මටත් දැන් හැම අතින්ම හොද කෙල්ලෙක් ඉන්නවායාළුවෙලා නම් නෑ.. ට්‍රයි කරලා නම් තියෙනවා හැට හුටහමාරක්.. එකක්වත් කැමති වුනේ නෑ... 5 ශිෂයත්වේ ..(බලනවා විතරයි)..
ඉස්කෝලේ ගිය වෑන් එකේ.. ඔ/ල අ/ල පන්තිවල ..ඊටපස්සේ වැඩට යනකොට බස් එකේ කෝච්චියේ... අනේ මන්ද..හීන මැව්වා.. එකක්වත් හරි ගියේ නෑ..
ලියනවනම් පොතක් ලියන්න පුළුවන්.. අන්තිමේදී යහළුවෙක්ගේ මුහුණු පොතේ හිටපු කෙල්ලෙක් නිකන්ම සෙට් වෙලා.. මාස 06 ආශ්‍රය කරලා.. බැන්දා.. අවුලක් නම් නෑ.. හැබැයි එහෙමට කියල දේකුත් නෑ.. දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා.. ජීවිතය ගගක් වගේ ගලාගෙන යනවා. ගල් මුල් වල හැපී හැපී ..පෙන නැගී නැගී ..බොර වේවි... ඔහොම තමයි.. අර කලින් කිව්ව කැලිවල(නම් දන්න අය) අදටත් මුහුනුපොතේ හොයාගෙන ඉදල හිටලා බලනවා.![]()
10 දි තමා සෙට් උනේ. එතකන් එක එක එවට ඇහ දදා හිටියට අහන්ඩ ගියේ නැ. 10දි අහුවම මුලින් කැමති නැ කිව. අත ඇරියේ නැ.පස්සෙන්ම ගියා. පස්සේ මගෙ වදේට කැමති උනා.එයා වෙන ස්කොලෙක එකම ටවුන් එකේ. අපි දෙන්නම යන්නේ එකම කොච්චියෙ.එකම ටියුසන් වලට ගියේ. ඒ ල් කරෙත් එකට. ඖරුඩු 10ක් ලව් කරා.දැන් මගේ වයිෆ් අපි දෙන්නට පොඩි කොල්ලෙකුත් ඉන්නව දැන්.
කතාවේ සරශය කිවේ. ඔයිට වඩා ගොඩක් කෙස් උනා. ඔක්කොම ලියන්ඩ කම්මලි![]()

Paase mkd une
පස්සේ මොකද උනේ?
ඒ ටිකත් කියමු.


