පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ් ෆෝල්ඩරයක් හදමු (Window
අපිට සමහර වෙලාවට ඕන වෙනව අපේ වැදගත් ෆයිල්ස්, පෞද්ගලික දේවල් පරිගණකය භාවිතා කරන අනික් අයගෙන් ආරක්ෂා කරගන්න.
ගොඩක් අය මේ වෙලාවට කරන්නෙ මොකක්හරි තර්ඩ් පාටි සොෆ්ට්වෙයා එකකින් මේ ෆයිල්ස් ලොක් කරන එක හෝ හයිඩ් කරන එක. නමුත් එහෙම කලාට ඒක හැම වෙලාවේම 100% ආරක්‍ෂිත නැහැ මොකද තව කෙනෙක්ට පුළුවන් බූටබල් ඕඑස් එකකින් බූට් කරලා ඒවා බලන්න.
ඉතින් අද මම කියන්න යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් නැතිව කොහොමද පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් කරපු ෆෝල්ඩර් එකක් හදාගන්නේ කියල. 
මුලින්ම කියන්න ඕන අපි මේකට යොදාගන්නේ මුලින්ම වින්ඩෝස් විස්ටා වලදී හදුන්වා දුන්නු BitLocker Volume Encryption ෆීචර් එක. මේ ෆීචර් එක අපිට පහත තියෙන වින්ඩෝස් එඩිෂන් වලදී යොදාගන්න පුළුවන්.
මම දැන් කියන්නම් මේක windows 10 ඕඑස් එකක කරන්නෙ කොහොමද කියල..
- - - - - - - - - - - - - - PART 1 - - - - - - - - - - - - - -
මුලින්ම අපි වර්චුවල් ඩිස්ක් එකක් හදාගන්න ඕන. Win + R වලින් රන් එක ඕපන් කරලා diskmgmt.msc කියල ටයිප් කරල එන්ටර් කරන්න.
දැන් Disk Management වල Action > Create VHD ක්ලික් කරලා පහල විදියට ඔප්ෂන්ස් සිලෙක්ට් කරන්න.
මෙතනදි Location එක විදියට ෆෝල්ඩර් එක හදන්න ඕන තැනත්, Disk size එක (Eg. 8GB) විදියට ෆෝල්ඩරය ඇතුලේ තියෙන්න පුළුවන් උපරිම ස්පේස් එකත් සිලෙක්ට් කරන්න. මෙතැනදී අපි ඩිස්ක් ටයිප් එක විදියට Dynamically Expanding සිලෙක්ට් කරනව මොකද එතකොට මේක ඇතුලේ අපි සේව් කරන ෆයිල් වල සයිස් එක අනුව 8GB වෙනකන් වැඩි වෙනවා.
Fixed Size තේරුවොතින් කෙලින්ම ෆෝල්ඩරේ සයිස් එක 8GB විදියටම සේව් වෙනවා. 
ඊට පස්සේ Disk Management වල මේ විදියට පෙන්නයි. ඩිස්ක් එක රයිට් ක්ලික් කරලා ඉනිෂලයිස් කරන්න. මේ විදියට..
දැන් පාටිෂන් එකක් හදන්න ඕන.
අපි හදාගත්තු වර්චුවල් ඩිස්ක් එක, This PC එකේ මේ විදියට පෙන්නයි.
මේකේ තියෙනේ විශේෂත්වය තමයි අපිට ඕන වෙලාවක මේ ඩිස්ක් එක ඕපන් කරලා අදාළ වැඩේ ඉවර උනාට පස්සේ ආපහු නැවත ඉවත් කරන්න පුළුවන් වීම. (හරියට ISO ඉමේජ් එකක්, නැත්නම් CD එකක් වගේ) ඒ වගේම මේක අපිට කැමතිනම් වෙන පීසී එකකට උනත් කොපි කරගෙන යූස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. 
- - - - - - - - - - - - - - PART 2 - - - - - - - - - - - - - -
දැන් මේ වර්චුවල් ඩිස්ක් එක BitLocker වලින් එන්ක්‍රිප්ට් කරගන්න, Control Panel > System & Security > BitLocker Drive Encryption ඕපන් කරගන්න.
එතනින් ඔයාට එන්ක්‍රිප්ට් කරන්න ඕන ඩිස්ක් එක තෝරල Trun on BitLocker ක්ලික් කරන්න.
මෙතන ඩ්‍රයිව් එක අන්ලොක් කරන්න පාස්වර්ඩ් එක.
බැරිවෙලාවත් පාස්ව්වර්ඩ් එක අමතක උනොත්??? ඩේටා ආපහු ගන්න වෙන්නේ නෑ
නෑ නෑ ඒකට තමයි අපි රිකවරි කී එකක් තියාගන්නේ.
මෙතනින් කැමති එකක් තෝරන්න. මේක ෆයිල් එකක් විදියට සේව් කරනවානම් එන්ක්‍රිප්ට් කරන ඩ්‍රයිව් එක ඇතුලෙම සේව් කරන්න එපා. නැත්නම් ගේ ලොක් කරලා යතුරත් ගේ ඇතුලටම දැම්ම වගේ තියෙයි.
ඊළඟ ස්ටෙප්ස් ටිකත් මේ විදියටම කරන් යන්න.
අපි හදන ඩිස්ක් එක වින්ඩෝස් 8 හෝ 7 එකකින් ඕපන් කරගන්න ඕන උනොත්???
Compatible Mode සිලෙක්ට් කලොත් ප්‍රශ්නයක් නෑ, මොකද New mode එක සපෝර්ට් කරන්නේ වින්ඩෝස් 10 V1151 වලින් ඉහල ඒවාට පමණක් නිසා.
- - - - - - - - - - - - - - FINAL - - - - - - - - - - - - - -
දැන් එන්ක්‍රිප්ට් උන ඩ්‍රයිව් එක මේ විදියට පෙන්නයි. ඩබල් ක්ලික් කරලා, පාස්වර්ඩ් එක දීල බලන්න.
ඊට පස්සේ තමන්ගේ වැඩ ටික ඉවර උනාට පස්සේ මේ විදියට රයිට් ක්ලික් කරලා ඉජෙක්ට් කරන්න.
ආයෙමත් ඕපන් කරන්න ඕනෙනම් අර අපි මුලින්ම හදාගත්තු ෆයිල් එක බඩල් ක්ලික් කරන්න.
මගේ පරණ ත්‍රෙඩ් කීපයක් ..
> ඩේටා බැකප් කරමු
> මහ රෑ සර්වර් ඩවුන් උනොත්
> වින්ඩෝස් Untouched ISO ඩවුන්ලෝඩ්
> ඔයාගේ පීසී එකටත් තීම් එකක්
> යූටියුබ් එකෙන් සින්දු අහන අයට
> පෙන්,DVD නැතුව වින්ඩොව්ස් දාමු
>
එක මවුස් එකකින් පීසී ගොඩක් පාලනය කරමු
>
ටොරන්ට් රිමෝට් ගැන
> කම්පියුටර් Repair/Sell කරන අයට

මුලින්ම කියන්න ඕන අපි මේකට යොදාගන්නේ මුලින්ම වින්ඩෝස් විස්ටා වලදී හදුන්වා දුන්නු BitLocker Volume Encryption ෆීචර් එක. මේ ෆීචර් එක අපිට පහත තියෙන වින්ඩෝස් එඩිෂන් වලදී යොදාගන්න පුළුවන්.
- Windows Vista (Ultimate|Enterprise)
- Windows 7 (Ultimate|Enterprise)
- Windows 8|8.1 (Pro|Enterprise)
- Windows 10 (Pro|Enterprise|Education)
- Windows Server (2008 and later versions)