පාවෙන_විදුලි බලාගාරයක් ලංකාවේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාවෙන_විදුලි බලාගාරයක් ලංකාවේ

    ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක්

    Screenshot_2019-04-10-00-53-22_crop_460x327.jpg

    මෙම වසරේ නොවැම්බර් සිට ජාතික විදුලිබල පද්ධතියට අළුතෙන් මෙගාවොට් 10‍0ක් එක් කිරීමේ හැකියාව ආණ්ඩුවට ලැබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති උත්සව අවස්ථාවකින් අනතුරුවය.

    කැනේඩියානු රජය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100 ක පාවෙන සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීම සදහාවන ගිවිසුම් අත්සන් තැබීම මෙහිදී සිදුවිය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවෙදී කැනේඩියානු රජය නියෝජනය කරමින් කැනේඩියන් කෝපරේශන් සමාගමේ ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා Yvonne Chin මහත්මියත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතාත් අදාළ ගිවිසුමට අත්සන් තබන ලදී.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මේ බව පැවසීය.

    " මීට වසර 30 කට පෙර තමයි කැනේඩියානු රජයේ ආධාර මත මාදුරුඔය බලාගාරය ඉදිකළේ. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් මත මාදුරුඔය පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරිමට පියවර ගෙන තිබෙනවා.

    ලංකා විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර මෙම පාවෙන විදුලි බලාගාරය ඉදිකිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. 2019 නොවැම්බර් මාසය වනවිට මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    ඒ අනුව මේ වසරේ නොවැම්බර් සිට ජාතික විදුලිබල පද්ධතියට අළුතෙන් මෙගාවොට් 100 ක් එක් කිරීමේ හැකියාව අපට ලැබෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙවැනි පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකරන්න කටයුතු කරන්නේ.

    අපේ ජනාධිපතිතුවරයා දූරදර්ශි නායකත්වය තුළින් තමයි මෙම බලාගාරය ඉදිකරන්න හැකිවුණේ. කැනේඩියානු රජයටත් අපි මේ ගැන ස්තුතිවන්ත වියයුතුයි. අපේ විදුලිබල අර්බුදය විසදීමේ නිවැරදි මාර්ගයට ගෙනයන්න සහ අවම මිලක් යටතේ විදුලි උත්පාදන කටයුතු සිදු කරන්න අපිත් සමග එකතු වෙන්න කියලා මම සෑම දෙනාටම විවෘත ආරාධනයක් කරනවා"යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මහවැලි ආර්ථික කලාපයන්හි පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සදහා යෝජනා කැදවීම යටතේ ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩලය සංදේශය සලකා බලමින්, 2017.02.28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් මෙම පාවෙන සූර්ය බලාගාරය ඉදිකිරීම සදහා අනුමැතිය ලැබී තිබේ.

    මේ වනතෙක් ශ්‍රී ලංකාව තුළ මෙවැනි පාවෙන සූර්යබලාගාර ඉදිවී නොමැති අතර මේ වනතෙක් විදුලිය ගබඩා කිරීමේ තාක්ෂණය ( Battery Storage ) යොදාගෙන ක්‍රියාකරන සූර්ය විදුලි බලාගාර දිකිරීමක්ද සිදුවී නොමැත.

    කැනඩා රජයට අයත් Canadian Commercial Corporation සහ Canadian Solar සමාගම විසින් කර ඇති යෝජනාවට අනුව බැටරි තාක්ෂණයට අනුව විදුලි ගබඩාකර, රාත්‍රී කාලයේ උපරිම විදුලි ඉල්ලුමක් ඇති කාලසීමාවේදී ගබඩා කර ඇති විදුලිය යොදාගත හැකි බැවින් දැනට රාත්‍රී කාලයේදී සහ සවස් කාලයේදී අධික ඉල්ලුමක් ඇති අවස්ථාවල විදුලිය ලබාගැනීම සදහා මිල අධික ඩීසල් ජනත යන්ත්‍ර යොදාගැනීමෙන් ලංවීමට ඇතිවන මූල්‍යමය පාඩුව මෙමගින් වලකාගත හැක.

    දෙරණ නිව්ස්



    බයියො හූල්ලල මැරෙන නිව්ස්..:lol:
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    සිරාවට කරනවනං පට්ට
    එත් රවියා මී යක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි :cool::cool:

    56551763_2641469205869822_4975897174953951232_n.jpg
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක හදපු දවසට අපි විශ්වාස කරන්නම්.. උබල හදනව කියල plan නම් කොච්චර ගැහුවද.. නිකන් සද්දෙ විතරයිනෙ.. එක පාරක් සූර්‍යබලසංග්‍රාමය කියල මොකක්ද එකක් කලා.. හැබැයි තාමත් දවසට පැය 4 ක් කරන්ට් කපනව.. :angry:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කරනවානං හොඳයි හැබැයි කරුපයියානන් ගැහුවොත් ඉතිං සිංහලුන්ට පරම්පරා ගානක් අතින් ගෙවන්න ගහයි



    මෙගාවොට් = මෙගා ඩිල්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මේක හදපු දවසට අපි විශ්වාස කරන්නම්.. උබල හදනව කියල plan නම් කොච්චර ගැහුවද.. නිකන් සද්දෙ විතරයිනෙ.. එක පාරක් සූර්‍යබලසංග්‍රාමය කියල මොකක්ද එකක් කලා.. හැබැයි තාමත් දවසට පැය 4 ක් කරන්ට් කපනව.. :angry:


    ඇයි බං සුර්යබල සන්ග්රාමේ පටන් අරං අති සාර්ථක උනේ ඒවගේ ප්‍රතිපල නේද හසන්ත අද මේ දකින්නේ බලහං අද ඉර පායලා කරදරකාරී වැස්ස නෑ +36 උෂ්ණත්වේ



    බොලාට ඉතිං මහින්ද කරා නං
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔව්වා මුල් ගල් පැලවෙන ප්‍රොජෙක්ට් රවියා අත ගැහුවා කියන්නේ ඉතිං ....... ටොයියෝ අන්දන්න කියන පච.

    :baffled::baffled::baffled::baffled:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    mata henen padayak giya wage denuna........ balanakota meka elakiriye unp eka rakinna post ekak dala ............
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුලියාපිටිය වොක්සාවැගන් පාර්ට් 2. කැනඩාව දන්නවද දන්නෙත් නෑ මේ ගැන. :rofl:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    how many power plants were built in last 10 years. By MR and also MS-RW and the answer will give a picture. (our consumption increase by 300 MW per year!)
    So we know who wasted money in projects that were not urgently needed.....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Bump bayiyonta gu gihin.:lol:

    සෝ සොරි බුවෝ(Harvard - Bio )...නැවේ නෑ කියපු හින්ද බලෙන්ම නැව්වේ...අහිතක් නෑනේ :baffled:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කරුපයියානන් අවරුදු 5ක් විදුලිය මිලදී ගන්න යෝජනාවක් දාල



    අනිව මෙතුමා 2020 වෙද්දී Forbes 500 ලිස්ට් එකේ උඩටම එනවා.



    කාටද ආඩම්බර
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රනිල් අනිත් එවාට මුල් ගල තිබ්බා, මෙකට කොහොමද ගල තිය්න්නේ, ගල පාකරලා යවනවද?

    ranil.gif



    image_1483663653-6ce4e7c8eb.jpg
     
    Last edited: