පැටි‍්‍රෂියා මෙක්සිකෝවට කඩා වදී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැටි‍්‍රෂියා මෙක්සිකෝවට කඩා වදී

    hurrican-patricia-10-22-15jpg-488e67082cf17b50.jpg

    පැසිෆික් සාගරයේ මෙතෙක් වාර්තා වූ ප්‍රබලම චණ්ඩ මාරුතයක් වන පැටි‍්‍රෂියා සුළි සුළඟ බටහිරදිග මෙක්සිකෝවට දැන් ළඟා වී තිබෙනවා. පැයට කිලෝමීටර් 300 ඉක්ම වූ වේගයක් සහිත සුළං ප්‍රවාහයක් සමඟ හමන පැටි‍්‍රෂියා සුළි සුළඟ 2013 වසරේ පිලිපීනයට බලපෑ හයියාන් සුළි සුළඟ තරම් ප්‍රබලත්වයකින් යුක්ත බවයි කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ. සුළි සුළඟ පැමිණීමට පෙර මෙක්සිකෝවේ වෙරළාසන්න ප්‍රදේශවල හාර ලක්ෂයක් පමණ ජනතාව ඉවත් කර ගැනීමට පියවර ගැනුණා. එමෙන්ම සුළි සුළං ප්‍රවාහය ගමන් කරන ප්‍රාන්ත 3ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. පැටි‍්‍රෂියා සුළි සුළඟ සමඟ මෙක්සිකෝවේ මහ වැසි සමඟ ජල ගැලීම් සහ නාය යාම් ද සිදුවිය හැකි බවටයි ආපදා අංශ අනතුරු ඇගවූයේ.

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,554
    16,386
    113
    :eek: මන් හිතුවේ කෙල්ලෙක්ගෙ සින් එකක් කියලා.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපිට O/L කරන කාලේ English Literature කරපු මිස්ගෙ නමත් පැටි‍්‍රෂියා.. එයත් සුළි කුණාටු වලටත් වඩා භයානකයි. :lol::lol: