පාවෙන_බොන්සායි
බොන්සායි කලාව යනු පරම්පරා ගණනාවක් පුරාවට ජපන් සංස්කෘතිය හා බැඳුනු කලා ශිල්ප ක්රමයකි.
ඉතා සියුම්, අලංකාර බොන්සායි කලාව මේ වන විට සිය ලොවම වසඟ කර අවසන්ය.
පරපුරෙන් පරපුරට තව තවත් දියුණු වී අළුත් වෙමින් පවතින මෙම කලාව තවත් පියවරකින් ඉදිරියට ගෙන යාමට නිර්මාණකරුවන් පිරිසක් සමත් වී තිබේ.
මෙම අළුත් නිර්මාණය පාවෙන බොන්සායි ය.
මෙය පසුපස සිටින හොෂින්චු කණ්ඩායම සිය නිර්මාණයට නම් තබා ඇත්තේ එයාර් බොන්සායි (Air Bonsai) ලෙසයි.
මෙම නිර්මාණයේ කොටස් දෙකකි. ජපන් පෝසිලේන් වලින් සැදුම්ලත් බිම තිබෙන “energy base” කොටස හා ඊට උඩින් පාවෙන “little star” කොටසයි.
බොන්සායි පැළෑටිය ඇත්තේ “little star” කොටසේය. මෙම කොටස් දෙකේම චුම්භක සවිකර ඇත්තේ චුම්භක බලයෙන් උඩු කොටස ගුවනේ පාවීමටයි.
පාරිභෝගිකයන් හට කැමති බොන්සායි පැළයක් උඩු කොටසට එක්කළ හැකි බව හොෂින්චු කණ්ඩායම කියා සිටියි.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ව තිබූ ඇමෙරිකානු ඩොලර් 80,000න් ඩොලර් 5,652ක් මේ වන විටත් එකතු වී අවසන් බව විදෙස් වාර්තා වල දැක්වේ.
මේ පිළිබඳ කෙටි වීඩියෝවක් මෙතැනින් නැරඹිය හැක.

Last edited:
.