ඔය ජාතික සමගිය ගැන කතාකරන හැමෝම එහෙම කරන්නේ පටු අරමුණු ගැන හිතාලා විතරයි. තමන්ට ඕන ව්දිහට වැඩක් කරගන්න තියෙනවා නම් එතකොට ජාතිය සමගිය, ආගම් ඇදහීමේ නිදහස ගැන කතා කරනවා. හැබැයි අනිත් ජාතියට මොකක් හරි අසාධාරණයක් උනාම ගල් ගිලලා වගේ ඉන්නවා.
එළකිරි එකේ දඹුල්ල සිද්ධියේදී මහ ලොකුවට කෑගහපු, ආගමික නිදහස ඕන කියලා බෙරිහන් දීපු එවුන් කවුරුවත් මේ වගේ වෙලාවට එළියට එන්නේ නෑ. මොකද උන් හිත යටින් සතුටු වෙනවා. බෞද්ධයෙකුට එහෙම උනාම.
මේ රටේ සිංහල බෞද්ධයෝ හිතට ගන්න තියෙන එක දෙයක් තියෙනවා. ඒක නම් කවදාවත් සිංහලයා අනිත් ආගම් වල අයගැන අනිත් ජාතීන්වල අය ගැන හඬ නැගුවාට අනිත් ජාතීන් හා ආගමිකයින් කවදවත් සිංහලයා, බෞද්ධයා ගැන වචනයකින්වත් උදව්ව, අනුකම්පාවක්, සහයෝගයක් දක්වන්නේ නෑ කියන එක.
අපේ එවුන්ට පිහිට තියෙන්නේ අපේ එවුන්මයි. ඒ වගේම අනිත් කෙනෙක්ගේ දේකට තමන්ගේ ජාතිය ගැන නොහිතා සිංහලයෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක ගැන දෙපාරක් හිතන්න වෙයි.


