පාවෙන වාහන? 😳

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    පාවෙන වාහන?

    කාමර උෂ්ණත්වයේදී ක්‍රියාකාරී සුපිරි සන්නායකය
    📌️ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් මෙහෙයවූ නවතම සොයාගැනීම📌
    පදාර්ථ භෞතික විද්‍යාවේ හැරවුම් ලක්ෂයක්.

    සුපිරි සන්නායකයක් කියන්නේ ප්‍රතිරෝධයක් නැතිව එක් පරමාණුවක සිට තවත් පරමාණුවකට විදුලිය ගෙනයාමට හෝ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහනය කළ හැකි මූලද්‍රව්‍යයක්.

    ඒ කියන්නේ ඒ ද්‍රව්‍යය එක්තරා උෂ්ණත්වයක්(Critical Temperature) වෙත ළඟා වූ විට තාපය, ශබ්දය හෝ වෙනත් ආකාරයක ශක්තියක් නිකුත් වෙනේ නෑ. ඒ කියන්නේ කිසිම ශක්ති හානියක් නෑ කියන එකයි. ප්‍රතිරෝධය බිංදුවයි. මේ උෂ්ණත්වයට කියන්නේ ද්‍රව්‍යය සුපිරි සන්නායකයක් බවට පත්වන උෂ්ණත්වය කියලා.

    අවාසනාවකට වගේ, සුපිරි සන්නායක බවට පත්වෙන්න ගොඩක් මූලද්‍රව්‍ය වලට ඉතා අඩු ශක්ති තත්වයක් (ඉතා සීතල) තියෙන්න ඕන. මේ නිසා සුපිරි සන්නායක හදන්න සිසිල් කිරීමේ ක්‍රියාවලියේදී අධික ශක්තියක් භාවිතා කළ යුතු වෙනවා. ඒ නිසාම අකාර්යක්ෂම හා ආර්ථික නොවන දෙයක් ව්දිහටයි පර්යේෂකයන් මේ සිසිලනයෙන් සුපිරි සන්නායක හදන එක දකින්නේ.

    එහෙනම් විසදුම තමයි ඉහළ උෂ්ණත්වවලදී සුපිරි සන්නායක බවට පත්වන සංයෝග සෑදීම. ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ ඒ වගේ ද්‍රව්‍යයක් සොයාගැනීමට මිනිසා පරීක්ෂණ කරනවා.

    ඇමෙරිකාවේ නිව්යෝක් නුවර රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් සහ භෞතික විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට කාමර උෂ්ණත්වයේ දී සුපිරි සන්නායක ද්‍රව්‍යයක් නිර්මාණය කරන්න සමත්වෙලා තියෙනවා. මේ සොයාගැනීමට මූලිකත්වය අරන් තියෙන්නේ භෞතික විද්‍යාව හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු වන රංග ඩයස් මහතා.

    අතිශය අධික පීඩනවලදී කාබන් හා සල්ෆර් යන මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමඟ සම්පීඩනය කරමින් තමයි මේ මූලද්‍රව්‍යය නිපදවා තියෙන්නේ.

    මෙහි නව භාවිතයන්:

    ▶️ වයර්වල ඇති ප්‍රතිරෝධය නිසා වෙන ශක්ති හානියෙන් මෙගාවොට් පැය මිලියන 200 (200 Million MWh) ක් අහිමි නොවී විදුලිය සම්ප්‍රේෂණය කරන විදුලිබල ජාල
    ▶️ පාවෙන දුම්රිය සහ වෙනත් නව ප්‍රවාහන ක්‍රම
    ▶️ MRI වැනි වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිතාවන ස්කෑන් ක්‍රම වල දියුණුව
    ▶️ ඩිජිටල් තර්කනය සහ මතක උපාංග තාක්ෂණය සඳහා වේගවත්, වඩා කාර්යක්ෂම ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවිය හැකි වීම

    8FEADE88-B3D3-4B98-B51E-F2E323A18E1A.jpeg
    උපුටා ගැනීමකි
    ©කතෘ අයිතිය : TechCV
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya field1 maarai ban... ea kale denumak thibun na oya pAththata yanna asawak tibbe. borellle chem institute1 ehema gana denagatte uni out unaatath passe... godak doten ena un dan na tamange asawata hariyanna cmb thiyana chances tika genawath dan na...
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    This is good find no doubt about that. However its not practical at all. Look how many things need to be aligned in order for this to work. 100% not practical and only possible in labs.

    We are at least decadeor two away from finding something practical.