පාර්ලිමේන්තුව විසුරුවයිද?

waca

Well-known member
  • Nov 13, 2006
    3,743
    2,217
    113
    Nugegoda
    ඕන්න ඇඩියාව පටන් ගත්ත..:lol::lol::lol: චන්දයක් කොහොමද බන් නීති විරෝධී වෙන්නෙ ලොල්.. අනික චන්දෙ නීති විරෝධි හෝ නිතිගත කියන එක හොයන්ඩ බලයක් කවුද මැකෝට දුන්නෙ??? ලොල් ඒක අධිකරනයට අදාල දෙයක්..:P:P මොකක්ද විදේශ බලපෑම අපේ රටේ චන්දෙ තියන්ඩ මොන පර සුද්දගෙන්ද අවසර ගන්ඩ ඔනෙ ????

    පාර්ලිමේන්තුව විසිරුවීම ව්‍යවස්ථවට පටහැණි නං එය නීති විරෝධිව පැමිණෙන මැතිවරණයක් විදියට අර්ථ කථනය කරන්න පුලුවනි..

    විදේශ බලපෑම ඕනවට වඩා සුළුවට තකල ලිං මැඩියෙක් වෙන්න එපා...

    මේ තියෙන්නේ මැකෝගෙ ප්‍රකාෂය..
    "නීත්‍යනුකුලව පැමිණෙන ඕනම මැතිවරණයකට ගිනි නිවන හමුදාව සේ සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විමසීමකදී සඳහන් කළේය.

    මේ වසරට අදාළඡන්ද හිමි නාමලේඛනය මේ වන විට සහතික කර තිබෙන අතර, පරිපුරක ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
    ලබන මාසය වන විට ඡන්ද හිමි නාමලේඛනය සම්පූර්ණ වන අතර, පළාත් සභා මැතිවරණය මූලික කර ගනිමින් නිලධාරී සංගණන වාර්තා කැඳවීම ආරම්භ කර තිබේ.

    මේ නිසා ඉදිරියේදී එන ඕනෑම නීත්‍යනුකූල මැතිවරණයකට මුහුණදීමේ හැකියාව තිබෙන බවද එම කොමිසම සඳහන් කරයි. ඡන්ද හිමි නාමලේඛනයට අනුව යම්යම් දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු පිරිමින් ඉහළ ගොස් තිබෙන බැවින් දිස්ත්‍රික් පදනමින් මන්ත්‍රී ආසන වෙන් කිරිමේ කටයුතු ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම සම්පුර්ණයෙන්ම අවසන් වූ පසු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ."
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    අර විඩියෝ එකක් තිබ්බෙ අහු උනොත් දාන්නම් .. 19 ඉoග්‍රිසියෙන් හදල රනිල ඉල්ලන් ටින්කිරි ගාගෙන තියෙන්නෙ..:lol::lol::lol::lol:


    Meka supiri gemak ban
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    Meka supiri gemak ban

    මටත් දැන් හිතෙනවා මේකත් නිකන් ඉලියඩ් කාවයය වගේ සීන් එකක් කියලා. මෛත්‍රී පාල කියන්නෙ ට්‍රෝජන් අස්සයද කොහෙද බං.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව විසිරුවීම ව්‍යවස්ථවට පටහැණි නං එය නීති විරෝධිව පැමිණෙන මැතිවරණයක් විදියට අර්ථ කථනය කරන්න පුලුවනි..

    විදේශ බලපෑම ඕනවට වඩා සුළුවට තකල ලිං මැඩියෙක් වෙන්න එපා...

    මේ තියෙන්නේ මැකෝගෙ ප්‍රකාෂය..
    "නීත්‍යනුකුලව පැමිණෙන ඕනම මැතිවරණයකට ගිනි නිවන හමුදාව සේ සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විමසීමකදී සඳහන් කළේය.

