පාස්කු-ප්‍රහාරය
පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කවුද කියා නිර්දේශ කරනන් අපට බැහැ : නියෝජ්‍ය කථානායක කියයි
පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කමිටුව විසින් සකස් කරමින් සිටින වාර්තාව සම්බන්ධයෙන් පළවන ඇතැම් වාර්තා නිවැරදි නොවන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා.
පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ කිසිවෙකු වැරදිකරුවෙක් කිරීමට නොවන බවත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවයි. ඒ සඳහා බලය ඇත්තේ අධිකරණයට බවත් විශේෂ කාරක සභාවට පැවරී තිබෙන කාර්ය භාර්ය වුනේ අතපසුවීම්, අඩුපාඩු සහ දුර්වලතා සිදුවුයේ කොතනදැයි සොයා බැලීම පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
පිටු 200 කින් පමණ සමන්විත එම වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් තිබෙන බව මෙහිදී නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
නැගෙනහිර පළාත තුළ මෙවැනි පසුබිමක් නිර්මාණයවීම, එම තොරතුරු නිසිලෙස වාර්තා නොවීම, ආරක්ෂක අංශ අතර සම්බන්ධිකරණයක් සිදු නොවීම, බුද්ධි සේවාවලින් ලැබුණු තොරතුරු නිසි ඇගයීමකට ලක් නොවීම වැනි කරුණු මෙහිදී සොයාබැලූ බවයි නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ.
එලෙස හඳුනාගත් අඩුපාඩු මෙන්ම ඉදිරියේදී එවැනි සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවරද වාර්තාව මගින් නිර්දේශ කරනු ලබන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Last edited: