පාප්තුමාගේ saha බෞද්ධ දරුවන්
ශුද්ධෝතම පාප්තුමාගේ ලංකාගමනයේදී බෞද්ධ දරුවන් පිරිසක් බෞද්ධ කොඩි වනමින් පාප් තුමා පිලිගන්නා අයුරු දක්නට ලැබිණ.
ලොවටම පෙනෙන සේ අපේ බෞද්ධ අනන්‍යතාවයෙන් පාප්තුමා පිළිගැනීම සතුටුය. එහෙත් කිසිසේත්ම සතුටු වෙන්නට බැරි කාරණා නම් බොහොමයක් තිබේ.
ඉන් පලමු වැන්න පාප්තුමා පිලිගන්නා උලෙලේදී බෞද්ධයින්ට වුණු අවමානයය.
පාප්තුමා පිලිගන්නා උලෙලට පාප් පැමිණෙන්නට පැය බාගයකට පෙරාතුව සියළු භික්ෂුන් අසුන් ගෙන සිටිය යුතු බවට දන්වා තිබිණ. භික්ෂුන්ගේ තත්වය එතරම් හෑල්ලු කිරීම පිලිබදව පසුගියදා සිංහල රාවය ජාතික සංවිධානය, මතුගම සෙනවිරුවන් මහතා සහ චමිල ලියනගේ මහතා වැනි අය තම අකමැත්ත අදාල පාර්ශවයන්ට පල කොට තිබිණ.
එසේම පාප් පිලිගැනීමේ උත්සවය තුල බෞද්ධ ආගමික වතාවත් වලට කිසිදු තැනක් ලැබී තිබුනේ නැත. බෞද්ධ රටක් වීත් මෙවන් උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් හැලී යාම පිලිබද බෞද්ධ අප සිත් තුළ ඇත්තේ දැඩි කණගාටුවකි.
පාප්තුමා පිලිගන්නට ගාලුමුවදොර පිටියේ සකසා තිබුණේ නුවර යුගයේ සම්ප්‍රදායන් අනුකරණය කළ මගුල් මඩුවකි. මෙසේ බෞද්ධ සංස්කෘතිකාංග මංකොල්ල කමින් බෞද්ධ ආගමික වතාවත් හලා කළ අවමානය පිලිබදව නම් බෞද්ධ අප සිත් තුල ඇත්තේ නොමද කලකිරීමකි.
අවසානයේ මාධ්‍යෙව්දී ජයන්ත සුබසිංහ මහතාගේ අපූරු කවියකින් මේ කෙටි සටහන නිමා කරමි. ඒ කවිය ඔබට සිතන්නට බොහෝ දේ දෙනු ඇත.
...................
.....................
සිනා පපා මිසදිටු පිය සැපත් උනි .............
මනා ලෙසින් නොමනා වැඩ ගොඩක් උනි
වනා බොදු කොඩිද ඔක්කොම එකයි මෙනි
ඉනා කාපු ජාතිය වැනි වැනි උනි

.....................සිනා පපා මිසදිටු පිය සැපත් උනි .............
මනා ලෙසින් නොමනා වැඩ ගොඩක් උනි
වනා බොදු කොඩිද ඔක්කොම එකයි මෙනි
ඉනා කාපු ජාතිය වැනි වැනි උනි