එක් එළ දෙනක් සිය පැටියා සමඟ මනෝ ගේ වත්තට පැන, ඔහු වවා තිබූ එළවළු කොටුව කා, පාගා, සහමුලින් ම විනාශ කරමින් සිටියා ය. හදිසියේ වත්තට ආ මනෝ සතුන් කර තිබූ විනාශය දැක තදින් කෝප වී එළදෙන සහ පැටියා අල්ලා ගස් බැඳ, ග්‍රාමසේවක වෙත ගොස් ඒ පිළිබඳ පැමිණිලි කළේ ය.
ග්‍රාම සේවක මහතා පැමිණිල්ල විභාග කිරීමට පැමිණි කල ඒ අවට පදිංචිකරුවන් රැසක් ම ග්‍රාම සේවක මහතා අසල රොක් වූහ.
“කාගෙද මේ එළදෙනයි, පැටියයි?” ග්‍රාම සේවක මහතා අවට රැස්වූ අය දෙස බලා තියුණු උස් හඬකින් විමසීය. කිසිවකු ගෙන් පිළිතුරක් ලැබුණේ නැත. ග්‍රාම සේවක මහතා නැවතත් එම ප්‍රශ්නයම ඇසුවේ වඩාත් උච්ච ස්වරයකිනි.
“එළදෙන කාගෙද කියන්ඩ නං මං දන්නෙ නෑ ආයුබොවන්ඩ. ඒත් පැටියා කාගෙද කියල නං මං දන්නවා.” හඩු ගැසුණු සරමක් හැඳ, උඩුකය නිරුවත්ව බුලත් විටක් හපමින් සිටි මාටින් එවර ඉදිරිපත් වෙමින් කීවේ ය.
“කියනවා බලන්ඩ. පැටියා කාගෙද? ග්‍රාමසේවක උනන්දුවෙන් ඇසීය.
“වෙන කාගෙද? එළදෙනගෙ මිසක්” මාටින් කීවේ ය.


silumina








