoda football player kenek. e wagema Pele kochchara wartha thibbath thamange thaththage warthawa kadanna beri una eyata. Ginga style eken play karapu player lagen hodama player ada wenkotath meya. eeth den den Ginga style eka play karanna amaru thathwayak thiyenne hethuwa ball eka control karanna puluwan players la adui den. meyage jeewitha kathawa gena movie ekak karala thiyanawa eka balanna wedi wisthara sadaha. e movie eke thiyanawa Pele nawa kohomada hedune kiyala eka tikak diga kathawak mivie eke lihudin eka daala thiyanawa.

    13+:)
     
    • Like
    Reactions: Killerstuffbaby