පායා ආ සඳ - මිල්ටන් මල්ලවාරච්චි
පායා ආ සඳ අඳුරු වලාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
ශෝකය තාපය පාළුව අතරේ
ඉකි බිඳ හැඬුවා ඇසුනා
හද විමනේ බිතු සිතුවම්
කිලිටි කලේ ඔබේ දෑතයි..//
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
පායා ආ සඳ.....
ඔබ පැමිණී ඔබම ගියා
නැවතුන තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහෙ සිට හෝ යලි එන්නම්
පායා ආ සඳ.....
පායා ආ සඳ අඳුරු වලාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
ශෝකය තාපය පාළුව අතරේ
ඉකි බිඳ හැඬුවා ඇසුනා
හද විමනේ බිතු සිතුවම්
කිලිටි කලේ ඔබේ දෑතයි..//
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
පායා ආ සඳ.....
ඔබ පැමිණී ඔබම ගියා
නැවතුන තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහෙ සිට හෝ යලි එන්නම්
පායා ආ සඳ.....
