පාස්කු_ඉරිදා_ප්‍රහාරය_behind_story

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    පාස්කු_ඉරිදා_ප්‍රහාරය_behind_story

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සම්පූර්ණ කතාව

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මුල් සැලසුම වී ඇත්තේ පළාත් නවයම ලේ විලක් කරන්නටය. එය ව්‍යර්ථ වන්නේ අභ්‍යන්තර මත ගැටුමක් හේතුවෙන් සහරාන්ගේ අන්තවාදී කල්ලිය දෙකඩ වීමෙනි. එහිදී එක් පාර්ශ්වයක් අලුත් නායකයෙකු පත් කරගන්නේ සහරාන්ගේ නායකත්වය පිළිනොගනිමිනි. එම නායකත්වට වටා රොක්වූවන් අතර මරාගෙන මැරෙන්නට සූදානමින් සිටියවුන් හය හත්දෙනෙක්ම සිටියහ. සැලසුම් කරගත් ලෙස රට පුරාම බොම්බ පුපුරවාහරින්නට සහරාන්ට නොහැකි වන්නේ එබැවිනි. එම නායකයාද දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

    පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් කර ඇති විමර්ශනවලින් ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන්ගේත් ඔවුන්ට සම්බන්ධකම් ඇති අය ගැනත් බොහෝ තොරතුරු හෙළි කරගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව හමාරය. ඒ අය අතර සහරාන්ට සිය සංවිධානය වර්ධනය කරන්නට දේශිය මෙන්ම විදේශිය වශයෙන් අරමුදල් සපයන ලද පුද්ගලයන් මෙන්ම රටවල් ගැනද තොරතුරු බොහෝය. දේශිය වශයෙන් සහරාන්ට අරමුදල් සපයා ඇත්තේ ව්‍යාපාරිකයෝ පිරිසකි. එම ව්‍යපාරිකයන් අතර දෙමටගොඩ ඊබ්‍රාහීම් පවුල සිටින්නේ ඉහළින්මය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සූදානමින් සිටි අන්තවාදීන් රැසක්ම දැන් සිටින්නේ අත්අඩංගුවේය. කාතන්කුඩියෙන් පමණක් මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

    ඒ අය පුහුණුව ලබා ඇතැයි සඳහන් වන්නේ හම්බන්තොට පැත්තේ පුහුණු කඳවුරකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තවත් 150ක් පමණ අත්අඩංගුවට ගන්නට සිටින බවය. ඒ අය මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් අය නොවූවත් සහරාන්ගේ අන්තවාදී දේශන සහ පුහුණු සැසිවලට සහභාගිවූවෝය.

    විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව සහරාන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට අවසානයට ඉතිරි වී සිට ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහිම් පවුලත් කාතන්කුඩියේ සහ කල්මුණේ කණ්ඩායමත් පමණි. ඒ අය අතර වැඩිම නියෝජනයක් තිබී ඇත්තේ සහරාන්ගේ පවුලේ සාමාජිකයන්ගේය. කල්මුණේ සයින්දුමරුදු සුනාමි ගම්මානයේ නිවසක් තුළ මරාගෙන මැරෙන වැඩි දෙනෙක් සහරාන්ගේ පවුලේය. සහරාන් ප්‍රතිකේෂ්ප කරමින් නව නායකත්වයක් වටා රොක්වූවන්ගෙන් වැඩි දෙනෙක් මාවනැල්ලෙන් සහ කුරුණෑගලින් සහරාන්ට එක්වූවෝය.

    තුර්කිය හරහා සිරියාවට ගොස් අයි.එස්. පුහුණුව ලැබූවන් මෙන්ම අයි.එස් සම්බන්ධකම් සහරාන්ට ගොඩ නැඟුණු අයුරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලින් මේ වන විටත් හෙළි වී හමාරය.

    කටුවාපිටියේ ඔත්තුවෙන් සමන්තුරේ අවි ගබඩා දෙකක් වැටලූ හැටි

    කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොම්මදු හස්තු නැමැති අන්තවාදියා මන්නාරමේ වැසියෙකි. විවාහ වීමෙන් පසු ඔහු පදිංචි වී සිටියේ සිය බිරිය වන පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරාගේ කල්මුණේ ඒ.එෆ්.සී. පාරේ පිහිටි නිවසේය. ඇයද මරාගෙන මැරීමට සූදානම් වී සිටි අන්තවාදී කාන්තාවක් වූවාය. ඇය සිටියේ දෙවැනි ප්‍රහාර මාලාවට සූදානමිනි.

    කටුවපිටියේ දේවස්ථානයට පහරදෙන්නට එම අන්තවාදීන් සැලසුම් කරන්නේ ඉකුත් ජනවාරියේදීය. දේවස්ථානයට කිට්ටුව ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි නිවසක් ඉකුත් පෙබරවාරියේදී කුලියට ගන්නේ එබැවිනි. ඒ රුපියල් 45000ක මාසික කුලියකටය.

    විමර්ශනවලින් හෙළි වී ඇති තොරතුරුවලට අනුව අන්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ ආරක්ෂිතව ගබඩා කර තබන්නටද යොදා ගෙන ඇත්තේ එම නිවසය. වෑන් රථ සහ ලොරි රථවලින් විටෙන් විට රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය තොග පිටින් මෙහි ගබඩා කර තිබී ඇත්තේ කාමරයක් පිරෙන්නටය. පුපුරාගිය බොම්බ සකස් කර ඇත්තේ එම ගබඩාවෙන් පාණදුර සරික්කම්මුල්ලේ පිහිටි නිවසට රැගෙන ගිය පුපුරන ද්‍රව්‍ය යොදාගෙනය.

    හෙළි වී ඇති තොරතුරුවලට අනුව කටුවපිටිය දේවස්ථානයේ පුපුරාගිය බෝම්බය බෑගයේ අටවා ඇත්තේ ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි නිවසේදීය. දෙවැනි ප්‍රහාරයටද අවශ්‍ය බෝම්බ එම නිවසේදී අටවා ඇත්තේ කුලියාපිටියේ රන්කරුවකු අතිනි. ජාතික තවුහිද් ජමාත් කල්ලියේ පුපුරන ද්‍රව්‍ය විශේෂඥයා වන්නේ ඔහුය.

    ඉතිරි පුපුරන ද්‍රව්‍ය ආරක්ෂිතව සඟවා තබන්නට රැගෙන යන්නේ සමන්තුරේටය. ඒ පසුගිය 11 වෙනිදාය. මීගමුවෙන් කුලියට ගන්නා ලොරි රථයක පටවා නිවසක් හැර යන පරිද්දෙන් ගෘහ භාණ්ඩද සමඟ එම පුපුරන ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය කාගේවත් සැකයට ලක් නොවන ලෙස ගෙන යන්නට ඔවුහු සමත් වූහ.

    ගේදොර අස්පස් කළද බෝම්බකරුත් ඔහුගේ බිරිදත් දින කිහිපයක් යන තුරුම තවත් කිහිප දෙනෙක් සමඟ එහිම රැදී සිටින්නේ සැකයක් ඇති නොවන ලෙසිනි. ඔවුන් කටානේ නිවසින් පිටව යන්නේ 18 වැනිදාය. එහෙත් 20 වැනිදා පැමිණෙන බෝම්බකරු 21 වැනිදා කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන්නට යන්නේද එහි සිටය.

    ප්‍රහාරයෙන් පැය 24ක් ඉක්ම යන්නටත් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයෝ එම බෝම්බකරු හඳුනා ගත්හ. ඒ අතර රාජ්‍ය බුද්ධි සේවය 11 වැනිදා පුපුරන ද්‍රව්‍ය සමඟ සමන්තුරේ ගිය ලොරිය පිළිබඳ තොරතුරු හෙළි කරගන්නේ දීර්ඝ විමර්ශනයකින් පසුවය. මේ වෙනුවෙන් ආරක්ෂක කැමරා සිය ගණනක් පරීක්ෂා කරන්නට බුද්ධි නිලධාරීන්ට සිදු විය. ලොරියේ ගමනාන්තය ඒ අනුව හෙළි කරගන්නේ ලොරි රියැදුරුගේ සහයෙනි.

    පොලිසිය ඉකුත් 26 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව සමන්තුරේ නිවස වටලන්නේ ඒ අනුවය. අනතුරුව නින්දවූර් හි නිවසක් ද වටලනු ලැබීය. එම නිවෙස් දෙකේම තිබී පුපුරන ද්‍රව්‍ය ඇතුළු රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලිසිය සොයා ගත්තේය. ඒ බෝම්බ ඇටවීමේදී යොදාගන්නා යකඩ බෝල ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්ද සමඟිනි. ඊට අමතරව එහි දේවස්ථාන සහ හෝටල්වලට එල්ල වුණු ප්‍රහාර මාලාවෙන් පසු අයි.එස්. සංවිධානය එහි වගකීම භාරගනිමින් නිකුත් කළ වීඩියෝ පටයේ සහරාන් ඇතුළු මරාගෙන මැරුණු අන්තවාදීන් හැඳ සිටි ඇදුම් මෙන්ම ඔවුන් පිටුපා සිටි බැනරයද තිබිණි.

    එම නිවෙස් දෙකම කුලියට ගත් ඒවාය. ඒ ප්‍රහාරයට සතියකට පෙරය. සමන්තුරේ නිවස කුලියට ගන්නේ රුපියල් 30000ක මාසික කුලියකටය. නින්දවූර් නිවස කුලියට ගන්නේ රුපියල් 20000ක මාසික කුලියකටය. එම නිවාස දෙකම කුලියට ගන්නේ මොහොමඩ් නිපාස් නැමැති කාතන්කුඩියේ පදිංචිකරුවෙකි. ඔහුද මරාගෙන මැරෙන බෝම්බකරුවෙකි.

    අන්තවාදීන් රොත්තක්ම කල්මුණේ එක තැන මරාගෙන මැරෙති

    සහරාන් ඇතුළු අන්තවාදීන් දේවස්ථාන සහ සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරන විට සහරාන්ගේ බිරිය ෆාතිමා කාදියාත් කටුවපිටිය දේවස්ථාන ප්‍රහාරකයාගේ බිරිය සාරාත් සහරාන්ගේ සහෝදරියත් මවත් ඔවුන්ගේ කුඩා දරුවනුත් සමඟ රැඳී සිටින්නේ තිහාරියේය. ඔවුන් තිහාරියේ සැඟවෙන්නට යන්නේ ප්‍රහාර එල්ල කරන්නට දින දෙකකට පෙරය. ඒ කල් තියා සූදානම් කරගත් කාතන්කුඩියේ අයෙකුට අයත් වෑන් රථයක නැඟීය.

    දින 10ක් තිස්සේ රට වටේම ඔවුන් කරක් ගසන්නේ එම වෑන් රථයේ නැඟීය. ගිරිඋල්ලේ සාප්පුවකින් රුපියල් 29000ක සුදු ඇඳුම් තොගයක් මිලදී ගන්නේද එම වෑන් රථයෙන්ම ගොසිනි. තිහාරියේ සිට කල්මුණේ ට ඔවුන් යන්නේ එදිනම රාත්‍රියේය.

    සිය නායකයාගේ බිරිය ඇතුළු පවුලේ හිතවතුන් කල්මුණේට පැමිණෙන විට ඔවුන්ට සැඟවෙන්නට තැනක් සූදානම් කරන්නේ මොහොමඩ් නිපාස්ය. ඒ නින්දවූර් හි කුලියට ගත් නිවසයි. පසුව ඔවුන් සයින්දමරුදු සුනාමි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසට එන්නේ පසුගිය 26 වැනිදා සවසය. ඊට දින දෙක තුනකට පෙර රුපියල් 4000ක මාසික කුලියට ගෙන තිබිණි.

    මොහොමඩ් නිපාස් සහරාන්ගේ සහෝදරයන් දෙදෙනාද පියාද සහෝදරියගේ සැමියාද ඇය සමඟ පැමිණි අය අතර සිටියහ. මලු කිහිපයක් අතින් ගත් ඔවුන් කෙළින්ම රිංගුවේ නිවස තුළටය. ඒ දෙස ඉතා ඕනෑකමින් බලා සිටි ගම්වැසියෙකුට ඔවුන්ගේ එම හැසිරීම ගැන ඇති වන්නේ සැකයකි.

    එය දුරුකර ගන්නට ගම්වැසියා ඒ බව දැනුම් දෙන්නේ මාර්ගයේ ගමන්ගත් පොලිස් යතුරුපැදියක සිටි කොස්තාපල්වරයෙකුටය. ඒ අනුව එම සැකකටයුතු පුද්ගලයන් කවුරුන්දැයි සොයා බලන්නට නිවසට කිට්ටු කරන කොස්තාපල්වරයා දෙසට එකවරම එල්ල වන්නේ අත්බෝම්බ ප්‍රහාරයකි. ඒ නිවසේ වහලය මත රැකවල්ලාගෙන සිටි අන්තවාදීයෙකුගෙනි.

    සීරීම් තුවාලයක්වත් නොමැතිව දිවි බේරෙන්නට තරම් කොස්තාපල්වරයා වාසනාවන්තයෙක් විය. තමන්ට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය ගැන ඒත් එක්කම ඔහු දැනුම් දෙන්නේ සිය උසස් නිලධාරීන්ටය. ඒ අනුව පොලිසියත් හමුදාවත් එම නිවස වටලන විට ඔවුහු හමුදාව සහ පොලිසිය සමග ගැටුණාහ. දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවීම් කිහිපයක්ද සිදු විණි. පැයක් හමාරක් ගෙවී යන විට නිවසෙන් ඇසෙන්නේ පිපිරීම් තුනකි. එය අත්බෝම්බ පිපුරුමකට එහා ගිය පිපුරුම් හඬකි. පොලිසියත් හමුදාවත් එදා මුළු රැය පුරාම සයින්දුමරුදු ගම්මානයම සෝදිසියකට ලක් කළේය.

    පිපිරුම් සිදු වුණු නිවසට ඇතුළු වන්නේ බිම් එළිය වැටුණු පසුවය. එහිදී මුලින්ම හමුවන්නේ ටී 56 අවියක් අතැතිව ගේට්ටුව ඉදිරිපිටම මැරී වැටුණු අයෙකුගේ මළ සිරුරකි. ඔහු නිපාස්ය. කොස්තාපල්වරයාට බෝම්බ ගැසූ පුද්ගලයාද ඒ වන විටත් සිටියේ වහලය මත මැරී වැටීය. එක පොදියට කුඩා දරුවන්ද සමඟ පිරිසක් පිපුරුමකින් මියගොස් සිටි අයුරු පොලිසියත් හමුදාවත් දුටුවේ සාලයට පය තබන විටදීය. එතැන 14 දෙනෙකුගේ මළ සිරුරු වැටී තිබිණි. ඇතැම් මළ සිරුරු හඳුනාගන්නට බැරි තරමට විරූපි වී තිබිණි. සිරුරු කැබලි හැම අත විසි විසිරිලාය. ඒ අය අතර සහරාන්ගේ සහෝදරයන් දෙදෙනා වන මොහොමඩ් සෙයින් හසීම්ගේත් මොහොමඩ් රිල්වාන් හසීම්ගේත් ඔවුන්ගේ පියාගේත් සිරුරු විය. රෝ ඔත්තුවේ සඳහන් මරාගෙන මැරෙන ප්‍රහරකයන්ගේ නම් ලැයිස්තුවේද රිල්වාගේ නමද සටහන් වී තිබිණි.

    මේ අයට අමතරව සහරාන්ගේ බාල නැඟණිය මොහොමද් සයිරා හසීම්ගේද ඇගේ සැමියා වන මොහොමඩ් රිෂාද්ගේද මළසිරුරුද සාරාගේ සිරුරද සාලයේ මැරී සිටියවුන් අතර විය. එම මළසිරුරු පරීක්ෂා කරමින් සිටි පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන්ට වේදනාවෙන් කෙඳිරිගාමින් සිටින කාන්තාවකගේත් දරුවකුගේ හැඬුමක් ඇසෙන්නට විය.

    ඒ හඬ ඇසෙන්නට වූයේ නිවසේ කාමරයකිනි. එහි කාන්තාවක සහ දරුවෙකු සිටින්නේ පිපුරුමෙන් තුවාල ලබාය. ඒ දෙදෙනා ගිලන් රථ දෙකකින් වහාම රැගෙන යන්නේ අම්පාර රෝහලයට. ඒ වෙන කිසිවෙකු නොව, සහරාන්ගේ බිරිය සහ දරුවාය. ඒ වන විටත් සහරාන්ගේ අට හැවිරිදි වැඩිමහල් දරුවා ඇතුළු දරුවන් හය දෙනෙකු සිටියේ පිපිරුම්වලට ලක්ව මෙලොව අතහැර ගොසිනි.

    එම කඳවුරුවල පුහුණුකරුවන් බවට පත් වී ඇත්තේ තුර්කිය හරහා සිරියාවට ගොස් අයි.එස්.අයි.එස් පුහුණුව ලැබූවෝ කිහිප දෙනෙකි. ඒ අය අතර මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියට සම්බන්ධ වූ සාහිඩ්ද සිටියේය. වනාතවිල්ලුවේ පුහුණු කඳවුරේ භාරකරුවා ඔහුය. සෙසු කඳවුරු ද භාරව සිට ඇත්තේ ඔහු මෙන්ම සිරියාවේ පුහුණුව ලැබූවෝය. හෙළි වී ඇති ආකාරයට මේ වන විට සහරාන්ගේ කල්ලියේ 10කට වැඩි පිරිසක් සිරියාවේ පුහුණුව ලබා ඇත. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

    වවුනතිව් පොලිස් නිලධාරීන් දෙන්නා මැරුවේ පුහුණුවට ආයුධ සොයාගන්න

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවල වැඩි අවධානයක් යොමු වන්නේ කාතන්කුඩියටය. ඒ නිසා මුළු කාතන්කුඩියම වටලා පොලිසියත් හමුදාවත් දැවැන්ත සෝදිසියක නිරත වන්නේ සහරාන්ට ගෑවුණු සෑම අයෙකුම කොටු කරගනිමිනි.

    එසේ සිය ගණනක් ප්‍රශ්න කිරීමට පොලිස් හා හමුදා භාරයට ගැනිණි. සහරාන්ට ඥාතිකමක් ඇති බොහෝ පිරිසක් ඒ අතර වූහ. කාතන්කුඩියේ ධිවර සංස්ථාව පාරේ නිවසකින් අල්ලාගත් මොහොමඩ් ෂාරිෆ් ආදම්ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා ඒ අතර විශේෂිත පුද්ගලයෙක් විය. ඒ ගෆූර් මාමා සහරාන්ගේ රියැදුරා වූ බැවිනි. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු රහස් ගොන්නක්ම වැමෑරුවේය.

    2018 වසරේ නොවැම්බර් 30 වැනිදා රාත්‍රියේ වව්නතිව් පොලිස් මුරපොළේ සේවයේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනාට වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමත් ඒත් එක්කම තවදුරටත් අබිරහසක් නොවීය. එම ඝාතනය වූයේ එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් සිදු වෙමින් පැවැති කාල වකවානුවකදී බැවින් එම ද්විත්ව ඝාතනයේ සැකය එල්ල වූයේ එල්.ටී.ටී.ඊ.යටය.

    ඒ නිසාම පොලිසිය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ කිහිප දෙනෙක්ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ගෆුර් මාමාගෙන් හෙළි වූයේ වෙඩි පුහුණුවට ගිනිඅවි හිඟයක් පැවැති බැවින් සහරාන්ගේ නියෝගයකට අනුව පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර, ඔවුන් සතු රිවෝල්වර දෙක පැහැරගත් බවය. ඒ සඳහා නායකත්වය දෙන්නේ මිල්හාන්ය. ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සන්නද්ධ අංශය භාරව සිටියේ ඔහුය. රෝ ඔත්තුවේ සඳහන් මරාගෙන මැරෙන්නන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම ද සඳහන් වී තිබිණි. අයි.එස්. සංවිධානය ඔහුට නම් තබා ඇත්තේ අබුසීලන් ලෙසිනි.

    එදා ඔහු සමඟ සිවු දෙනෙකු පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයට සම්බන්ධ වන්නේ යතුරු පැදි දෙකක නැඟී කල්මුණේ සිට එහි ගොසිනි. ඒ අය අතර රෝ ඔත්තුවේ සඳහන් තවත් මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු වූ ආමි මොහිදින්ද සිටියේය. මිල්හාන් හැරුණුකොට පොලිස් නිලධාරීන් තිදෙනා ඝාතනයට සම්බන්ධවූවන් තිදෙනාම මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්ඩංගුවේය.

    සවුදි ගුවන්තොටුපොළේ සැඟවුණු මරාගෙන මැරෙන බෝම්බකරු

    කබීර් හෂීම් ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් නස්ලිම්ට 2019 වසරේ මාර්තු 09 වැනිදා මාවනැල්ලේ නිවසේදී එල්ල වූ වෙඩිල්ලද සහරාන්ගේ වැඩක් බව හෙළි වන්නේ ගෆුර්ගෙනි. එම වෙඩිල්ල නස්ලීම්ට එරෙහිව පත්තු වන්නේ අන්තවාදයට එරෙහි වීම සහ අන්තවාදීන්ගේ වනාතවිල්ලුවේ පුහුණු කඳවුර වැටලීමට තොරතුරු දීමේ වරදටය. වනාතවිල්ලුවේ පුහුණු කඳවුර අනාවරණය වීම සහරාන්ට එල්ල වුණු මරු පහරකි. වාසනාවකට නස්ලීම්ට තැබූ වෙඩිල්ල ඔහුට ජීවිත හානියක් නොකළේය.

    ගෆුර් මාමා පොලිසියට හෙළි කර ඇති ආකාරයට නස්ලිම්ට වෙඩි තබන්නේද පොලිස් නිලධ­ාදාරීන් දෙදෙනාට වෙඩි තබා මරා දැමූ මිල්හාන්මය. ඒ එදා පොලිස් නිලධාරීන්ගෙන් පැහැරගත් රිවොල්වරයෙනි.

    එකී රිවෝල්වරය මෙන්ම පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ ටී 56 අවියද දැන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. කල්මුණේ සයින්දු මරුදු ගැටුමේදී හමුදා ප්‍රහාරයන්ගෙන් මරුමුවට පත්වූ නිපාස් අත තිබෙන්නේ එම ටී 56 අවියයි.

    බොම්බ පිපුරුම් මාලාව සිදු වන විට නිපාස් සිටින්නේ මක්කම වන්දනාවේ ගොසිනි. දෙවැනි ප්‍රහාර මාලාව සිදු වන්නට නියමිතව තිබුණේ ඔහුගේ නායකත්වයෙනි. මක්කම සිට කිසිවක් නොදන්නා අයෙකු ලෙස ඔහු මෙරටට පැමිණිමට නියමිතව සිටියේ ඉකුත් 30 වැනිදාය. සවුදියේ සිට ඔහු පැමිණෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එදින උදෑසන ගුවන්තොටුපොළ භුමියේ රැඳී සිටියේ නොඉවසිල්ලෙනි. ඒ උදෑසන ගොඩබාන ගුවන් යානයෙන් ඔහු පැමිණෙන බව මඟී ගුවන් ලැයිස්තුවේද නම සටහන් ව තිබුණු බැවිනි. එහෙත් එම ගුවන් යානාවේ ඔහුගේ ගමන් මලු පැමිණියත් ඔහු නොවීය.

    කලබල වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අන්තර්ජාතික ඔත්තු සේවාවල සහය පතන්නේ ඒ අනුවය. අවසාන මොහොතේ ඔහු ගුවන්යානාවට ගොඩ නොවී සවුදි ගුවන්තොටුපොළේ සැඟ වී ඇති බව හෙළි වන්නේ එවිටය. දැන් ඔහු සිටින්නේ සවුදි ආරක්ෂක අංශ අත්අඩංගුවේය.

    වනාතවිල්ලුවේ පුහුණු කදවුරු භුමියේ ප්ලාස්ටික් බැරලයක දමා ආරක්ෂිතව වළදමා ඇති ආයුධ තොගයක් ගැන හෙළි කරන්නේ ගෆූර් මාමාය. ජනවාර් 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පුහුණු කදවුර වටලන විටද එම ආයුධ තොගය තිබී ඇත්තේ එම බැරලයේමය. අක්කර 80ක් වූ එම පොල් ඉඩමක කෙළවරේ වළදමා තිබුණු බැරලය ගොඩගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු එහි තිබී ආයුධ සියල්ලක්ම සිය භාරයට ගත්හ. පොලිස් නිලධාරීන් ඝාතනය කර පැහැරගත් එක් රිවෝල්වරයෙක් තිබෙන්නේ එහිය. ඊට අමතරව ටී 56 අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ මෙරට නිෂ්පාදිත රිවෝල්වර 06ක් ඇතුළු ගිනි අවි කොටස් රැසක්ම එහි තිබෙන්නේ පතොරම්ද ගොන්නක්ද සමඟිනි.

    සුදු ඇදුම් ගත්තේ ඉස්සරහට ඕනෑ වන නිසාලු

    කල්මුනේ සයින්දුමරුදු ගැටුමෙන් පසු එම ස්ථානයේ ඡායාරූප ගොන්නක්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට ගන්නේ ඉතා වේගයෙනි. පිපිරුම සිදුවූ නිවසේත් මිය ගිය පුද්ගලයන්ගේත් ඡායාරූප ඒ අතර විය. ඒ එක් ඡායාරූපයක මළමිනී අතර ඇති ඉටි බෑගයක් කෙරෙහි එක්තරා පුද්ගලයෙකුගේ විශේෂ අවධානයක් යොමුවූයේය. එය එම පුද්ගලයා හොඳින් දන්නා හඳුනන අයෙකු කළමනාකරු ලෙස සේවයේ නිරතව සිටින ගිරිඋල්ලේ පිහිටි රෙදි සාප්පුවකට අයත් බෑගයකි. වහාම ඔහු කළමනාකරුට ඇමතුමක් ගත්තේය. එකී ඡායාරූපය ගැන ඔහුට කීවේය.

    ඒත් එක්කම කළමනාකාරු ක්‍රියාත්මක විය. සිය ආයතනයේ ආරක්ෂක කැමරා දර්ශන දින කිහිපයක් තිස්සේ ආ පස්සට පරීක්ෂා කළේය. 19 වැනිදා ඔහුගේ සාප්පුවට බුර්කාවලින් සැරසුණු කාන්තාවන් කිහිප දෙනෙකු පැමිණ භාණ්ඩ මිලදී ගන්නා බවත් ඔහුට එහිදී නිරීක්ෂණය විය. එම කාන්තාවන් මිලදී ගත්තේ මොනවාදැයි ඔහු පරීක්ෂා කළේය.

    එහිදී පෙනී යන්නේ රුපියල් 29000ක සුදු පැහැති බ්ලවුස්, ස්කර්ට්, බ්‍රෙසියර් ආදිය සෑම එකකින්ම 09 බැගින් මිලදී ගෙන ඇති බවය. ඊට අමතරව සෙල්ලම් බඩු දෙකක්ද මිලටගෙන තිබිණි. ඔවුන් එහි පැමිණ ඇත්තේ වෑන් රථයකින් බවද කළමනාකරු ආරක්ෂක කැමරා මඟින් අනාවරණය කරගත්තේය. පසුව ඒ බව ඔහු පොලිසිය දැනුවත් කළේය. එම සුදු ඇදුම් කෙරහි කොයි කාගේත් අවධානය යොමු වන්නේ ඒත් සමඟිනි. එම සුදු ඇදුම් කට්ටල 09න් සයින්දුමරුදු නිවසේ තිබෙන්නේ සුදු ඇඳුම් කට්ටල 07ක් පමණි. සෙසු ඇදුම් දෙකට වූයේ කුමක්දැයි මෙතෙක් ඇත්තේ අබිරහසකි.

    එම සුදු ඇදුම් ඔවුන් මිලදී ගත්තේ ඇයි දැයි සමාජයේ මේ වන විට ඇත්තේ කුකුසකි. ඊට පිළිතුරු දීමට දැන් ඉතිරිව සිටින්නේ එක් අයෙක් පමණි. ඒ සුදු ඇදුම් මිලදී ගැනීමට ගිරිඋල්ලේ සාප්පුවට ගිය කාන්තාවන් තිදෙනා අතර සිටි සහරාන්ගේ බිරිය පමණි. අම්පාර රෝහලේ දැඩි පොලිස් ආරක්ෂාවක් සහිතව සිටින ඇය ඒ ගැන පවසන්නේ සුදු ඇදුම් මිලදී ගත්තේ ඇයි දැයි තමන්ද නොදන්නා බවයි. එම සුදු ඇදුම් මිලදී ගෙන ඇත්තේ දෙවැනි ප්‍රහාරයට සූදානමින් සිටි පුලස්ති රාජේන්ද්‍රන් හෙවත් සාරාය. “ඉස්සරහට ඕනෙ වෙයි. ඒකයි ගත්තේ“ ඒ ගැන විමසූ විට සාරා පැවසූවා යැයි සහරාන්ගේ බිරිය ෆාතිමා පවසා තිබේ.


     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඇමති නැඟණියගේ නිවසින් අලුත් නායකයෙක්

    පරීක්ෂණවලින් හෙළි වී ඇති ආකාරය අනුව සහරාන්ගේ සැලසුම වී ඇත්තේ එකවර පළාත් 09 යේම පිපිරවීම් මාලාවක් කරන්නටය. ඒ සඳහා බෝම්බ ඇටවීමට එල්ලාගෙන යන බෑග් 20ක් මිල දී ගන්නේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ක්‍රීඩා භාණ්ඩ අලෙවි ස්ථානයකිනි. එවන් ස්ථානයකින්ම බෑග් මිලදී ගන්නේ කිලෝ 15ක් 20ක් පමණ බරක් රඳවාගන්නට හැකි ශක්තිමත් බෑගයක් එහි අලෙවියට තිබුණු බැවිනි.

    එම බෑග් මිලදී ගන්නේ මරාගෙන මැරෙන අන්තවාදීන්ට සිය ඉලක්කය වෙත එල්ලාගෙන යන්නට බොම්බ අටවන්නටය. එක්කම ඔවුන් වාහනවල ඇටවූ බොම්බද රට වටේම පුපුරවා හරින්නට සැලසුම් කර තිබිණි. කාතන්කුඩියේදී පසුගිය 16 වැනිදා රාත්‍රී කාලයේදී අකුණු සැරකින් පුපුරා යන්නේ ඒ එක් බොම්බයකි. එය යතුරු පැදියක ඇටවූවකි.

    තවත් බෝම්බයක් අටවන්නේ වෑන් රථයකය. කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ තිබී විශේෂ කාර්ය බළකාය ඉකුත් 22 දා පුපුරවා හරින්නේ එම වෑන් රථයයි. යතුරු පැදි, ලොරි සහ වෑන් රථවල ඇටවූ බොම්බ මෙන්ම මිනිස් බෝම්බද රට පුරාම පුපුරවා හරින්ට කළ සහරාන්ගේ සැලසුම් ව්‍යාර්ථ වන්නේ ඔහුගේ නායකත්වයට අවසාන මොහොත් එල්ල වන අභියෝගයක් නිසාය. මරාගෙන මැරෙන්නට සූදානමකින් නොසිටි සහරාන්ට ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන්නට සිදුවන්නේ එබැවිනි.

    සහරාන්ගෙන් නායකත්වය උදුරාගන්නේ නෞෆර් මවුලවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු මඟින් දැනගන්නට ඇති ආකාරයට අනුව ඔහු නාරම්මල පැත්තේ පදිංචිකරුවෙකි. දැනගන්නට ඇති ආකාරයට ඔහු දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

    සහරාන්ගේ නායකත්වයට ඔහු අභියෝග කරමින් නායකත්වය ඩැහැ ගන්නේ මරාගෙන මැරෙන ප්‍රහාරවලට එරෙහි වෙමිනි. අල්ලාගේ දේශනාවල මරාගෙන මැරීමේ හෝ සියදිවි හානි කරගැනීමේ ඉගැන්වීමක් නැති බව ඔහුගේ තර්කය වී තිබේ.

    ඒ වන විට සහරාන් සිය පවුලේ සාමාජිකයන්ට විශේෂත්වයක් දක්වමින් සැලකීමද මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සූදානමින් සිටි කිහිප දෙනෙකුටම ගැටලුවක් ව තිබිණි. සහරාන් සමඟ කිසිදු සම්බන්ධකම් නැති බව සඳහන් කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික ජනමාධ්‍ය ඉදිරියේ කිඹුල් කඳුළු හෙළු සහරාන්ගේ නැඟණිය මොහොමදු හසීම් මදානියාටද සහරාන් විටෙන් විට මුදල් ලබාදී තිබිණි. අවසන් වරට ඇය කාතන්කුඩියේ සිට කොළඹට කැඳවමින් ඔහු රුපියල් ලක්ෂ 20ක් අත තබන්නේ වියදමට තබා ගන්නැයි කියාය. අසීමාන්තික ලෙස ඔහු සිය ඥාතීන්ට සංවිධානයේ මුදල් එසේ වැය කිරීම් සෙස්සන්ට රිස්සුවේ නැත. එය පුපුරා යන්නේ නව නායකයා ලෙස නෞෆර් මවුලවි පත් වෙමිනි.

    මවුලවි තමන්ට හිතවත් සාමාජිකයන් සමඟ රහස් සාකච්ඡා පවත්වා ඇත්තේ වත්තල එඬේරමුල්ලේ පිහිටි ඇමතිවරයකුගේ සහෝදරියකට අයත් නිවසකදීය. එම නිවස ඔවුන් කුලියට ගත්තකි. ඒ රුපියල් 60000ක මාසික කුලියකටය.

    එම කුලී නිවසේ ගත කර ඇත්තේ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙන් මෙන්ම වනාතවිල්ලුවේ පුහුණු කදවුර භාරව සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටි මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්, ඔහුගේ බිරිය ෆාතිමා ලතීෆා සහ සාදික්ගේ බාල සහෝදරයා වන මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන තිදෙනාය. ඊට අමතරව සංවිධානයේ සාමාජිකයන් වන ගම්පොළ පාසලක ගුරුවරයෙකු වන මොහාමඩ් ඉර්ෂාඩ්, මාවනැල්ලේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් රනීස් සහ කුරුණැගල පදිංචිකරුවෙකු වන මොහොමඩ් නෞෆර් ද විටෙන් විට නවාතැන් ගත්තේ එම නිවසේය.

    සහරාන් සැලසුම් කරගෙන සිට ඇත්තේ ඔවුන් සියලු දෙනාම මරාගෙන මැරෙන ප්‍රහාරකයන් සේ යොදවන්නටය. ඒ අය අතර සිරියාවේ අයි.එස්. පුහුණුව ලැබූවන්ද සිටි බැවින් සහරාන් සිතන්නේ පහසුවෙන් ඔවුන්ව සිය අරමුණ වෙත රැගෙන යන්නට හැකි වෙතැයි කියාය. එහෙත් එහි සිටි සියලු දෙනාම මරාගෙන මැරෙන්නට කිසිදු සූදානමක් නොවීය. ඔවුන් නෞෆර් මවුලවිගේ නායකත්වය වටා රොක් වන විට සහරාන්ගේ මෙහෙයැවීමෙන් පාස්කු ඉරිදා ඒ ප්‍රහාර මාලාව දියත් කරන්නේ තමන්ට ඉතිරි වුණු සගයන් සමඟ එක්වය.

    පාස්කු ප්‍රහාරයෙන් පසු බියට පත් වන එඩේරමුල්ලේ නිවසේ රැඳී සිටි අය එදින රාත්‍රීයේදීම නිවස අතහැර පලා ගියහ. මොහොමඩ් ඉර්ෂාඩ් සැඟවෙන්නේ උලපනේ පිහිටි සිය නිවසේමය. මොහොමඩ් රනීස් සහ මොහොමඩ් නෞෆර් පැන යන්නේ මඩකලපුවටය. 21 වැනිදා රාත්‍රියේ දඹුල්ල පොලිසියට ඔවුන් කොටු වන්නේ ඒ යන ගමනේදීය.

    සාදික් සිය බිරියත් සහෝදරයාත් සමඟ පනින්නේ නුවරඑළිය පැත්තටය. ඔවුහු රැවුල් කොණ්ඩය කපා සිංහල වෙස් ගෙන තෙරුවන් සරණයි යැයි ඇලවූ ස්ටිකරයක් සහිත වෑන් රථයකින් රට පුරාම කරක් ගැසුවෝය. අවසානයේදී ඔහු සිය බිරිය මාවනැල්ලෙන් අතහැර යන්නේ වෙන කරන්නට දෙයක් නැතිම තැනය. ඒත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයෝ ඇය අත්අඩංගුවට ගත්හ.

    සාදික් සහ සාහිඩ් යන සාහෝදරයන් දෙදෙනා පොලිසියට කොටු වන්නේ ඊට දින කිහිපයකට පසුවය. ඒ ඔවුන්ගේ ඥාතියෙකුට අයත් ගම්පොළ පිහිටි පාවහන් වෙළසලක සැඟ වී සිටියදීය.

    “සහරාන් කරන්න යන්නේ මෙච්චර ලොකු වැඩක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඒක දැනගත්තම අපි බය වුණා. ඒකට අපි විරුද්ධ වුණා. අපේ ආගමේ සියදිවි හානි කරගන්න කියලා නැහැ.“ ප්‍රශ්න කිරීම් හසුවේ සාදික් පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබුණේ එසේය.

    පාස්කු ප්‍රහාර මෙහෙයවන්න නිවාස පහක්

    එඩේරමුල්ලේ පිහිටි ඇමති සහෝදරියගේ නිවසට අමතරව පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීමට තවත් නිවාස හතරක් ඔවුහු යොදාගත්තේය. කටානේ ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි පුපුරන ද්‍රව්‍ය සැඟවූ නිවසත් පාණදුර සරික්කම්මුල්ලේ පිහිටි බෝම්බ ඇටවූ නිවසත් හැරුණු කොට ඒ සදහා ඔවුන් කුලියට ගෙන තිබුණු නිවසක් පිහිටියේ ගල්කිස්ස පන්සල පාරේ තට්ටු නිවාස සංකීර්ණයකය. සහරාන් වැඩි කාලයක් සැඟ වී සිට ඇත්තේ එහිය. ඊට අමතරව සහරාන් සෙසු නිවාසවලද විටෙන් විට සැඟ වී සිට ඇත.

    බෝම්බ සඟවන්නට යොදාගත් තවත් නිවසක් වන්නේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම් නිවසය. මේ වන විට හෙළි වී ඇති ආකාරයට අනුව එම නිවසේ විසූ ෂැංග්‍රිලා ප්‍රහාරයේ මරාගෙන මැරුණු බොම්බකරු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ බිරිද ෆාතිමා ඉල්හාම්ද මරාගෙන මැරෙන බොම්බකාරියක බවය. ඇය සූදානම් ව සිට ඇත්තේ දෙවැනි ප්‍රහාරයටය. එය ව්‍යර්ථ වන්නේ ප්‍රහාරයෙන් පසු ෂැංග්‍රිලා හෝටල් භුමියෙන් හමුවූ ඉල්හාම්ගේ ජාතික හැඳුනුම්පතකට අනුව පොලිසිය මහවිල උද්‍යානයට පැමිණීම හේතුවෙනි. එහිදී ගැබිනියක වූ ඇය තමන් සතුව තිබුණු බොම්බය පුපුරවා ගන්නේ දරුවන් තිදෙනාත් නූපන් දරුවාත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුත් මරාගෙන මැරෙමිනි. ඒ සමඟ නිවස තුළ පුපුරා ගිය දෙවැනි බෝම්බ පිපිරුම තවමත් අබිරහසකි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කළ විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ සහරාන්ගේ ජාතික තවුහිත් සංවිධානය රට පුරාම ව්‍යාප්තව ඇති සංවිධානයක් බවය. එහි ව්‍යාප්තියට විදේශවලින් විශාල වශයෙන් මුදල් මෙරටට පොම්ප වී ඇති අතර ඊට අමතරව මෙරට ව්‍යාපාරිකයන් රැසක්ද මුදල් යොදවා ඇතැයි හෙළි වී තිබේ. දේශිය වශයෙන් ඊට මුදල් වැඩි වශයෙන් යොදවා ඇත්තේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචිව සිටි ප්‍රකෝටිපතියෝය.

    ඊට අමතරව ජුවලරි හිමිකරුවන් කිහිප දෙනෙකු ද ඇතුළු ව්‍යාරිකයන් රැසකගේ තොරතුරු දැන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුවය. අතේ සතේ නැතිව මෙයට සිවු වසරකට පෙර ත්‍රී රෝද රථවලින් සහ බස් රථවලින් රට පුරා යමින් අන්තවාදී දේශන පවත්වමින් සිටි සහරාන්ට වෑන් රථයක් පවා ලබාදෙන්නේ දෙමටගොඩ ඊබ්‍රාහිම්ලාය. කාතන්කුඩියේ ඔහුගේ සංවිධානයට අයත් ව ලෑලි මඩුවක පවත්වාගෙන ගිය දේවස්ථානය පවා අලංකාරව ඉදි කරන්නට මුදල් වැය කරන්නේ ඊබ්‍රාහිම්ලාය. පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් එළියට දැමූ සැකකටයුතු වාහන ලැයිස්තුවේ ඇති වාහන 20 මිලදී ගන්නට පවා මුදල් ආයෝජනය කරන්නේ ඊබ්‍රාහිම්ලාය.

    ඊබ්‍රාහිම්ලාගේ ආශිර්වාදයෙන් සහ ආයෝජනයෙන් අක්කර තිහ හතලිහේ වගා බිම් කුලියට ගෙන ඇති සහරාන් එම වගාබිම්වල ගොවි පොළ පවත්වාගෙන යන මුවාවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත්තේ යුද පුහුණු කඳවුරුය. වනාතවිල්ලුවෙන් වටලන්නේ ඒ එක් පුහුණු කදවුරකි. නුවරඑළියේත්, හම්බන්තොටත්, කුරුණැගලත් ඇති එවැනි පුහුණු කදවුරු තුනක ගැන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට තොරතුරු ලැබී හමාරය.


    උපුටා ගැනීම - Parakrama Basnayake from Justin Renuka Amarasinghe
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    iKvxjmY.png
     
    • Like
    Reactions: AnuradhaRa

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ෂරියා විශ්ව විද්‍යාලය පසුපස ඇති අවධානම...

    ඔවුන් කියන පරිදි මෙය ඉස්ලාම් ෂරියා ඉගැන්වුම් මූලික කරගත් සියලුම අකාරයේ විෂයන් උගන්වන විශ්ව විද්‍යාලයකි.

    නමුත් හිතන්න... කුමන විශයෙන් ඉගෙනගත්තත් මෙයින් පිටවන්නේ ඉස්ලාම් ෂරියා අන්තවාදී ඉගැන්වුම් වලින් ඔලුව පුරවාගත්තු පුද්ගලයෙක්. එම පුද්ගලයා වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් හෝ වඩු කාර්මිකයෙකු එහෙම නැත්නම් මෝටර් රථ කාර්මික ඉංජිනේරුවකු වෙන්න පුළුවන්. නමුත් සියල්ලන්ගේම මොළ හෝදලා තියෙන්නේ ෂරියා නීතියෙන්.

    හිතන්න මොවුන් රටපුරා ඇති සෑම ආයතනයකටම රැකියා සඳහා ඇතුලත් උනාම තියෙන ප්‍රශ්නය. සාමාන්‍ය වුර්තීය වේදියෙකු ලෙස වැඩකටයුතු කලාට ඇතුලතින් ඉන්නේ ඉස්ලාම් ෂරියා අන්තවාදීයෙක්, මුල්ලාවරයෙක්.

    මෙය ඔවුන් විසින් ඉතාමත් සැලසුම්සහගතව කරන ලද දීර්ගකාලීන වියාපෘතියක් කියලයි මම නම් හිතන්නේ. අවම වශයෙන් මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් සියලුම ජාතීන්ට අදාළ සිසුන්ට යා හැකි රජයේ විශ්වයවිද්යාලයක් ලෙස වත් ප්‍රතිෂ්ටාපනය විය යුතුමයි. ඒ වගේම ෂරියා ඉගැන්වීම් තහනම් කලයුතුයි. හැකි පමණ මේ සම්බන්ධයෙන් රජයට බල කරන්න.

    මෙම යුද්ධය අපිට දිනන්න පුළුවන් වෙන්නේ ඔලුවෙන් කල්පනා කරලා මිසක් අවි ආයුද වලින් නෙමෙයි මම හිතන්නේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලපං මේ තරම් ලොකු දෙයකටනේ අාණ්ඩුවේ උන් හිකි හිකි ගගා ඉන්නෙ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    බලපං මේ තරම් ලොකු දෙයකටනේ අාණ්ඩුවේ උන් හිකි හිකි ගගා ඉන්නෙ.


    :angry::angry: කියල වැඩක් නෑ බන් නම් ගම් සාක්ෂී සහිතව කියලත් මේවා ගණන් නොගෙන හිනා වෙලා මාද්‍ය සාකච්චා තිබ්බ විදිහ මතක් වෙද්දී මැරිච්ච මිනිස්සු ගැන පුදුම දුකක් එන්නේ...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    :angry::angry: කියල වැඩක් නෑ බන් නම් ගම් සාක්ෂී සහිතව කියලත් මේවා ගණන් නොගෙන හිනා වෙලා මාද්‍ය සාකච්චා තිබ්බ විදිහ මතක් වෙද්දී මැරිච්ච මිනිස්සු ගැන පුදුම දුකක් එන්නේ...

    :(
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    වවුනතිව් පොලිස් නිලධාරීන් දෙන්නා මැරුවේ පුහුණුවට ආයුධ සොයාගන්න


    ubala a kale kiwe gotage wadak kiyala neda,
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සම්පූර්ණ කතාව

    කල්මුනේ සයින්දුමරුදු ගැටුමෙන් පසු එම ස්ථානයේ ඡායාරූප ගොන්නක්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට ගන්නේ ඉතා වේගයෙනි. පිපිරුම සිදුවූ නිවසේත් මිය ගිය පුද්ගලයන්ගේත් ඡායාරූප ඒ අතර විය. ඒ එක් ඡායාරූපයක මළමිනී අතර ඇති ඉටි බෑගයක් කෙරෙහි එක්තරා පුද්ගලයෙකුගේ විශේෂ අවධානයක් යොමුවූයේය. එය එම පුද්ගලයා හොඳින් දන්නා හඳුනන අයෙකු කළමනාකරු ලෙස සේවයේ නිරතව සිටින ගිරිඋල්ලේ පිහිටි රෙදි සාප්පුවකට අයත් බෑගයකි. වහාම ඔහු කළමනාකරුට ඇමතුමක් ගත්තේය. එකී ඡායාරූපය ගැන ඔහුට කීවේය.
    This is exactly why social media should NOT be banned at such times.
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    :angry::angry: කියල වැඩක් නෑ බන් නම් ගම් සාක්ෂී සහිතව කියලත් මේවා ගණන් නොගෙන හිනා වෙලා මාද්‍ය සාකච්චා තිබ්බ විදිහ මතක් වෙද්දී මැරිච්ච මිනිස්සු ගැන පුදුම දුකක් එන්නේ...
    :yes::sorry::sorry::sorry: