පාපැදිය අඩසියවසකට පසු ගසකින් මතුවේ

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    පාපැදිය අඩසියවසකට පසු ගසකින් මතුවේ

    මෙයට වසර 49කට පෙර වොෂින්ටන් නුවර වැෂන් අයිලන්ඩ්හි අවුරුදු අටක් වයසැති කූඩා දරුවෙක් තම පාපැදිය වන ලැහැබක් අසල තරමක් දුරට වැඩුනු ගසකට හෙත්තුකර සෙල්ලමි කිරිමට ගියේය. සෙල්ලමි කිරිමෙන් පසු නැවත නිවස බලා යෑමට පැමිණි මෙම කුඩා දරුවාට තම පාපැදිය සොයා ගැනිමට නොහැකිවිය. නිවසට පැමිණි ඔහු තම පාපැදිය නැතිවු බව මවට කීවේය. නැති වූ යතුරු පැදිය ගැන කිසිම තොරතූරක් ඔවුනට දන ගැනිමට හැකි වූයේ නැත. හෙලන් පුෂ් (99) නමැති ඔහුගෙ මිත්තනිය රුපවාහිණි පුවත් නරඹමින් සිටියාය. නෙත් අදහාගත නොහැකි පුවතක් රුපවාහිණි තිරයේ ඇයට දිස් විය. කුඩා පාපැදියක් සමග වැඩුණු විශාල ගසකි. ඇයගේ මතකය වසර 49ක් ඈතට දිව ගියාය. පියාගේ මරණයෙන් වසරකට පසු තමා පුතාට තිළිණ කළ කුඩා පාපැදිය ඵය බවට ඇය හදුනා ගත්තාය. ඵදා තම පුතා පාපැදිය රැදවු කුඩා ගස අද වනවිට මහා විශාල ගසකි. ගසේ තරමක් ඉහලට වනසේ මැද පාපැදිය රැදි තිබෙයි. වසර 49ක ගියද කුඩා පාපැදියේ ඉදිරි රෝදය තවමත් කැරකෙන බව ඇමරිකානු මාධ්‍ය වර්ථා කරයි.

    Boy-went-to-war-in-1914-left-his-bike-chained-to-a-tree-or-so-it-says.jpg