පාර්ලිමේන්තුවේ ගංජා ගහන මැති ඈමතීන් 14ක්
පාර්ලිමේන්තුවේ 225 න් 14 ක් ගංජා උරති; මයිල් ඉස්මයිල් වන 'ඉන්දු-ලංකා මල් කථාව' ..!
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ හෙළිදරව්ව
(ලංකා ඊ නිව්ස් -2018.අගෝ.27, පෙ.ව.8.45) ලංකාවේ පුරවැසියන් සිතා සිටින්නේ රට සිංගප්පුරුවක් නොවන්නේ දේශපාලකයන්ගේ වරදින් බවය. රටේ ආර්ථික සහ සාමාජීය කඩා වැටීමට වග කිව යුත්තේ පාලකයන් බවය. ලෝකයේ ජනගහනයට සාපේක්ෂව වැඩිම රාජ්‍ය සේවක සංඛ්‍යාවක් සිටින්නේ ලංකාවේය. චිරාත් කාලයක පටන් එම ලෝක වාර්තාව අප සතුය. ජනගහනය සහ ආරක්ෂක සේනාව අතර අනුපාතය අනුව ලංකාව සිටින්නේ හතර වන ස්ථානයේය. මුඛ්‍ය පරමාර්ථය වූ නිවන් මග සෙවීම පසෙක ලා රට හැදීමට කියා පාරට එන කහ සිවුරු හමුදාවක්ද ඇත්තේය. පළමුව මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම යයි පපුවේ කොටා ගත් විප්ලවවාදීන් ද ඇත්තේය. ලක්ෂ14 වූ රජයේ සේවකයන්, ලක්ෂ 4 ඉක්ම වූ ආරක්ෂක අංශය , රට හැදීමට කියා පාරට එන කහ සිවුරු හමුදාව , රට වෙනුවෙන් මරාගෙන මැරෙන විප්ලවාදීන් මේ සියල්ල එක්වූ කල ලක්ෂ 30 කට ආසන්නය. එනමුත් මොවුන්ගේ අඩෝවැඩියාව විහිලු සහගත ය. මොවුන් කියන්නේ රට කාබාසිනියා කරන්නේ පාර්ලිමේන්තුවේ සිටින 225ක 'හොර කල්ලියක්' කියා ය. ලක්ෂ 30ක 'එලයිට් ෆෝස්' එකක් 225 ක් වූ හොර කල්ලියකට බිය ය. මේ අනුවේදනීය සටහන එකී කථා පුවතේ එක් ජවනිකාවක් පිලිබඳවය.
උවදුරේ ඉතිහාසය
ගන්ජා ඈත අතීතයේ පටන් ලක්වාසීන් භාවිත කළ ඖෂධයක් බව සැබෑය. උදේට රා කට්ටක් බී හැන්දෑවට 'මලක් ගසා' දැහැමින් සෙමින් එක ගෙයි කෑවෝ ය. නමුත් 'ඊස්ට් ඉන්ඩියා වෙළඳ සමාගම' දකුනු ආසියාව ආක්‍රමනය කිරීමත් සමගම මෙම තත්වය උඩු යටිකුරු විය. 17 වන සියවසේ සිට දුම්වැටි සහ සැර මත්පැන් නිෂ්පාදනයෙන් ලොව නමක් දිනාගෙන සිටියේ ඊස්ට් ඉන්ඩියා වෙළඳ සමාගමේ හිමිකරු වූ 'රෝත්ස්චයිඩ්' ය. සුද්දන්ගේ දුම්වැටි සහ සැර මත්පැන් ජනතාව අතර ප්‍රචලිත කිරීමට දේශීය මත්පැන් සහ දුම්වැටි තහනම් කෙළේය. ඒ අනුව ඉංග්‍රීසි ආන්ඩුව ගන්ජා තහනම් මත්ද්‍රව්‍යක් ලෙසට නම් කළේය. පොල් රා, කිතුල් රා වලට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නේ ඒවා අභාවයට පත් කිරීමට ය. එපමනක් නොව භාවිතයෙන් ඉවතට ගිය ගන්ජා වල අඩුව පිරවීමට ප්‍රබල ආදේශක පැමිනියේය. ඊස්ට් ඉන්ඩියා හිමිකරු වූ රොත්ස්චයිඩ් පාමීර් සානුවේ සරුවට වැඩුනු පොපිමල් දුටුවේය. නොබෝ කලකින් ඔහු යටතේ වූ බවර් සමාගම හරහා හෙරොයින් නිපද වූයේය.
සොමියට ගන්ජා ගසා වැඩේ සිරිසේන වීම
ගන්ජා එකදිගට කාලයක් භාවිතයට ගන්නා විට කුරුවල් වීම සිදුවේ. එනම් මත් ගතියේ මදි පාඩුවක් දැනීමය. නමුත් මත් ගතියේ කොතරම් මදි පාඩුවක් දැනුනද එදා ගන්ජා වලට එහා සැර දෙයක් නොවිනි. නමුත් අද තත්වය ඊට හාත්පසින් වෙනස්ය. අද ගන්ජා භාවිතා කරන අයෙකුට මත්වීමේ මදි පාඩුව දැනෙන විට ඊටත් එහා සැර දෙයක් භාවිත කළ හැකිය. ඩාන්සින් පෙත්තේ සිට හෙරෝයින් දක්වා 'ඔප්ෂන්' ගණනාවකි. ගන්ජා ඖෂධයක් විය හැක , ශරීරයට ඉන් ඇති වන හානිය දුම්කොල වලින් තරම් නොවේ. නමුත් එහි භයානක අඩිය නම් ගන්ජා වලට ආවේනික කුරුවල් ගතිය නිසා ප්‍රභල මත් ද්‍රව්‍යයක් වෙත සංක්‍රමනය වීමට පෙළැඹවීමක් ඇති කිරීමය. දහම් සිරිසේනගේ සිට කුඩු ගසන චීවරධාරී කුසල ධම්මලා දක්වා අත් වූයේ මෙම සන්තෑසියයි. ලංකාවේ හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූ 90% ක්ම මුලින් ගන්ජා පානය කළ උන්ය. ගන්ජා සමාජීය උවදුරක් වුවද ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒ පිලිබඳව වගවන ආකාරය කණගාටු දායකය.
මයිල් ඉස්මයිල් වන කථාව
ගන්ජා පිලිබඳව ලංකාවේ ආරක්ෂක අංශ හොරගල් අහුලන නිසා ඛේදවාචකයේ දිග පලල ඉන්දියානු ආරක්ෂක වාර්තා හරහා පැහැදිලි කිරීම යෝග්‍යය. ඉන්දියානු වාර්තා අනුව දළ වශයෙන් ගන්ජා කි.ග්‍රෑ 1,80,000 - 2,00,000 ක් අතර ප්‍රමානයක් වසරකට ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන්නේ ය. ලංකාවේ පොලිස් වාර්තා අනුව වසරකට අත් අඩංගුවට ගත හැකි වන්නේ ගන්ජා කි.ග්‍රෑ 25,000 -35,000අතර ප්‍රමාණයකි. (දේශීය සහ විදේශීය ගන්ජා දෙකම එකතුව) ලංකාවේ ලක්ෂ 6-7ත් අතර ප්‍රමාණයක් ගන්ජා භාවිත කරන බවට ගණන් බලා ඇත. ඉන් 5% ක් කාන්තාවෝ ය. ඉතා විශ්වාසී තොරතුරු අනුව පොලීසියේ සිටින ගන්ජා භාවිතා කරන නියෝජ්‍ය පොලිස්පතිවරු ගණන 3 කි. හමුදාවේ බ්‍රිගේඩියර් නිලයෙන් ඉහල 11 දෙනෙකු ගන්ජා භාවිතා කරති. ගුවන් හමුදාවේ ගුවන් කොමදොරු නිලයෙන් ඉහල 3 දෙනෙකු ගන්ජා භාවිතා කරති. නාවික හමුදාවේ කොමදෝරු නිලයෙන් ඉහල 2 දෙනෙකු ගන්ජා භාවිත කරති. ආසන්න වශයෙන් ආරක්ෂක අංශයේ සහ පොලීසියේ 13,000 -14,000ක් අතර ප්‍රමාණයක් ගන්ජා භාවිත කරන්නෝ ය. පාර්ලිමේන්තුවේ සිටින 225 න් 14 දෙනෙකු ගන්ජා උරන්නේය. මෙම ගණන් හිලව් මීට වැඩි විය හැකි වනවා මිස අඩු නොවේ.
ගුවන් නියමුවන්ගේ ගන්ජා ඉරිල්ල
ගුවන් නියමුවන්ගේ ගන්ජා භාවිතය පිලිබඳ මෙම කථාව යුද්ධය පැවති සමයේ සිදුවූවකි. ගණන් හිලව් වලින් දැක්වූ පරිදි පොලීසියේ සහ හමුදාවේ ගන්ජා භවිතය ගජරාමෙට සිදුවන්නකි. ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ද ගන්ජා ඉරීම යහමින් කරගෙන ගියෝය . ජයලත් වීරක්කොඩි ගුවන්හමුදාපති ලෙස පත්වීමත් සමගම ගන්ජා වලට වැට බැඳීමට සූදානම් වූයේය. අරක්කු කසිප්පු මෙන් නොව ගන්ජා බීපු අයෙක් බැලුම් පුම්බා හඳුනා ගත නොහැක. එය හඳුනා ගැනීමට ලේ - මූත්‍ර පරීක්ෂාවක් කළ යුතුය. ඊට අදාල වෛද්‍ය උපකරණ ගෙන්වූ ගුවන්හමුදාපති , හදිසියේ කඩා පනින කන්ඩායමක් යොදවා ගුවන් නියමුවන්ගේ ලේ - මූත්‍ර සාම්පල් ලබාගත්තේය. පරීක්ෂණ ප්‍රතිඵල අනුව ගුවන් නියමුවන් 7 දෙනෙකු ගන්ජා භාවිතා කර සිටි බව තහවුරු විය. ඒ සමගම ඔවුන් සේවයෙන් පහ කරන කසුකුසුවක් පැතිර ගියේය. දින කිහිපයක් ගත වෙත්ම යලිත් වතාවක් ගුවන් නියමුවන් පරීක්ෂණයට ලක් කලේය. දෙවන පරීක්ෂනයේ ප්‍රතිඵල වලින් ගුවන් හමුදාපතිගේ ඇස් උඩ ගියේය. ගුවන් නියමුවන් 12 දෙනෙකු ගන්ජා භාවිත කර ඇති බව තහවුරු විය. කරුනු සොයා බැලීමේදී හෙළිවූයේ ගුවන් හමුදාවෙන් ඉවත්වීමට බලා සිටින උන් මහත් උද්‍යෝගයෙන් ගන්ජා උරා ලේ-මූත්‍ර සාම්පල් දී ඇති බවය. ගුවන් හමුදාපතිගේ 'ගන්ජා ටෙස්ට්' එක එතැනින්ම අහවර විය.
මිනිස් ජාවාරමේ කාබන් කොපියක් වූ ගන්ජා ජාවාරම
ගන්ජා ජාවාරම සිදුවන්නේ නාවික හමුදාවේ සහ පොලීසියේ අනුදැනුම මත යයි සටහන් කිරීමට ප්‍රථම ආනුශංගික සිහිකැඳවීමක් කිරීම යෝග්‍ය ය. 2005- 2013 අතර කාලයේ බෝට්‍ටු මගින් මිනිසුන් රට පැටවීමේ ජාත්‍යන්තර තිප්පල බවට පත්ව තිබුනේ ලංකාවයි. තැරැව්කරුවන් හරහා මුදල් ගෙවූ ඉන්දීය, නේපාල, බංගලි බුරුතු පිටින් ලංකාවට පැමිණියහ. මොවුන් නැව් නගින තෙක් ගොඩබිමේ ආරක්ෂාව සැපයුවේ පොලීසියෙනි. පිරිස ගමන්ගන්නා බෝට්‍ටුව ජාත්‍යන්තර මුහුද දක්වා රැගෙන ගියේ නාවික හමුදාව විසිනි. නාවික හමුදාවේ සහ පොලීසියේ ඉහල නිලධාරීහු මිනිස් ජාවාරමේ කොටස් කරුවන් වූහ. එක් නැවක් දියත් කිරීම වෙනුවෙන් පොලීසියට සහ නාවික හමුදාවට ලක්ෂ 30 -50ත් අතර මුදලක් ගෙවීමට සිදුවිය. කරන්නාගොඩ විසින් නාවික හමුදාවේ මිනී මැරුම් සහ කප්පම් යට ගහන විට ඒ පිලිබඳව රහස් පොලීසියට තොරතුරු ලබා දුන්නේ නාවික හමුදාවේම නිලධාරියෙකි . ඔහු නමින් ලුතිනල් කමාන්ඩර් ක්‍රිෂාන්ත වෙලගෙදර නම් විය. ක්‍රිශාන්ත වෙලගෙදර ඒ තොරතුරු හෙලිකෙළේ රවිරාජ් ගැන හෝ මරා දැමූ අහිංසකයන් ගැන අනුකම්පාවෙන් නොවේ. මිනිස් ජාවාරමට සම්බන්ධ ලොකු කකුලක් වූ ක්‍රිෂාන්ත වෙලගෙදර තමන්ට එල්ල වූ චෝදනා වලට වංගුවක් දා ගැනීම පිනිස කප්පම් කල්ලිය හෙළි කළේය.
වගකිව යුත්තන්ගේ වගකීම
මිනිස් ජාවාරමේ ස්වරූපය වූයේ ලොකු බෝට්‍ටු 20 ක් පන්නන විට එක් කුඩා බෝට්‍ටුවක් අල්ලා මාධ්‍ය ප්‍රදර්ශනයක් තැබීමය. ඉන්දු -ලංකා ගන්ජා ජාවාරමේ ස්වරූපය ද මෙයයි . පොලීසියේ සහ නාවික හමුදාවේ අනුග්‍රහයෙන් ගන්ජා කි.ග්‍රෑ. 1000 ක් රට තුලට පටවන විට කිලෝ 20 ක් අල්ලා මාධ්‍ය සංදර්ශනයක් තබන්නේය. ගන්ජා ජාවාරමේ මුහුදේ වැඩ කොටස නාවික හමුදාව විසින් ඉටුකරන අතර ගොඩ බිමේ කොටස පොලීසිය ඉටුකරයි. ලංකාවේ ඒජන්තයාට බඩු ලැබුණු විගස නාවික හමුදාවේ සහ පොලීසියේ ගෙවීම් සිදුවෙයි . මෙම වසරේ මුල් හය මාසය තුල ගන්ජා ප්‍රවාහනය කොට අත් අඩංගුවට පත්ව ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 24කි. ඉන්දියානු ගන්ජා මෙරටට ගොඩබාන ප්‍රධානතම කලාපය කල්පිටියේ සිට මන්නාරම දක්වා වැටී ඇත. මෙම ප්‍රදේශය මුලුමනින්ම පාහේ අඳුරු කලාපයකි. අනාදිමත් කාලයක සිට ජාවාරම් වලට නම් දැරූ ප්‍රදේශයකි. ජනමාධ්‍ය , සිවිල් සංවිධාන පය නොතබන ප්‍රදේශයකි. ලංකාවේ ජනමාධ්‍ය යනු හුදෙක් ගෝල්ඩ් ෆිෂ් සංස්කෘතියකි. ඔවුන් සාමාජීය වගකීම් ඉටු කරන හෝ ගවේශනශීලී වාර්තාකරණයකට දායක වන පිරිසක් නොව ජනතාවට ලස්සනට බලා ඉන්නට රැලි වරල් තිබෙන, දුන් දේ කා දී තිබෙන සීමාවේ හොඳට පීනන ගෝල්ඩ් ෆිෂ්ලා කොටසකි. පොලීසිය විසින් පාර්සල් කිහිපයක් ප්‍රදර්ශනය කරන විට ගන්ජා තොග ඇල්ලූ බවට ප්‍රචාරයක් ලබා දීමේ මාධ්‍ය කලාව ඒ ගෝල්ඩ් ෆිෂ්ලා හොඳට කරගෙන යති.
කීර්ති රත්නායක විසිනි
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී
ලියුම්කරුගේ වෙනත් ලිපි පහත දිගුවෙන් කියවන්න
https://www.lankaenews.com/category/48
---------------------------
by (2018-08-27 03:28:31)