ශ්‍රි ලංකන් සේවකයාගේ යට ඇඳුමේ කෝටි 18ක රන් බිස්කට්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රුපියල් දහහත් කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 700 ක් බරැති රත්තරන් බිස්කට් 66 ක් සිය යට ඇඳුමේ සඟවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළේ පිටත්වීමේ දොරටුවෙන් පිටව යමින් සිටි ශ්‍රී ලන්කන් කේක්ටරින් සමාගමේ සේවකයෙක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබීය.ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ වසර 15 ක සේවා කාලයක් සපුරා ඇති මොහු කැලණිය, කිරිබත්ගොඩ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මොහු පාර්සල් දෙකක් හැටියට මෙම රන් බිස්කට් සිය යට ඇඳුමේ, සගවාගෙන පැමිණ ඇත.



    සැකකරු මෙම රත්රන් බිස්කට් කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ආපනශාලාවේදී කිසියම් පුද්ගලයකු දී ඇති බව රේගු මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත‍ෙරන් බිස්කට් යට ඇඳුමේ සූක්ෂම ලෙස රඳවා ගෙන යෑමට භාවිත කරන ඉන වටා පළදින තවත් පටියක් සේවා ස්ථානයේ මොහුට අයත් කබඩ් එකක සගවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

    මෙම රන් බිස්කට් එකක් ග්‍රෑම් 116.62 ක් බරැතිය. මෙම වැටලීම් නිරීක්ෂණය කිරීම අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් පීටර් ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ) ඊ.ජී. ඇන්ටන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ජී.ඒ. කුමාරසිංහ යන මහත්වරු ද කටුනායක ගුවන්තොටු පොළට පැමිණියහ.කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

    ටී.කේ. ජී.කපිල
     
    • Like
    Reactions: scorpion MW

    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    ජොකා ලොකුවට තියෙද්දි ලබ්බ බැහැලද බලන්න චෙක් කරන්න ඇති බන්...

    කිලෝ 7ක් වල්ල බර වෙද්දි සැක හිතෙන්න ඇති...
     
    • Haha
    Reactions: Solo Rider