පාස්ද? ෆේල්ද ? දුප්පත්ද ? පෝසත් ද ?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    අපි විභාගයකට් එහෙම ගියත් මොකක් හරි ගන්න ගියත් එක එක මට්ටම් සීමාවල් Rates ගොඩාක් තියනවා. මෙන්න මේ ලකුණු ගත්තහම ඔයා පාස් , University එකට යන්න පුලුවන් . එත් අපි ජිවිතේ පාස් ද ෆේල් ද දුප්පත් ද පෝසත්ද කියන්න මිම්මක් තියනවද?

    කෙනෙක් ඇවිත් කියන්න පුලුවන් පෝසත් උනාම විභාග පාස් උනාම මනුස්සයෙන් ජිවිතේ පාස් කියලා Suceess කියලා , ගෙවල් සල්ලී වාහන හැමදේම තිබුනාම හරි කියලා , ඒ වගේම ඒකේ අනිත් පැත්ත දුප්පත් උනාම ජිවිතේ Fail කියලා. එත් ඇත්තටම එක එහෙමමද?

    හරි අපි මෙහෙම ගමු ලක්ශපතියෝ අතරේ එයාලා හිතනවා ලක්ශ ගනනින් සල්ලි තියනවා නම් වාහන ගෙවල් තියනවා නම් එයාලා පොසත් අනිත් අය දුප්පත් කියලා , එතකොට කොටිපතියෙක් ඔතනට ආවොත් එයා හිතන මට්ටම වෙනස් නේද? එයාට සල්ලි වාහන ගෙවල් සාමාන්‍ය දේවල් , ඒ වගේම ට්‍රිලියනපතියො ? එතකොට එයාලට ලක්ශපතියෝ දුප්පත් අය වගේ පෙනෙයි නේද?

    මිනිස්සු ගොඩාක් වෙලාවට try කරන්නේ success වෙන්න පෝසත් වෙන්න. හොදම වැඩේ කියන්නේ එක මනින්න මිනුම් දන්ඩක් නැති එකයි .
    ඔන්න ලන්කාවෙ university වල වගෙ z score එකක් වත් තිබුනා නම් ඔක හදාගන්න ලෙසි, target එකක් තියාගෙන එකට යන්න තිබුනා .එත් ඉතින් එහෙම එකක් නෑනේ. ඒකට ඉතින් තියන එකම මිනුම් දන්ඩ තමයි සාපේක්ෂතාවය. අනිත් අය දිහා බලල මට්ටමක් හදාගන්න එක .

    කොහොම හරි එකත් සාපේක්ෂව හදගත්තා කියමුකෝ . ප්‍රශ්නෙ තියෙන්නෙ ඔක හැමතැනටම valid ද කියන එක

    :rofl: :rofl: :rofl: :rofl: .

    මේ හැමදේම අපි සාමාජයෙන් හදපු මතත් එක්ක ආපු දෙවල් නේද? සාපේක්ෂව තියන දෙයක් නේද ?

    මගෙ මතය නම් මනුස්සයෙක් පෝසත් වෙන්නේ හර් දුප්පත් වෙන්නේ හරි success වෙන්නෙ හරි fail වෙන්නෙ හරි මනුස්සයෙක්ගෙ හිතේ තියන් සිතුවිලි වල ආකල්ප වල ස්වාභාවය අනුව කියලා .

    මනුස්සයෙක්ගෙ තමන්ගෙ හිත හදාගන්නවා නම් හරියට මොකක් හරි ආගමක් පිලිපැදලා , ඒ මනුස්සයා තමයි ලොකෙ ලොකුම පොසතා , success ම මනුස්සයා. ඒ වගේම මේ ලොකෙම අයිති උනත් හිත හදාගෙන නැත්තම් එ මනුස්සයා තරම් fail , දුප්පත් මනුස්සයෙක් තවත් නෑ.

    කෙනෙක් ඇවිත් කියන්න පුලුවන් මෙහෙම කියන්නෙ දුප්පත් fail , unsuccessful මිනිස්සු හිත හදාගන්න් කියන දෙවල් ඉරිසියාවට කියන දේවල් කියලා. එක එහෙමම ද කියල ජිවිතේ අන්තිම කාලෙදි හිතල බලන්න , එතකොට තෙරෙයි භෞතික දෙවල්ද හිතේ නිදහසද වැදගත් කියලා .

    තවත් දෙයක් මෙහෙම කිව්වා කියලා දුප්පත් මිනිස්සු එහෙමම ඉන්න ඔන හිත් හදාගත්තාම විතරක් ඇති කියලා මම කියන්නෙ නෑ . හැබැයි මොනදේ කරත් හිතේ නිදහස තමයි No 01 .


    සැ.යු . හිත හදා ගන්නවා කියන එකට අර්ත්කතන ගොඩක් දෙන්න පුලුවන් , එත් හරිම පාර හොයාගන්න එක තමයි වැදගත්