ඕන්න ඇඩියාව පටන් ගත්ත..චන්දයක් කොහොමද බන් නීති විරෝධී වෙන්නෙ ලොල්.. අනික චන්දෙ නීති විරෝධි හෝ නිතිගත කියන එක හොයන්ඩ බලයක් කවුද මැකෝට දුන්නෙ??? ලොල් ඒක අධිකරනයට අදාල දෙයක්..
මොකක්ද විදේශ බලපෑම අපේ රටේ චන්දෙ තියන්ඩ මොන පර සුද්දගෙන්ද අවසර ගන්ඩ ඔනෙ ????
පාර්ලිමේන්තුව විසිරුවීම ව්‍යවස්ථවට පටහැණි නං එය නීති විරෝධිව පැමිණෙන මැතිවරණයක් විදියට අර්ථ කථනය කරන්න පුලුවනි..
විදේශ බලපෑම ඕනවට වඩා සුළුවට තකල ලිං මැඩියෙක් වෙන්න එපා...
මේ තියෙන්නේ මැකෝගෙ ප්‍රකාෂය..
"නීත්‍යනුකුලව පැමිණෙන ඕනම මැතිවරණයකට ගිනි නිවන හමුදාව සේ සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විමසීමකදී සඳහන් කළේය.
මේ වසරට අදාළඡන්ද හිමි නාමලේඛනය මේ වන විට සහතික කර තිබෙන අතර, පරිපුරක ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ලබන මාසය වන විට ඡන්ද හිමි නාමලේඛනය සම්පූර්ණ වන අතර, පළාත් සභා මැතිවරණය මූලික කර ගනිමින් නිලධාරී සංගණන වාර්තා කැඳවීම ආරම්භ කර තිබේ.
මේ නිසා ඉදිරියේදී එන ඕනෑම නීත්‍යනුකූල මැතිවරණයකට මුහුණදීමේ හැකියාව තිබෙන බවද එම කොමිසම සඳහන් කරයි. ඡන්ද හිමි නාමලේඛනයට අනුව යම්යම් දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු පිරිමින් ඉහළ ගොස් තිබෙන බැවින් දිස්ත්‍රික් පදනමින් මන්ත්‍රී ආසන වෙන් කිරිමේ කටයුතු ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම සම්පුර්ණයෙන්ම අවසන් වූ පසු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ."


ඉස්සරහට හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි. ලංකාවට විදේශ බලපෑම් එන විදියට වැඩ සිද්ධ වෙයිද
අර ප්‍රේමදාස මහන්සියෙන් ගොඩ නගපු චන්ද පදනම.