ට්‍රැෆික්_ට්‍රැෆික්_අයියෝ_ට්‍රැෆික්

uditha224

Well-known member
  • ට්‍රැෆික්_ට්‍රැෆික්_අයියෝ_ට්‍රැෆික්



    ලොව සීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් හිමි චීනය එරට ජනගහණය දිනෙන් දින වර්ධනය වීමට සාපේක්ෂව මංමාවත් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ඉහළ දියුණුවක් අත්කර ගනිමින් සිටියි. :yes: කෙසේ වුවද චීනය පසුගිය දිනක මුහුණදුන් ඇදහිය නොහැකි පුවතක් ගැනයි මේ ඔබව දැනුවත් කරන්න යන්නේ.

    ඒ චීනයේ මංතීරු 50:shocked::shocked: අධිවේගී මාර්ගයක ඇති වූ රථවාහන තදබදයක් ගැනයි. මේ මාර්ගය G4 Beijing-Hong Kong-Macau Expressway ලෙස නම් කර තිබේ.එම අධිවේගී මාර්ගයේ පිටවීමේ පර්යන්තය ආශ්‍රිතව වාහන පරික්ෂා කිරීම සඳහා නව පිවිසුමක් ස්ථාපිත කිරීම මෙයට හේතුව බව පැවසෙනවා. එසේම මුරපොළ පසුකර යාමත් සමග නැවත මාර්ගය පටුවීම ද මෙම රථවාහන තදබදයට හේතුවක් බවයි කියවෙන්නේ.

    චීන ජාතික දිනය යෙදෙන මේ මස 1 වැනිදාට පසුව ලැබෙන සති අන්ත දීර්ඝ නිවාඩුව (ගොල්ඩන් සතිය) ගත කිරීමට ‍ගොස් නැවත බීජිං හි පිහිටි සිය නිවෙස් බලා පැමිණෙන පිරිසක් මෙලෙස අධිවේගී මාර්ගයේදී දැඩි රථවාහන තදබදයකට මුහුණපාන ලදී.

    එරට ජනගහණය හා සැසඳීමේදී මංතීරු 50ක අධිවේගී මාර්ගයක සිදුවන මෙම රථවාහන තදබදය ගුවනේ සිට දිස්වන්නේ මෝටර් රථ නැවතුමක් මෙනි.



    a.jpg

    b.jpg

    c.jpg

    d.jpg

    12.jpg

    බලන්න වීඩියෝව.



    මේවගේ එකකට හිර උනොත් කොහොමද?
     
    • Like
    Reactions: Sachira123

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චීනෙද කොහෙද වතාවක් දවස් ගානක් ට්‍රැෆික් එක තිබිල තියෙනවා.. කොහොමද දන්නෑ බං ට්‍රැෆික් එකේ හිරවෙච්චි උන් චූ කරන්න එහෙම ගියේ..
     

    uditha224

    Well-known member
  • චීනෙද කොහෙද වතාවක් දවස් ගානක් ට්‍රැෆික් එක තිබිල තියෙනවා.. කොහොමද දන්නෑ බං ට්‍රැෆික් එකේ හිරවෙච්චි උන් චූ කරන්න එහෙම ගියේ..


    මුන් යන යන තැන ප්ලාස්ටික් බෝතලයක් අරන් යනවද දන්නේ නෑ, චූ කරන්න. :confused:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චීනෙද කොහෙද වතාවක් දවස් ගානක් ට්‍රැෆික් එක තිබිල තියෙනවා.. කොහොමද දන්නෑ බං ට්‍රැෆික් එකේ හිරවෙච්චි උන් චූ කරන්න එහෙම ගියේ..

    :baffled: wahana dala awidagena yanna athi...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චීනෙද කොහෙද වතාවක් දවස් ගානක් ට්‍රැෆික් එක තිබිල තියෙනවා.. කොහොමද දන්නෑ බං ට්‍රැෆික් එකේ හිරවෙච්චි උන් චූ කරන්න එහෙම ගියේ..

    un chu karane sathiyaata eka parayi ban