පාලිත තෙවරප්පෙරුම හොදයි කියන උන්ට

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    අපේ උන්ට පයියේ පොල්කුඩු හරි නිකං දෙනවනම් පුකත් දෙයි...ගුනත් වයයි පෝස්ට් දාදා බැනර් අතින් වියදම් කරලා.
    හැදෙයි මේ ලොන්ත රට.
    ඊයා....
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ම්ම්ම්. ගාල්එත් ඇවිත් දෙවටෙ ශොප් එකක එකෙක්ට කණට ගහලා කේස් එක පත්තුවෙද්දී මූ කඩේ හයිජීන් කේස් දැකලා ඒ පැත්තට කේස් එක කැරකෙව්වා. කොහොමත් ඒ කඩේනම් ජරාවක්. 🙃🙃🙃
    කපටි යක්කු මුන්. අපි නොදන්න කලුතර politics. හිනා යනවා මේකේ comment දැක්කම. ගම් වල ඉදපු ගවයන්ගේ මානසිකත්වෙම තමයි වැඩි හරියකට තියෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    AnuradhaRa

    Well-known member
  • අපේ උන්ට පයියේ පොල්කුඩු හරි නිකං දෙනවනම් පුකත් දෙයි...ගුනත් වයයි පෝස්ට් දාදා බැනර් අතින් වියදම් කරලා.
    හැදෙයි මේ ලොන්ත රට.
    මං එනව ඔබ තුමාගෙ ගෙදර ලන්ච් එකකට
     
    • Wow
    • Haha
    Reactions: NaOH and Kodiya97

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මූ මීඩියා ශෝ කාරයෙක් නෙමේ බන්. සිරාවටම ඕනෙම ගේමකදි බැහැලම වැඩ. කැමරාව ඉස්සරහ විතරක් රගන එකෙක් නෙමේ
    Hmmmmmmmmm....
    says this guy


    රනිල් ඇරෙන්න මේ වෙලාවෙ වෙන ඔප්ශන් එකක් නෑ
    JR is a visionary leader best politician of SL politics history.
    2. Ranil wickramasinghe
    3. Patali champika
    Cracking Up Lol GIF
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ehema seen ekak mat ahala tiyanwa... antimedi minissu wenuwen deyak kala neda. 100% hoda minissu nane
     
    • Like
    Reactions: Amew

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Mehemay machan, lankawe kawuru marunath samanyen honda witaray kiyanne, Naraka wadiya matak karanne na
     
    • Like
    Reactions: Amew

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තඩි හොරු ගොඩක් මැද පොඩි හොරෙක් දැක්කම ඌව බලන්නෙ අරුන්ට සාපේක්ෂව. ඌ එළිපිට කරපු හොඳ තමා දකින්නෙ.
    කේන්ති අරන් මොකෝ මේ. කෝ දාන්න කරපු වැරදි ගොනාගෙ.. ගම්වල ගිහින් අහන්න බෑ...
     
    • Like
    Reactions: Jack_Sparrow

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Marenakama wenas wenne nathi minissu inna rate mu ehemawath wesan unane ekath athi
    Wenas wechcha nisa thamai mu marilath giye
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    👉 දිනය 2017 අගෝස්තු 17 වැනිදාය.

    👉 ස්ථානය දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක පැවති මංගල උත්සවයකි.

    👉 ඒ මංගල උත්සවයට පැමිණ එක්තරා පුද්ගලයෙක් උදෑසන සිටම එහි මත්පැන් පානය කරමින් සිටියේය.

    👉 ඉන් පසු ඔහුට මංගල උත්සවයට පැමිණි රූමත් කාන්තාවක් සමඟ නර්තනයේ යෙදෙන්නට වුවමනා විය.

    👉 ඇය එය ප්‍රතික්ෂේප කරන විට මේ පුද්ගලයා කළේ අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් අදාළ කාන්තාව බලෙන් වැළඳ ගැනීමය.

    👉 මෙයට එල්ල වූ විරෝධයත් ඇතිවූ ආරවුල දුරදිග යාමත් සමඟ ඔහු එතනින් පිටව ගියේය.

    👉 ඔහු ට්‍රැක්ටරයක නැඟී නැවත එහි පැමිණියේ තවත් මැරයන් කීප දෙනෙක් සමග ගිනි අවි තුනක්ද අත ඇතිවය.

    👉 මංගල උත්සවයට පැමිණි වාහන පිටතට ගත නොහැකි සේ ගේට්ටුව අවුරා ට්‍රැක්ටරය නතර කළ මේ පුද්ගලයා අහසට වෙඩි තබමින්, නිවසේ බඩුමුට්ටු කුඩු පට්ටම් කරමින් යකා නටන්නට පටන් ගත්තේය.

    👉 උත්සවය අතරමග නැවතී සියල්ලෝ හිස් ලූලූ අත දිව ගිය අතර, අදාළ මනාල යුවළට තම ජීවිතයේ වැදගත්ම දවස කාළකණ්ණිම දවසක් බවට පත් විය.

    👉 මේ නාඩගම නැටූ මැරයා පහුගිය දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය තුළ මහා මානව හිතවාදියෙකු ලෙස අභිෂේක ලැබ සිටි පාලිත තෙවරප්පෙරුමය. එවකට ඔහු යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකි.

    👉 මේ සිදුවීමට මුහුණ දුන් මනාල යුවලේ විස්තර ආදී සියල්ල මෙහි ලිවිය හැකි වුවත්, ඒවා සඳහන් කර නැත්තේ ඒ සිදුවීම නැවත සිහිකිරීමට පවා ඔවුන් අකැමැති වූ නිසාය.

    👉 මේ සිදුවීමට අදාළ වීඩියෝවක් එදින සිරස ප්‍රවෘත්ති ඔස්සේද විකාශනය කළ බැවින් අවශ්‍ය අයෙකුට එය නරඹා මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැකිය.

    👉 මේ තෙවරප්පෙරුමගේ මහා මානව හිතවාදය පිළිබඳ එක් කුඩා උදාහරණයක් පමණි.

    👉 ඔහුගේ මෙවැනි හිංසන ක්‍රියා ගැන, බලය අවභාවිත කිරීම් ගැන, නීති විරෝධී ජාවාරම් ගැන, පරිසර විනාශයන් ගැන අවශ්‍ය නම් පොතක් වුවද ලිවිය හැකි තරම් කාරණා තිබේ. කොටින්ම ඔහු මරණයට පත් වූයේද නීතී විරෝධීව විදුලිය ලබාගැනීමක් නිසාය.

    👉 කැමරා ඉදිරියේ බත් මුට්ටි හැඳි ගාමින් දුප්පතාගේ වීරයා චරිතය රඟදක්වන තෙවරප්පෙරුම, කැමරා නැති තැන්වල කරන රංගන ගැන බොහෝ දෙනා නොදත් කරුණු අපමණය.

    👉 මේ කිසිවක් ගැන කිසිම දෙයක් නොදැන සිටියද තෙවරප්පෙරුම මාධ්‍ය ඉදිරියේ පෙන්වන අසික්කිත හැසිරීම පවා කිසිදු සිහිබුද්ධියක් ඇති අයෙකුට අනුමත කළ හැක්කක් නොවේ.

    👉 දේශපාලන බලයෙන් නීතිය අතට ගනිමින්, නිලධාරීන්ට තර්ජන ගර්ජන කරමින්, කමිස ගලවාගෙන රාජ්‍ය ආයතනවලට කඩා වදිමින්, පාසල්වලට ගොස් ගෙල වැළලා ගන්නට හදමින් ඔහු පෙන්වන හැසිරීම කිසිදු ශිෂ්ට සමාජයකට ගැළපෙන්නක් නොවේ.

    👉 එහෙත් තෙවරප්පෙරුම, ක්ලබ් වසන්ත වැනි පාදඩ චරිත ලංකාවේ ඇතැම් පිරිසකට මහා වීරයෝ වෙති.

    👉 මේ ලිපිය ලිවීමට සිතුණේම අද ක්ලබ් වසන්තගේ ඝාතනය සමඟ පාදඩයන්ට කවි ගී ලිවීමේ සංස්කෘතිය නැවත කරළියට පැමිණ ඇති නිසාය.

    👉 තෙවරප්පෙරුම, ක්ලබ් වසන්ත වැනි අයගේ බාල සිල්ලර කතා ක්‍රියා ප්‍රදර්ශනය කරමින් ලයික්, වීව්ස්, කමෙන්ට් ලබාගැනීම ලංකාවේ සමාජ මාධ්‍ය වෙළෙන්ඳන්ට ඉතා පහසුවෙන් කළ හැකි දෙයකි.

    👉 විශාල මුදල් වංචාවක් නිසා ප්‍රසිද්ධියට පත් තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව අද රූපවාහිනී වැඩසටහන්වල ගීත තේරීමට පවා සහභාගී වන්නියකි.

    👉 තෙවරප්පෙරුම ගැන උපහාර ගීතයක් පවා නිර්මාණය කර තිබූ අතර, එහි නැරඹුම් වාර ගණන මිලියනයකට වඩා වැඩිය.

    👉 මේවාට දක්වන ප්‍රතිචාර අතර සීයට අනූවක් පමණ දක්නට ඇත්තේ තෙවරප්පෙරුමලාගේ ගුණ වයන හැඟීම්බර අදහස් මිස විවේචන නොවේ.

    👉 ප්‍රධාන දහරාවේ මාධ්‍ය ගැන පුදුමාකාර විවේචන කරන අයම සමාජ මාධ්‍ය තුළ කරන්නේ අන්තිම බාල ගණයේ කුණු කන්දල් පරිභෝජනය කිරීම පමණි.

    👉 ඇත්තෙන්ම පාදඩයන්ට දක්වන සමාජ මාධ්‍ය ප්‍රතිචාර දෙස බැලීමේදී මේ රට හා සමාජය ගැන ඇති වන්නේ ඇදහිය නොහැකි තරමේ කළකිරීමක් හා වේදනාවකි.

    👉 පාදඩයන්ගේ මහා පරිමාණ අපරාධ අමතක කොට ඔවුන් දුප්පතුන්ට කරන සත්කාර ආදිය ගැන හොඳ හිත ගැන කතා කරන තරමට අපේ සමාජය අවිචාරවත් වී තිබේ.

    👉 තමන් අයථා ලෙස උපයන මුදල්වලින් සුළු කොටසක් දුප්පතුන් වෙනුවෙන් වැය කිරීම ලංකාවේ ඕනෑම පාදඩ දේශපාලනඥයෙකුගේ සුපුරුදු පිළිවෙතක්ය යන අතිසරල කාරණය පවා මෙහිදී බොහෝ දෙනා අමතක කරති.

    👉 තම දේශපාලන බලය තහවුරු කරගැනීම, තමන් වෙනුවෙන් ජීවිත වුවද බිලි දෙන වහලුන් පිරිසක් නිර්මාණය කරගැනීම ආදියෙන් නොනැවතී මහා සමාජය ඉදිරියේ පාදඩයන් වීරයන් වන්නේද දුප්පතුන්ට කරන සත්කාර හරහා බව බොහෝ අය අමතක කරති.

    👉 දුප්පත් මිනිසුන්ට උදව් කිරීමෙන් ලංකාවේ ඕනෑම අපරාධකාරයෙකුට ඕනෑම පාපයක් සෝදා ගැනීමට අවස්ථාව හිමිවී ඇත්තේ මේ නිසාය.

    👉 ඛේදවාචකය වන්නේ තෙවරප්පෙරුමලා, ක්ලබ් වසන්තලා වැනි පාදඩයන් රටක සිටීම නොව ඔවුන්ට කවි ලියන ඔවුන් වෙනුවෙන් හාට් රිඇක්ෂන් වැහි වස්සවන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රටේ සිටීමය.

    👉 වඩාත්ම අපූරු කාරණය වන්නේ සිස්ටම් චේන්ජ් ගැන නන් දොඩවන, 225ම එපා කියන, ස්විස්ටර්ලන්තයේ විනය ගැන හෑලි ලියන ලංකාවේ ෆේස්බුක් සමාජයේ ඇතැම් මහා න්‍යායාචාර්යවරුන්ට පවා තෙවරප්පෙරුම මහා වීරයෙක් වී තිබීමය. ක්ලබ් වසන්ත හිත හොඳ මිනිහෙක් හා දයාබර සැමියෙක් වී තිබීමය.

    👉 මෙය ඇත්තෙන්ම තෙවරප්පෙරුමගේ හෝ ක්ලබ් වසන්තගේ ප්‍රශ්නයකට අපේ සමාජයේ ආකල්ප පිළිබඳ බරපතළ ගැටලුවකි.

    👉 ඒ ආකල්පමය ගැටලුව තෙවරප්පෙරුමලාගේ, ක්ලබ් වසන්තලාගේ අපරාධවලටත් වඩා දරුණු සමාජ ඛේදවාචකයකි.

    උපුටනය-ඉසුරු ප්‍රසංගගෙන්

    උපුටා ගැනීමකි.
    මගේ අදහසත් මේ හා සමපාත වේ.
     
    • Like
    Reactions: Mr.dark