ආපු කාලෙ පාට්ස් ගණන්, අඩුයි කියල තමයි පටන්ගත්තෙ, දැන් ඕන තරම් බඩු තියනව ඒත් අඩුවුනේ නෑ. සමහර දන්න අය vitz එකට ගියා ඔය නිසා. ඕවට කිසිම ක්‍රමයක් නෑ හිතුන විදිහට ගසාකනව.දන්නේ නෑ බං උන් ඇහුවම කියන්නේ japan නිසා කියලා. අනික වාහනේ compact නිසා engine compartment එක ඇතුලේ පට්ටම ගේමක් ගහලා තියෙන්නේ. මිලිමීටරයක්අපතේ යවලා නෑ. මේක නිසා accident එකක් උනාම internal parts කැඩෙන්න පොඩි chance එකක් තියෙනවා ලු අනිත් වාහන වලට වඩා. හැබයි ඉතින් දැන් එන advanced auto break system නිසා එහෙම ලේසියෙන් වාහනේ ඉස්සරහ හැපෙන්නේ නෑ. මේවා ඉතින් insurance කරයෝ හදාගන්න සින් තමා. Full option 120,000 න් උඩ වගේ තමා යන්නේ. සමහර model 150,000 යනවා.