    මේ වසරට අදාළඡන්ද හිමි නාමලේඛනය මේ වන විට සහතික කර තිබෙන අතර, පරිපුරක ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
    ලබන මාසය වන විට ඡන්ද හිමි නාමලේඛනය සම්පූර්ණ වන අතර, පළාත් සභා මැතිවරණය මූලික කර ගනිමින් නිලධාරී සංගණන වාර්තා කැඳවීම ආරම්භ කර තිබේ.

    මේ නිසා ඉදිරියේදී එන ඕනෑම නීත්‍යනුකූල මැතිවරණයකට මුහුණදීමේ හැකියාව තිබෙන බවද එම කොමිසම සඳහන් කරයි. ඡන්ද හිමි නාමලේඛනයට අනුව යම්යම් දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු පිරිමින් ඉහළ ගොස් තිබෙන බැවින් දිස්ත්‍රික් පදනමින් මන්ත්‍රී ආසන වෙන් කිරිමේ කටයුතු ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම සම්පුර්ණයෙන්ම අවසන් වූ පසු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ."

    නිති විරෝධිද නීති ගතද කියල අර්ත නිරූපනය කරන්නෙ අධිකරනයෙන් ඒක මැකෝට අදාල දෙයක් නෙමේ..2017 චන්ද හිමි නාමලේඛනයට අනුව චන්දෙ තිබ්බම ඕක ඉවරයි...මැකෝ ඒක අපුරුවට කරයි ,සිරා විසිරුවොත් අනිව චන්දෙ තමයි ඒකෙ දෙකක් නැ..

    විදේශයකින් කිසිම බලපෑමක් මම නම් දැක්කෙ නැ ටුවිට් කරන එක බලපෑමක්ද ලොල් ඕව මේ උබල වගේ ගූ ඇන් පී කාරයන්ට චූන් වෙන්ඩ හොද දේවල් විතරයි..ඕන්න ඉන්දියාව මොනා හරි කියුවනම් ආන්න අවුල් ඉන්දියාව මොකුත් නොකිය ඉන්න එකේ ඔය පර සුද්දො මොනා කරන්ඩද බන්.. :P:P:P
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    45641507-2483766168516600-5746352181154414592-n.png

    and toyya gets 29 times winner ponil forever :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    මටත් දැන් හිතෙනවා මේකත් නිකන් ඉලියඩ් කාවයය වගේ සීන් එකක් කියලා. මෛත්‍රී පාල කියන්නෙ ට්‍රෝජන් අස්සයද කොහෙද බං.


    Nathi prashnayak athi karala agamathila 2k hadala, janadipathi kathanayaka gatum hadagena me serama kare parlimenthuwa wisurawanna ona kama nisai
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මේ තියෙන්නේ සිංහල ව්‍යවස්ථාව ඒකේ 70 (i) වගන්තිය

    45537530-694674890918613-1565824666713456640-n.jpg


    මට තේරෙන විදියට නං සිරිසේනට බලයක් නෑ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවන්න... අපේ මහින්ද දේශප්‍රිය ලොක්ක මක්ක කොරාවිද දන්නෑ. එයා කිව්ව නීත්‍යානුකූල ඕනෑම මැතිවරණයකට ගිණිනිවන හමුදාව වගේ සූදානම් කියල. ඒත් මැතිවරණය නීත්‍යානුකූල නොවේනම්???:confused: ඉස්සරහට හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි. ලංකාවට විදේශ බලපෑම් එන විදියට වැඩ සිද්ධ වෙයිද:sorry:

    anthima waganthiyata anuwa puluwan neada.
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    ȜMA X;23865611 said:
    and toyya gets 29 times winner ponil forever :lol:

    මෙදා පාර ගහලා පැන්නුවෙ නැත්තම් ගූ අන් පී එකක් නැත්තටම නැති වෙනව. :rofl: අර ප්‍රේමදාස මහන්සියෙන් ගොඩ නගපු චන්ද පදනම.
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    Nathi prashnayak athi karala agamathila 2k hadala, janadipathi kathanayaka gatum hadagena me serama kare parlimenthuwa wisurawanna ona kama nisai

    2015 ඉදන්ම මෛත්‍රී මහින්ද ප්ලෑන් ගහපු එකක්ද මංදා බං ඔය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Nathi prashnayak athi karala agamathila 2k hadala, janadipathi kathanayaka gatum hadagena me serama kare parlimenthuwa wisurawanna ona kama nisai

    දැන් චන්දෙ ආවනෙ, ඕන්න පුලුවන් දැන් උබලට ඇහිකිනම් දිනා ගන්ඩ..කොහොමද ගැම්ම රනිල අරලිය ගහ මන්දිරෙන් එලියට බැහැල පෞර්ශවත් දේහය විදහල උබලට සැලුට් කරද්දි.. :lol::lol::lol::lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,743
    2,217
    113
    Nugegoda
    anthima waganthiyata anuwa puluwan neada.

    ඒත් බෑ ඒකෙ තියෙන්නේ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්වකියල
    ඒ කියන්නේ අර කලින් ඡේදෙ අදාල වෙනව...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් බෑ ඒකෙ තියෙන්නේ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්වකියල
    ඒ කියන්නේ අර කලින් ඡේදෙ අදාල වෙනව...

    ජනාධිපතිවරයා විසින් ව්‍යවස්තානුකූලව පත් කරන ලද අගමැතිවරයා කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    මම තමයි තවමත් අගමැටි.
    දැන් ගූ ගිහින් ඇති පොන්නයට. පර බල්ලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතානායක එජාපයට කඩේ යන්න ගොස් කද හරහා ඇනගනී…පාර්ලිමේන්තුව විසුරුවන්න උවමනා සුවිශේෂී තත්වය හදා දෙයි..


    අගමැතිවරයා ගැන යම් ගැටළුවක් අත්තේ නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවණයක් පැවැත්වීම මගින් එය නිරාකරණය කර ගත හැකි බව පිවිතුරු හෙල උරුමය පවසයි.

    කොලඹදී පැවතැවූ මාධ්‍ය හමුවකදී පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්තාවෙන් බලතල ඇති බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

    ඔහු එහිදී මෙසේද අදහස් පල කලේය.

    රටේ අලුත් සංවාදයක් මතු වෙලා. එක පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින මෙන් ඉල්ලනවා. තවත් පිරිසක් 70(1) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකේ බහුතරයෙන් යෝජනාවක් සම්මත කර ඔහුගෙන් ඉල්ලා සිටියහොත් පමණක් බව කියනවා. දෙපාර්ශවයම උපුටා දක්වන්නේ එකම ව්‍යවස්ථාවයි. එහෙම වුණේ කොහොමද ?

    1978 දී සම්මත කළ මුල් ව්‍යවස්ථාවේ 70(1) වගන්තියේ ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය තිබුණේ කොන්දේසි දෙකකට යටත්ව. ඒ අනුව ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් එක්කෝ පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනපතිගෙන් ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළ යුතුයි. නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයේ සිට වසරක් ගත වී තිබිය යුතුයි. 19 වන සංශෝධනයෙන් මෙම කොන්දේසි දෙකම තවත් දැඩි කලා. ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි කාලය වසරේ සිට වසර හතරහමාරක් දක්වා වැඩි කළා. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සම්මත කරන යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවට නියම කලා.

    නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සත්දෙනෙකුගේ තීන්දුවක් තිබෙනවා. ඒ අනුව ජනපතිගේ මොනවා හරි බලයක් ඉවත් කරනවා නම් ජනමත විමසුමකදී ජනතාවගෙන් අනුමැතිය ගන්න ඕනෑ. ජනමත විමසුම මග හරින්න එජාපයට ඕන වුණු නිසා ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය කොන්දේසි වලට යටත් නොකර 33(2) වගන්තිය ලෙස ව්‍යවස්ථාවට ඇතුළු කළා.

