මචං මේවගේ ගේම් එක වැලට වෙනස් වෙවී ගිහින් හෙනම එකක් දෙනවා නේද?
ඉතින් එකම සෙට් එකක් නේද? මේ ගේම් කරකවන්නේ.
පරණ සුපිරිම ගේමක් තමයි.කොටින් යුද්ධෙන් පරාජය කළ යුතුය කියන මතය අරන් නලින්, පාඨලී, රතන හිමි පටන් ගත්තු ගේම. විමල් ඒක රට පුරා වැපුරුවා. එකේ මතය ඉක්මවා ගියත් , ඒ අය ඒකට තදින් සහයෝගය දැක්වූවා. ගේම ට්‍රැක් එකට වැටුනාම තමා මහින්ද ,ගෝඨා,සරත් වැඩේට බැස්සේ.මොන පුද්ගලික කෝන්තර තිබ්බත් කලින් කට්ටිය,පස්සේ කට්ටිය එකටම වැඩේට හිටියා.
ආපහු මහින්දට කෙලවන්න පටන් ගත්තේ රතන හිමි, පාඨලී, ගම්මන්පිල .... ටික දවසකින් ගම්මන්පිල පැත්ත මාරු කරලා ඊයේ ප්‍රතිපලය දක්වා දැඟලුවා.මහින්ද ගෙදර යවන්න චන්ද්‍රිකා ගේ පරණ සෙට් එක සෑහෙන්න සපෝර්ට් කළා.
ආපහු මහින්ද ගේන්න ත් චන්ද්‍රිකා ගේ සෙට් එක වැඩ කලා....
ඔය වගේ සිද්ධි , තව නොකී දේවල් සම්භන්ද කරලා බැලුවාම ආපහු පාඨලී ගේමකට බහින්න ඉඩ තියෙනවා මහින්ද එක්ක හරි, එක්ක හරි. රතන හිමි මහින්දට වගේ....
මේ හැම ගේමකම පැත්තේ ඉන්න චරිත දෙකක් තමයි දයාන් ජයතිලක කියන්නේ, පොර මහින්ද ගාව සෑහෙන කාලයක් ඉඳලා මේ ලඟදි සිරා ට සෙට් වුනා.
නලින් ද සිල්වා සද්දයක් නෑ.ඊලඟ එකේ අනිවා පොර සිටීවි.
අපි හරියටම මේ දේවල් මොලෙන් බැලිවොත් වෙන්න යන දේ හරියටම කිව්ව හැකි ..
මේක ලියන්නේ 27.10.2018 රෑ. ලංකාවේ ඇත්තම ජෙහාන් කව්ද? මහින්ද නම් නෙවේ...
අපි දිගටම මේවා කරමු ද? රෙප් දියල්ලා සන්තෝස නම්.
- Brandy2020
පාඨලී චම්පික රණවක...






