පාවෙන_නගරයක්_ඈමරිකාවෙන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පාවෙන_නගරයක්_ඈමරිකාවෙන්

    වසරේ වැඩි කාලයක් ‘පාවෙමින්‘ ගමන් කිරීමට කැමැති අය සදහාම ගැලපෙන දිය මත ‘පාවෙන‘ නගරයක් ඉදිකිරීමට ඇමරිකා සමාගමක් සැළසුම් සකස් කර ඇතැයි වාර්තා වේ.

    මෙම නගරය ඉදිකෙරෙනු ඇත්තේ විසල් නෞකාවක් මතය.‘ස්වාධීනත්වයේ නෞකාව‘ නමින් නම් කළ මෙම නෞකාව මත මහල් 25 කින් යුතු දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත අතර පොළව මත පිහිටන නගරයක දැකගත හැකි අත්විදිය හැකි සියලූ දේ එම ගොඩනැගිල්ලේ ඇති කිරීමට නිර්මාපකයන් සැළසුම් කර ඇත.

    කැසිනෝ ශාලා,රෝහල්,නිවාස සංකීර්ණ,අවන්හල් ආදියෙන් සමන්විත වනු ඇති මෙම පාවෙන නගරයේ වහල මත ගුවන් යානා ධාවන පථයක්ද නිර්මාණය කිරීමට අදහසක් ඇත.

    පදිංචිකරුවන් නොනැවතී සයුරු තරණයේ යෙදී සිටිනු ඇති අතර වසරේ එක් එක් කාලයන්හිදී ලොව විවිධ නගර ආසන්නයේ ‘ස්වාධීනත්වයේ නෞකාව‘ නැංගුරම් ලා තැබීමට නියමිතය.

    ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි ‘ෆ්රීඩම් ෂීප් ඉන්ටර්නැෂනල්‘ නම් ඉදිකිරීම් සමාගමක් මෙම විසල් ව්‍යාපෘතිය පසුපස සිටින අතර මේ සදහා වැය වේ යැයි ගණන් බලා ඇති මුදල ඩොලර් කෝටි 1000 කි.

    ඉක්මනින්ම ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කරන බව නිර්මාපකයන් කියයි



    01(895).jpg


    02(520).jpg


    03(447).jpg


    04(378).jpg


    ship-apocalypse-freedom-ship_15_1.jpg



    ship-apocalypse-freedom-ship_2_1.jpg


    ship-apocalypse-freedom-ship_6_1.jpg



    ship-apocalypse-freedom-ship_7_1.jpg


    ship-apocalypse-freedom-ship_8_1.jpg



    ship-apocalypse-freedom-ship_9_1.jpg



    ship-apocalypse-freedom-ship_10_1.jpg


    ship-apocalypse-freedom-ship_11_1.jpg


    ship-apocalypse-freedom-ship_12_1.jpg


    ship-apocalypse-freedom-ship_14_1.jpg


    හොදනං දන්නවනේ ...
     
    • Like
    Reactions: PMUB