පාස්වර්ඩ් නැතුව පරිගණකයට රිංගන හැටි

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    පාස්වර්ඩ් නැතුව පරිගණකයට රිංගන හැටි

    ඔයාලා හදිස්සියේ වින්ඩෝස් පාස්වර්ඩ් එක අමතක වුණොත් මොකද කරන්නේ? නැත්නම් අල්ලපු ගෙදර කොම්පියුටරේට රිංගන්න? මමනම් කාලයක් තිස්සේ පාවිච්චි කරන්නේ මේ ක්‍රමය තමයි.



    මේකෙන් පුළුවන් xp වලින් පස්සේ ඇවිල්ලා තියෙන ඕනෑම OS එකකට ඒ කියන්නේ 8/ 8.1 වුණත් පාස්වර්ඩ් නැතුව ඇතුළු වෙන්න. ඕනේ නම් ඒ මැෂින් එකේ පාස්වර්ඩ් එක වෙනස් කරලා දාන්නත් පුළුවන්.

    1. මෙතන ක්ලික් කරලා සොෆ්ට්වෙයා එක ඩවුන් කරගන්න. මේක සල්ලි දීලා ගත්තොත් ඩොලර් 15ක්, හරිය.(ටොරන්ට් එකක් තියෙන්නේ):cool:

    2. ඊටපස්සේ පෙන් එක අරගෙන ෆෝමැට් කරලා දාන්න.
    3. දැන් මෙන්න මේ විදිහට ටොරන්ට් එකේ තියෙන සොෆ්ට්වෙයා එක අරගෙන පෙන් එක තෝරලා දෙන්න.
    kon-boot-installer.png


    4. දැන් පෙන් එක ගලවලා රිංගන ඕන කරන මැසිමට ගහන්න. ඊටපස්සේ බූට් කරද්දී බූට් මෙනු එකෙන් පෙන් එක තෝරලා දෙන්න. ඊටපස්සේ රීස්ටාට් වෙලා මේ විදිහේ ලෝගෝ එකක් ඒවි.
    kon-boot-22.png


    5. දැන් ඉතින් ඒක යනකම් ඉන්න. ඊටපස්සේ වින්ඩෝස් ලෝගෝ එක එන්න ටික වෙලාවක් යාවි. ඊටපස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරන තැනට ආවම එක්කෝ එතන මොනවත් නොගහා එන්ටර් එක ඔබන්න. නැත්නම් ඔයා කැමති පාස්වර්ඩ් එකක් ගහන්න. දැන් ඉතින් වැඩේ හරි.

    කරන වැඩක් කරගෙන මැසිම වහලා දැම්මට පස්සේ ආයෙත් සුපුරුදු පරිදි පාස්වර්ඩ් එක ගහන්න එනවා. මොකද මේකෙන් තාවකාලික ක්රැක් කිරීමක් වෙන්නේ. ඕනෙ නම් පාස්වර්ඩ් එක වෙනස් කරලා දාන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරේ නැත්නම් ඔයා මැසිමට රිංගපු බවක් හොයන්නවත් හම්බවෙන්නේ නෑ.
    tumblr_m9trl9hPpk1rxlmf0o1_250.gif