-පාසල් නිළ ඇඳුම් කෙලිය

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    වෙන යටි ගේමක් තියෙන්නේ තම්බියෝන්ගේ ...තම්බියටයි දෙමලටයි යන රටක්නේ දැන්....පොඩ්ඩක් හිතපන් ඔය school uniform වැඩියෙන්ම විකුනන්න තියෙන්නේ තම්බින්ගේ කඩ වල ...කොහොමද ලැබෙන ගැරිල්ල ...විකුනන්න තියන තැනටම යන්න එපැයි ගන්න ....පොඩි කලේ ඉදන්ම ඇගිල්ලෙන් ඇන ඇන උගන්නල පොතේ ගුරාල කරලා 25000 කබුරන රස්සාවක් හොයල දෙන මෝඩ සිංහල දෙමව්පියන්ගේ උගත් දරුවන් ආය මේ රෙදි කඩ දානවා කියන්නැයි ....තම්බින්ට මගුල් වගේ ඇති ....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    අන්ඩුවේ උනට පඩි ගෙවන්නේ ඕව කරන්න තමා බන් . ඇදුම දුන්නත් ඔය ටිකම වෙනවා නේ
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Bank වල මේව En cash කරන එක ලොකු Case එකක් වෙලාතියෙන්නේ . වවුචර එකින් එක වවුචර කරන්ඩ ඕනේ .එව්වගේ තියෙන දිග Number එකත් ගහන්ඩ ඕනේ එකින් එකට .ලොකු කාලයක් වය වෙනවා මේකට .අනික සල්ලිත් හොරට ගහන එකේ මේ වගේ නිකන් කොළ ඕනේ තරම් හොරට ගහයි මිනිස්සු .බලපන් ලොකු එකක් වෙලා මේ මගුල නතර වෙන්නේ .

    පලි- සල්ලි අග හිග උන් ඉන්නවා නම් ගහපන් වවුචර හොරට හොයන්ඩ බැ ලොවෙත්.මුන් වගේ ගොන් හරක්
    :lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාසල සිසුන්ට නිළ ඇඳුම් බෙදා දීමට අදාළව ඊට අදාළ පාර්ශවයකින් මා දැන ගත් තොරතුරු මෙසේය.
    නිළ ඇඳුම් ලබා ගැනීම සඳහා පිරිමි ළමුන්ට වවුචර දෙකක්ද, ගැහැනු ළමුන්ට වවුචරයක්ද හිමි වේ. මේවා බෙදා හැරීමේ ක්‍රමවේදයේදී සෘජු ලෙස වැයවෙන මුදල හා නිළධාරීන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ශ්‍රමය සඳහා මිල ගණනය කළ විට නිළ ඇඳුම් සඳහා දෙන සොච්චම් මුදල මෙන් කීප ගුණයක් බව පැහැදිලිය.
    ඒ මෙසේය:
    * වවුචර් මුද්‍රණය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා දිවයින පුරා පාසල් වලට බෙදා දීම.
    * පංති භාර ගුරුවරුන් වෙත වවුචර් බෙදා දීම.
    * පංති භාර ගුරුවරුන් සියලුම වවුචර් අංක ලේඛන ගත කිරීම.
    * සෑම වවුචරයකටම විදුහල්පති හා උප විදුහල්පතිගේ අත්සන යෙදීම හා මුද්‍රා දෙකක් යෙදීම. (ළමුන් දාස් ගණනක් සිටින පාසලක මේ සඳහා ගතවන කාලය සිතා ගැනීම ඔබට බාරය.)
    * එකිනෙක වවුචර් පංති භාර ගුරුවරයා මගින් දෙමාපියන්ට ලබා දීම. ( මේ සඳහා දෙමාපියෙකු පැමිණිය යුතු අතර නොපැමිණි අය දුරකථන ඇමතුම් දී ගෙන්වා ගත් අවස්ථාද ඇත)
    * මීළඟ වාරය පටන් ගත් පසු මිලදී ගත් බව සහතික කොට වවුචර් කොටස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යැවීම.
    * බෙදා දුන් වවුචර් නිසි පරිදි, අක්‍රමිකතාවකින් තොරව ප්‍රයෝජනයට ගෙන ඇත්දැයි විගණනය කිරීම. (දෙපාර්තමේන්තුවට මේ සඳහා කොපමණ කාලයක් හා ශ්‍රමයක් වැය වෙනු ඇත්ද?)
    * කිසියම් දොසක් සිදු වී නම් විදුහල්පතිවරයාටත්, පංති භාර ගුරුවරයාටත් චෝදනා පත්‍ර ගොනු කිරීම හා නිසි පරීක්ෂණ මැවැත්වීම.
    * වරදකරුවන් වෙතොත් දඬුවම් ක්‍රියාමාර්ග ගැනීම හා අදාළ මුදල් අය කොට ගැනීම.
    මීට අමතරව දැන ගන්නට ලැබුණේ ග්‍රාමීය පෙදෙස් වල සමහර නූගත් පියවරුන් එදිනම සුළු ගණනකට වවුචර් උගස් කොට කසිප්පු පානය කොට ඇති බවය. මට එකවරම අදහා ගත නොහැකි වුවත් ඇත්ත තත්ත්වය මේ ආකාරය.

    මේ වවුචර් බෙදා හැරීම එහැම පිටින්ම අසාර්ථක වැඩකි. මොන්ටිසෝරි තීරණයකි. එක්කෝ ඇඳුම් දීම නවතා දැමිය යුතුය. නැත්නම් නිකරුණේ මුදල් හා ශ්‍රමය කා දැමීමේ තීරණ නොගත යුතුය.
    "අපි ලබන පාරෙත් මේ විදිහටම වවුචර් දෙනවාය" කියා විෂය භාර ඇමැත්තා පාර්ලිමේන්තුවේදී බිරුසන් දෙන විට ප්‍රශ්නයක් කළමනාකරණය කොට ගැනීමට ඇති නොහැකියාව පෙනේ.


    අඛිල විරාජ් වැනි අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් නොදන්නා කෙනෙකුට අධ්‍යාපන ඇමතිකම ලබාදීමත්..
    සතොස විනාස කල පුද්ගලයෙකුට රටක ආර්ථිකය බාර දීමේ අපමණ අගය දැන් මිනිසුන්ට ලැබී ඇත...


    ..............................................


    නළුවෙක් නොවැ මොලයක් :lol::lol::lol:

    හයියෝ සිරි ලංකාව
    :dull:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    12313772_1698280670407814_8254511463757885843_n.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සුව වාත කරල ඕක දුන්නාම ඊ ලඟ පාර එන මිනිස්සු ගාන අඩු වෙනව ඕක ගන්න එන. දැනුත් ගොඩක් අය කරන්නෙ රෙඩි මේඩ් ඇදුම් අරන් දෙන එකනෙ ලමයින්ට. මිනිස්සු අඩු උනාම මුන් තව මොනාහරි බයිලයක් කියල නිල ඇදුම් දෙන එක නවත්තල දාන්න ප්ලැනක් ද කොහෙද. අන්ත් දුප්පත් මනුස්සයට තමයි කොහොමත් ඕකෙන් පාර වදින්නෙ

    :yes::yes::yes: ඔවු ඔවු 2003 මතකනේ... මමත් මාර කට්ටක් කෑවා ඇදුම් හොයා ගන්න...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ


    පලි- සල්ලි අග හිග උන් ඉන්නවා නම් ගහපන් වවුචර හොරට හොයන්ඩ බැ ලොවෙත්.මුන් වගේ ගොන් හරක්
    :lol::lol:


    හිතපන් හැම වවුචරේකටම විදුහල්පති අත්සන ඕනලු... ළමයි 6000 ට වැඩියෙන් ඉන්න ඉස්කෝලෙක බඩු බනිස් නේ පිනාට... :lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වවුචර් වැඩේ හොද නරක නම් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

    ඒත්,

    මම ඉස්කෝලේ යනකොට දීපු, හැම පාසල් නිල ඇදුම් රෙද්දෙන්ම මම යුනිෆෝර්ම් මහල ඇන්දා. නමුත් මම (අපේ අම්මල මහල දුන්න) වෙනම පිටිනුත් සෙට් එකක් දෙකක් මහගෙන හිටිය මාරුවෙන් මාරුවට අදින්න. ඔය දෙක අතරින් මම වැඩියෙන්ම ඇන්දේ නිල ඇදුම් රෙදි වලින් මහපුවා. මොකද එකේ සැප පහසුව වැඩියි, ඇදුමේ ලූක් එකත් වැඩියි.

    පවුද්ගලිකව මම වවුචර් වැඩේට විරුද්ධයි, මොකද රෙද්දක් දුන්නහම ඕක කොහොම හරි අම්මට දීලා ඇදුමක් මහගන්නවා. ලංකාවේ සමාජය ගැන දැනුමැත්තෝ දන්නවා මම මෙහෙම කියන්නේ ඇයි කියලා.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අඛිල විරාජ් වැනි අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් නොදන්නා කෙනෙකුට අධ්‍යාපන ඇමතිකම ලබාදීමත්..
    සතොස විනාස කල පුද්ගලයෙකුට රටක ආර්ථිකය බාර දීමේ අපමණ අගය දැන් මිනිසුන්ට ලැබී ඇත...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වවුචර් වැඩේ හොද නරක නම් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

    ඒත්,

    මම ඉස්කෝලේ යනකොට දීපු, හැම පාසල් නිල ඇදුම් රෙද්දෙන්ම මම යුනිෆෝර්ම් මහල ඇන්දා. නමුත් මම (අපේ අම්මල මහල දුන්න) වෙනම පිටිනුත් සෙට් එකක් දෙකක් මහගෙන හිටිය මාරුවෙන් මාරුවට අදින්න. ඔය දෙක අතරින් මම වැඩියෙන්ම ඇන්දේ නිල ඇදුම් රෙදි වලින් මහපුවා. මොකද එකේ සැප පහසුව වැඩියි, ඇදුමේ ලූක් එකත් වැඩියි.

    පවුද්ගලිකව මම වවුචර් වැඩේට විරුද්ධයි, මොකද රෙද්දක් දුන්නහම ඕක කොහොම හරි අම්මට දීලා ඇදුමක් මහගන්නවා. ලංකාවේ සමාජය ගැන දැනුමැත්තෝ දන්නවා මම මෙහෙම කියන්නේ ඇයි කියලා.


    රජයෙන් දෙන රෙදි කෑල්ල කොහොමත් තත්වයෙන් උසස්.. ඒක වැඩියෙන්ම වටින්නේ එදා වේල හොයාගන්න කුලියක් මලියක් කරලා ජිවත් වෙන මිනිස්සුන්ගේ දරුවන්ට..