ලස්සන මතක ගොඩක් තිබුන කාලයක් ඔය, OL කරලා නිවාඩු කාලෙ english course එකක් කරා Minco english academy එකේ, ඕක මාස 2යි school එක ඇතුලෙම නැවතිලා කරන්න තිබ්බෙ, ගෙදර එන්න දෙන්නෙ නෑ course එක එවර වෙනකම්, ඕකට ඉතින් රට වටෙන්ම කොල්ලො කෙල්ලො එනව
මගේ batch එකේ හිටියෙ ඔක්කොම අක්කලා විතරයි, ඒ එක්කම junior batch එකක් ගත්තා,
ඒකෙදි තමයි ඔය කෙල්ල සෙට් වුනේ
ඒකිත් අපේ වයසෙමයි. කොන්ඩෙ දිග ලස්සන සුදු ස්කිනී කෙල්ලෙක්. ලස්සනට නටන්න එහෙම පුලුවන්. මින්කො එකේ තිබ්බා minco mentor කියල program එකක්, ඕකෙදි වෙන්නෙ අලුතෙන් batch එකක් ආවම උන්ට දෙනවා පරන senior batch එකේ senior කෙනෙක් one day companion කෙනෙක් විදියට. අපිට හම්බෙන අලුතෙන් ආපු එකාට හෝ එකීට academy එකේ program එක වෙන හැටි සහ හොස්ටල් කොහෙද තියෙන්නෙ, කන්න එන්න ඕන වෙලාවල් එහෙම, study room එක කොහෙද තියෙන්නෙ වගේ ගයිඩ් එකක් දෙන්න තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන්
මට සෙට් වුනේ ඔය කෙල්ල.
මම ඉතින් ලස්සන හිනාවක් දාලා හේයි අයි ඈම් කසුන් කියල පටන් අරගෙන ඒකිව mentor tour එක එක්කරගෙන ගියා academy එක වටේ
ටික වෙලාවක් යද්දි තමා මීටර් වුනේ මේකිත් මාතරමයි
අපේ සහෝදර පාසලේ
මම රාහුලේ මේකි සුජාතේ
අම්මෙහ් එතන ඉදන් මං එක්ක මේකි පුදුම විදියට සෙට් වුනා(යාලු ෆිට් එකට)
කොහොමහරි ඉතින් මගේ අන්තිම මාසෙනෙහ්, ලස්සන මතක ගොඩක් එක්ක මගේ course එක එවර වෙලා මට එන්නවුනා ඒකි එහෙ දාලා, එන්න ටික දවසකට කලින් මගේ auto එක දුන්නා ඒකිටත් ලියන්න(autography bookඑක), මේකි ඒක හොස්ටල් එකේ රැයක් තියාගෙන ලස්සන ගොඩාක් දේවල් ලියල තිබ්බා
ගෙදර ඇවිත් කියවද්දි පට්ට දුකයි ඉතින්
assignments එහෙම කරද්දි මං ඒකිට දුන්න සප් එක ගැන, එක පිගානේ ලන්ච් එක ගත්තු දේවල් ගැන
දවසක් රෑ minco එකේ තාප්පෙන් හොරාට මමයි මගේ යාලුවෙකුයි එලියට පැනලා ආප්ප ගෙනත් ඔක්කොම එක්ක බෙදන් කාපු සීන් ගැන එහෙම
තව ගොඩක් ගොඩක් දේවල් ලස්සනට ලියල තිබ්බා, ඒ එක්කම ඒකිගෙ ගෙදර ඇඩ්‍රස් එකත් එක්ක ලෑන්ඩ් ලයින් number එකත් යටින් පොඩියට ලියල තිබ්බා අනිවා අමතක නොකර කෝල් කරන්න කියල
මොකද ඔය කාලෙ handphone එහෙම තිබ්බෙ නෑ නෙහ් අපිට දැන් ඉන්න OL පොඩි උන්ට වගේ
කොහොමහරි ඔය යාලුකම තිබ්බා සෑහෙන කලක්, අන්තිමේ මම SLIIT ගියා, එයාව ඉදල හිටලා අම්මා එක්ක town එකේදි එහෙම හම්බෙලා කතාබහ කරල තියෙනවා
දැන්නම් කොයි ලෝකෙක ඉනන්වද දන්නෙ නෑ
ආයෙ දවසක එයාව කොහේදි හරි මගකදී මුන ගැහෙයි කියල හිතනවා
![]()
OL karaddi mama yalu une masa 2k wage try karala ahuwe .a love eka thama thama thiyenne.Dan apita podi babekuth innawa. Hari thiranayak ganna puluwan nam lesiyakata waradin na . Mama hondata hoyala balala mata galapena nisai try kare family background pawa apita gelapenawa so a kale indan ma no prob.


අපොයි..1 day lovekohuwala sakya yana kale A/L walata. ape gewal kittiuwa nisa math ekka fit eke hitiya, kohomahari hite tiyan idala kalin dawase gedara yanakota ahuwa. pahuwada ude kamatta dunna.
oke party eka one kiyala kollo tika ekka gihin dehiwala beach eke bila class awith class eke nondi una. hawasa gedara yanakota kella kiwwa "mama oya ohoma kenek kiyala hituwe na, mama ude kiyapu eka amataka karanna mama oyata kamati na kiyala"
onna oka tama mage 1st love eka. kella badala dan lamai 3 innawa.![]()
ඇයි උඹ ඇහුවෙ නැත්තේ.
ඒ කාලෙ දැන් වගේ ගටක් නෑ මචන් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න
තිබුන යාලුකමත් නැති වෙයි කියන බය තමයි ලොකුවටම තිබ්බේ. (friendzoneඑකේ විපාක තමයි)
ඔක්කොටම හපන් මන් එක්ක හිටපු යාලුවා
උ හැමතිස්සෙම කිවුවේ අනිවා ඒකි උබත් එක්ක තරහ වෙයි, යාලුකමත් නැති වෙයි තෝ ගිහින් කැමැත්ත ඇහුවට පස්සෙ කියලා
ඉතින් කිසිම Go එකක් තිබ්බෙත් නෑ වැඩේට. සමහර දවස්වලට ඒකිම අපේ ගෙදරට කෝල් කරනවා මගෙන් කිසිම සද්දයක් නැති වුනාම
මම බඩුව වගේ හිටියා මිසක් කැමැත්ත අහන්න කොන්දක් තිබ්බෙ නෑ මචන්. ගට හිතට අරන් ඒකිගෙන් කැමැතිද කියල අහන්න යන හැම වෙලේම එක්කො පපුව ඩිග් ඩිග් ගානවා, හුස්ම ගන්න බැරි සීන් එකක් වෙනවා, දාඩිය දානවා 

අපරාදෙ ඉතින්..
දැන්නම් බැදලද දන්නෙත් නෑ 