    අපි 33(2) වගන්තිය කියවමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතල සහ කාර්යන්ට අමතරව ජනාධිපතිවරයාට (ඇ) පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසාන කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය. අමතරව කිව්ව ගමන් 70(1)) වගන්තියෙන් සීමා කර ඇති බලයට අමතරවයි මේ බලය දෙන්නේ.

    එකම බලය ව්‍යවස්ථාවේ තැන් දෙකක දෙවිදිහකට සඳහන් වෙනවා නම් ඒකට හේතුවත් තිබෙන්න ඕනෑ. 70 (1) වගන්තියේ තිබෙන්නේ සාමාන්‍ය තත්වයක් යටතේ ජනාධිපති කටයුතු කළ යුතු ආකාරයයි. ඒ අනුව සාමාන්‍ය වාතාවරණයකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත කරන යෝජනාවකින් තොරව ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ. 33(2)(ඇ) වගන්තියෙන් තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයක දී කටයුතු කළ යුතු ආකාරයයි. එතැනදී ජනාධිපතිට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.

    දැන් ඔන්න කතානායකවරයා විසින් අවශ්‍ය අර්බූදය නිර්මාණය කර තිබෙනවා. විධායකයේ ප්‍රධානියා පත්කළ අගමැතිවරයාව ව්‍යවස්ථාදායක ප්‍රධානියා පිළිගන්න බෑ කියනවා. එතුමා පිළිගන්නේ හිටපු අගමැතිලු. ඒ බව අත්සන් කරලා ලිඛිතව ප්‍රකාශ කර තිබෙනවා. දැන් විධායකය සහ ව්‍යවස්ථාදායකය අගමැති සම්බන්ධයෙන් ගැටුමක. මේ ගැටුම විසඳන්න පුළුවන් එකම බලධාරියා වන්නේ මේ දෙපාර්ශවයටම බලය දුන්නු පරමාධිපත්‍ය බලය තිබෙන ජනතාවයි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන් වඩාත් කැමති අගමැති කවුදැයි තීරණය කරන්න ජනතාවට බලය ලබාදිය යුතුයි. වර්තමානයේ කථානායකතුමා ඇතිකර තිබෙන අර්බුදයට විසඳුම ලෙස ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2)(ඇ) වගන්තියෙන් තමන්ට ලැබී ඇති බලය පාවිච්චි කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යැයි කියා අප හිතනවා.


     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒත් බෑ ඒකෙ තියෙන්නේ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්වකියල
    ඒ කියන්නේ අර කලින් ඡේදෙ අදාල වෙනව...



    උබ ගාව pdf එක තියනවනෙ.. 62 වන වගන්තියෙ සංශෝධනය බලන්න..
    ඒකෙ තව කුනුහරපයක් තියෙන්නෙ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,743
    2,217
    113
    Nugegoda

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පාර්ලිමේන්තු චන්දෙට කලින් ජනාධිපතිවරණය තියනවා ඕං බලපං බොරුද කියලා. මෙත්පල්ට දැන් බල තන්හාව ඉහට ගහලා තියෙන්නේ

    ජනාධිපතිවරණයක් මුලින් තියෙන එක තමයි මෛත්‍රීට හොද මොකද මුලින් මහින්ද මහ මැතිවර්ණය දිනුපුවාම ඔහු වෙනමම තරග කරන්නත් ඉඩ තියෙන නිසා ,

    (19 යේ ඇති තවත් දුර්වලතාවයක් නිසා) මොනවා උනත් සමන්ය ජනයා බලාපොරොත්තු වෙන්නේ මහින්ද අගමැති වුන මෛත්‍රී පාලනයක්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    62 තියනව උපරිම කාලය වසර 5 යි, ඊලගට තියනව දුර කාලය අවසන් වීමට පෙර විසිරවිය හැක කියලත්.. උබ PDF එක බලන්න මචන්.. දේශපාලනේ කරන එවුන් කියන එකට වඩා ඒක sure