අලි සබ්‍රි රහීම් ගෙනා රත්‍රන් තොගය රාජසන්තකයි: වරදට ලොකු දඩයක්
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි විසින් නීතිවිරෝධී රත්‍රන් සහ ස්මාර්ට් ජංගම දුරකතන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳව වූ විධිමත් රේගු පරීක්ෂණය අද (මැයි 24) අලුයම 4:00ට පමණ අවසන් වී තිබේ.
රේගු ආරංචි මාර්ග සඳහන් කළේ, මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය රේගු ආදායම් සංරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී. ප්‍රේමරත්න විසින් පවත්වනු ලැබ තිබූ බව ය.
එහිදී මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ලැබ තිබූ, රන් බිස්කට්, ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකතන තොගය රාජසන්තක කිරීමට නියෝග කර ඇත.
තව ද ඔහුට රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසට ද නියෝග කර තිබේ.
ඒ අනුව, මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත්, බර කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 500ක රත්‍රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් සමග මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් ඊයේ (මැයි 23) අත්අඩංගුවට ගෙන තිබිණි.
ඊට අමතරව ඔහුගේ ගමන් මල්ල තුළ තිබී රුපියල් මිලියන 4.2ක් වටිනා ස්මාර්ට් දුරකතන 91ක් ද හමු වී තිබිණි.
අදාළ මන්ත්‍රීවරයා ඊයේ උදෑසන 9:30ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ්. 547 දරන ගුවන් යානයෙන් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ඔහු දිගු කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බව අනාවරණය වන අතර කොළඹ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ අතර, අදාළ මන්ත්‍රීවරයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු ඇතුළත් කිරීමට උත්සහ කර ඇතැයි ද දැනගන්නට ඇත.
කටුනායක ගුවන් තොටුපළේදී විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණු අතර ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය භාවිත කරමින් සිදුකරන ලද දෙවැනි රන් සොරකම ලෙස මෙය සඳහන් වේ.
මීට පෙර 1978දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද රත්‍රන් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය හරහා පිට කිරීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබුණු බවට තොරතුරු අනාවරණය වේ.
https://mawbima.lk/2023/05/24/the-s...-is-confiscated-a-heavy-fine-for-the-offence/
සාරාංශය
1) පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
2) රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත්, බර කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 500ක රත්‍රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක්
3) රුපියල් මිලියන 4.2ක් වටිනා ස්මාර්ට් දුරකතන 91ක්
4) දිගු කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බව
5) අදාළ මන්ත්‍රීවරයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු ඇතුළත් කිරීමට උත්සහ කර ඇතැයි ද
6) ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය භාවිත කරමින් සිදුකරන ලද දෙවැනි රන් සොරකම
7) ඒ අනුව, මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
අවසානයේ
සියල්ලෝම සතුටින් විසිර ගියහ
------ Post added on May 24, 2023 at 11:06 AM