පාරවල්_ලොකු කරාට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාරවල්_ලොකු කරාට

    පාරවල් ලොකු කරාට ට්‍රැෆික් එක නැති කරන්න පුළුවන්ද?

    12.jpg

    23.jpg

    චීනයේ මංතීරු 50ක අධිවේගී මාර්ගයක් ට්‍රැෆික් වූ හැටි

    ලොව සීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් හිමි චීනය එරට ජනගහණය දිනෙන් දින වර්ධනය වීමට සාපේක්ෂව මංමාවත් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ඉහළ දියුණුවක් අත්කර ගනිමින් සිටියි. කෙසේ වුවද චීනය පසුගිය දිනක මුහුණදුන් ඇදහිය නොහැකි පුවතක් ගැනයි මේ ඔබව දැනුවත් කරන්න යන්නේ.

    ඒ චීනයේ මංතීරු 50ක අධිවේගී මාර්ගයක ඇති වූ රථවාහන තදබදයක් ගැනයි. මේ මාර්ගය G4 Beijing-Hong Kong-Macau Expressway ලෙස නම් කර තිබේ.එම අධිවේගී මාර්ගයේ පිටවීමේ පර්යන්තය ආශ්‍රිතව වාහන පරික්ෂා කිරීම සඳහා නව පිවිසුමක් ස්ථාපිත කිරීම මෙයට හේතුව බව පැවසෙනවා. එසේම මුරපොළ පසුකර යාමත් සමග නැවත මාර්ගය පටුවීම ද මෙම රථවාහන තදබදයට හේතුවක් බවයි කියවෙන්නේ.

    චීන ජාතික දිනය යෙදෙන මේ මස 1 වැනිදාට පසුව ලැබෙන සති අන්ත දීර්ඝ නිවාඩුව (ගොල්ඩන් සතිය) ගත කිරීමට ‍ගොස් නැවත බීජිං හි පිහිටි සිය නිවෙස් බලා පැමිණෙන පිරිසක් මෙලෙස අධිවේගී මාර්ගයේදී දැඩි රථවාහන තදබදයකට මුහුණපාන අයුරු දැක්වෙන ඡායා රූප හා වීඩියෝවක්ද අන්තර්ජාලයට මුදාහැර ඇත.

    චීනය කෙතරම් දියුණුවුවත්, එරට ජනගහණය හා සැසඳීමේදී මංතීරු 50ක අධිවේගී මාර්ගයක සිදුවන මෙම රථවාහන තදබදය ගුවනේ සිට දිස්වන්නේ මෝටර් රථ නැවතුමක් (carparks) මෙනි.

    එම වීඩියෝව පහතින බලන්න

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "එම අධිවේගී මාර්ගයේ පිටවීමේ පර්යන්තය ආශ්‍රිතව වාහන පරික්ෂා කිරීම සඳහා නව පිවිසුමක් ස්ථාපිත කිරීම මෙයට හේතුව බව පැවසෙනවා. එසේම මුරපොළ පසුකර යාමත් සමග නැවත මාර්ගය පටුවීම ද මෙම රථවාහන තදබදයට හේතුවක් බවයි කියවෙන්නේ."

    "චීන ජාතික දිනය යෙදෙන මේ මස 1 වැනිදාට පසුව ලැබෙන සති අන්ත දීර්ඝ නිවාඩුව (ගොල්ඩන් සතිය) ගත කිරීමට ‍ගොස් නැවත බීජිං හි පිහිටි සිය නිවෙස් බලා පැමිණෙන පිරිසක් මෙලෙස අධිවේගී මාර්ගයේදී දැඩි රථවාහන තදබදයකට මුහුණපාන අයුරු දැක්වෙන ඡායා රූප හා වීඩියෝවක්ද අන්තර්ජාලයට මුදාහැර ඇත."

    මේ හේතු දෙක හින්දයි එහෙම වෙලා තියෙන්නෙ. ආණ්ඩුවේ මෝඩයො ගේන තර්ක හොයන්නෙ බලන්නෙ නැතුව හැම තැනටම ඇප්ලයි කරන්න හදන්න එපා :cool:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    bottleneck ekak thiyeddi ohoma thama
    ithin wahana godak hirawena eka ahannath deyakda
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,571
    5,470
    113
    balapang traffic jam ekaka wunath ,wahana kochchara piliwelakata thiyenawafa kiyala,mehe nam assen mullen daala achcharuwak wage thiyey
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    "එම අධිවේගී මාර්ගයේ පිටවීමේ පර්යන්තය ආශ්‍රිතව වාහන පරික්ෂා කිරීම සඳහා නව පිවිසුමක් ස්ථාපිත කිරීම මෙයට හේතුව බව පැවසෙනවා. එසේම මුරපොළ පසුකර යාමත් සමග නැවත මාර්ගය පටුවීම ද මෙම රථවාහන තදබදයට හේතුවක් බවයි කියවෙන්නේ."

    "චීන ජාතික දිනය යෙදෙන මේ මස 1 වැනිදාට පසුව ලැබෙන සති අන්ත දීර්ඝ නිවාඩුව (ගොල්ඩන් සතිය) ගත කිරීමට ‍ගොස් නැවත බීජිං හි පිහිටි සිය නිවෙස් බලා පැමිණෙන පිරිසක් මෙලෙස අධිවේගී මාර්ගයේදී දැඩි රථවාහන තදබදයකට මුහුණපාන අයුරු දැක්වෙන ඡායා රූප හා වීඩියෝවක්ද අන්තර්ජාලයට මුදාහැර ඇත."

    මේ හේතු දෙක හින්දයි එහෙම වෙලා තියෙන්නෙ. ආණ්ඩුවේ මෝඩයො ගේන තර්ක හොයන්නෙ බලන්නෙ නැතුව හැම තැනටම ඇප්ලයි කරන්න හදන්න එපා :cool:

    එතකොට ලේන් 50ක් හදලා තියෙන්නේ ඔය හේතු දෙක හින්දම වෙන්න ඇති.:lol: