පැත්තට කප් එක තියෙන බ්‍රා එකක්
බෑ බෑ...මුන් එක්ක ඉන්න බෑ
හම්මා... අපි කට්ටිය එදා ගලදාරිය සුද්ද කරන්න සෙට් උනාට පස්සේ ලෙක්චර්ස් ආවේ අදය. වෙනදා වගේම මොකාක් හෝ චාටර් වැඩක් සෙට් වෙන බව මට ඉවෙන් මෙන් දැනුනේය. හුගක් වෙලාවට ඉරිදට වැටෙන්නේ ස්ට්‍රක්චරල් ලෙක්චර් එකය. ගිය සතියේ වගේ මේ සෙනසුරාදත් ටොයිලට් ගැන ඉගෙන ගන්න ආවාට තිබ්බේ වෙන ලෙක්චර් එකක්ය. අද මුළු දවසම ස්ට්රක්චරල්ය. උදේ ලෙක්චර් එකනන් ටිකක් විතර බෝරින්ග් ය. එතන තිබ්බේ සර් ගාන දෙනවා...එයාම හදනවා... අපි ලියා ගන්නවා වගේ සීන් එකක්ය. ඒ අස්සේ සමහරු රජාගේ එක්ස්ටර්නල් එක උදුරගෙන ෆිල්ම් හිටන් කොපි කරනවා වගේ ලාවට දැක්කේය. එලෙසින් උදේ ලෙක්චර් එක අහවර උනේය.
රුපියල් 100ට තියෙන ප්‍රයිඩ් රයිස් 2කුත් අරගෙන අපි බත් කන්න සෙට් උනේය. අනිත් උන්ගේ බතුත් එක්ක ඔක්කොම බත් පැකට් 6ක් 7ක් තියෙන්නට ඇත. සුපුරුදු පරිදි සරණාගතයෝ වගේ කන්න පටන් ගත්තේය. ලොකු ලොකු ඇන්ටි පාරවල්, ලස්සන අක්කා කෑලි සුපුරුදු පරිදි අපි දිහා කට ඇරගෙන බලාගෙනය. අපිට දැන් ඒවා පුරුදුය.
මෙවැනි වදන් දැන් ඇහිලාම අපට පුරුදුය. මේ සංස්කෘතිය වෙනස් කරන්න හැමදාම අපි ප්‍රසිද්ධියේ එකට කන්නේය. ඕක හැමදාම දකිනකොට උන්ටත් ඕක පුරුදු වේවිය. ඔය සීන් එක තියෙන්නේ ඉරිදට විතරය. MBA කරනවා කියලා උන් ඉන්නේ හෙනම එකෙන්ය. ඇවිදින්නේ නැත. දැහැනකට සම වැදිලා පාවෙනවාය. ටීවී එකේ ප්රවෘත්ති කියන අක්කා කෙනෙකුත් අපි දිහා බලාගෙනය.
දුලියා: අද රෑ ප්රවෘත්ති බලහල්ලා...
රජා: ඒ මොකටද බං...
දුලියා: අපි කන හැටි අද රෑට ප්රවෘත්ති වල යනවා බං. 8ට කියන්න එකට දාන්නේ බලහන්කෝ...
කාලා ඉවරවෙලා ආයෙත් ලෙක්චරේට ගියෙමු. MBA ලෙක්චර් එකක් ඉවරවෙලාය. ඒත් තාම කෑලි හතර පහක් සර් වට කරගෙන ප්‍රශ්න අහන්නේය. අපිටත් මොකද....අපිට ලෙක තියෙන්නේ මේ හෝල් එකේය. අපි කෙලගෙන ඇතුලට ගිහින් ඉදගත්තෙමු. ප්‍රශ්න අහ අහ හිටපු කෑල්ල දැකපු කට්ටිය ඇසි පිය නොසලා ඒ දිහා බලාගෙනය. ඒ අතර කවුදෝ එකෙක් උගේ එක්ස්රේ විෂන් එක දාලා ඇදුම් හරහා බලලාය.
කවුදෝ එකා: අඩෝ...ඒකි ඇදන් ඉන්නේ අර පැත්තට කප් එක තියෙන බ්‍රා එකක් ඕයි...
රජා: තෝ ඒකත් බැලුවද????
එකා: නැත්තන්උඹලා බැලුවේ මොනවද???
රජා: නෙදකින්...!!!
ඒකා: කොහොමද ඒකි ඇදගෙන ඉන්නේ ජී ස්ට්‍රින්ග් එකක් නං....
හම්මා.........චක චක චක චක
අපි:

දැන් වෙලාව දවල් 1ය. උදේ 9ට පටන් ගත්තු ගාන තාමත් හදන්නේය. හති දාගෙන අපිත් හදන්නෙමු. සමහර තැන් වල නං ලාචෝරුය. සුළු කිරීම කරන්න කැල් එකත් ඉඩ මදි වගේය. ඔහොම එපා වෙලා බෝඩ් එක දිහා බලාගෙන ඉන්නකොට බාගෙට ඉවර වෙච්ච වතුර බෝතලයක් රජා ගාවට ආවේය.
රජා: මොකටද යකෝ මේක මට එව්වේ???
එකෙක්: ඕකෙ කට ඉඹලා බලහන්කෝ....ස්ට්‍රෝබෙරි සුවදයි බං... අරකිගෙ ලිප්ස්ටික් එකේ....
රජා: අම්මට ඔව් යකෝ....හම්මා...සුවද!!!
කාවින්ද: ඒකිගේ විදුරුමස් දියවෙලා ගද ගහනවා ඇති බං.... ඒකයි ඕවා ගාන්නේ. තොපි ඉඹිනවා දාගෙන. ක්ෂය රෝගයද දන්නෙත් නෑ....
රජා: අවුලක් නෑ.... තොපි ඔක්කොම ඉම්බනේ.ඔක්කොටම තමා හැදුනොත්.
හවස 3.30ට තේ ඉන්ටවල් එකය. සිං ගාලා නෙස්කැෆේ මැෂින් එක ගාවට දිව්වෙමු. ගොජ ගොජ ගාලා කෝපි 2ක් දාගෙන ඉදගෙන පොඩි වට මේස සාකච්ඡාවක් දැම්මෙමු. ඒක අස්සේ කැන්ටිමේ ටීවී එකේ රගර් මැච් එකක්ය. දැන් කට්ටිය රගර් ගැන කතාවය.
ගයාශාන්: අඩෝ අර කාල්ටන් 7 සුපිරි නේ බං...කවද්ද තියෙන්නේ?
රජා: සිරාවට කවද්ද බං ෆයිනල්???
හසියා: මතක නෑ බං....
ගයාශාන්: එතකොට ඒ ටීම් එකේ 7යි නේ බං???
කාවින්ද: ඔව් බං... එතකොට නිකන් එකේ කීයක් ඉන්නවද? 16ද
හසියා: වෙන්ඩ ඇති බං...
ගයාශාන්: මොකද්ද යකෝ... තෝ රගර් ගැහුවා නේද?
හසියා: ඕවා මතක කාටද බං...අපි බෝලේ එන්නැති මුල්ලක් අල්ලන් අයිස ගහපු උන්නේ.
ඒවා අස්සේ රගර් ටීම් වල නම් ගැන කතාවය.
ගයාශාන්: අඩෝ මහ අමුතු නම් නේ බං තියෙන්නේ. අපිත් හදමුද ටීම් එකක්.
කාවින්ද: මොකද්ද දාන නම???
කට්ටිය එක එක අදහස් දෙන්නේය. එක එකාගෙ ගමේ නම දාලා කියන්නේය. හිනා කාලා මැරුනේය. මේ ඒ ටිකක්ය.
කොහොමහරි උදේ 9ට හදන්න ගත්තු ගාන හවස 5 වෙනකනුත් හැදුවේය. ඒත් ඉවර නැත. මේවා විභාගෙට ආපුවාම කොහොම හදන්නද මන්දාය. හැබැයි අන්තිම පැය කීපයේ බොක්කෙන්ම ගණන් හදපු හින්දා රජා ස්ට්‍රක්චරල් සමග පෙමින් බැදුනේය. සිරාවටම මාරය!
ඔක්කොම ඉවර වෙද්දී අමිල අයියාට හෙම්බිරිස්සාව උග්‍ර වෙලාය. යන ගමන් කතාව ඒ ගැනය.
අමිල අයියා: ඉක්මනට යමන්... මට රුපියල් 3000 ක විතර බේත් ගන්න තියෙනවා.
ගයාශාන්: එච්චර යනවද බං හෙම්බිරිස්සාවට???
අමිල අයියා: නැතුව...ඩොකා හම්බෙන්නම 1000යි. බේත්වලට 2000යි.
රජා: යකෝ...අපේ ගෙදර යමන් ආයේ. මම අරන් දෙන්නං ගෙට එහා පැත්තේ ලේඩි ඩොක්ටගෙන්. ඔයිට බාගයක් අඩුවෙන් යයි. ලස්සන ඩොක්ට..
අමිල අයියා: එහෙම හරින්නෑ බං. මගෙ මේ විසබීජයක් කැරකෙනවලු. ඒකලු මෙහෙම වෙන්නේ...
ගයාෂාන්: ඕක අල්ලන්නද 3000ක් ගන්නේ? මම ඕක අල්ලලා දෙන්නං. මට 3000 දියන්....
හසියා: උඹ නහයෙන් රිංගනවද?
ගයාෂාන්: ඔව්... හැබැයි උඹ එහෙම රිංගන්න එපා... උඹේ තඩි බඩ හිරවෙයි.
රජා: බුහහහා....ඔව් බං!!
ගයාෂාන්: කොහොමද නහය ඇතුලේ පඩයක් යැව්වොත්....??? ඕක කොහෙන් පිටවෙයිද දන්නෑ....
අපි: බුහහහා....අම්බෝ!!!!!

අමිල අයියා: කන් දෙකෙන් යයි නේ මෙහෙම මෙහෙම.... අත් දෙකෙන් දුම පෙන්නමින් කීවේය.
බෝඩිම ගාවට යනකන් එකම හිනා ලෝකයය. පාරේ හිටපු උන් අපි දිහා බැලුවා වගේ යන්තමට මතකය. තාමත් නිකන් බුරියේ උල් ගතිය බැහැලා නැද්ද මන්දාය.

ඕ මයි ගෝඩ්...
අර බලන්න අනේ.....
අපේ පොඩි එක්කෙනත් ඔයිට වඩා හොදට කනවා...
අපරාදේ බත්....

අංගොඩ මොංගල්ස්
ගම්පොල ලබ්බ බසාස්
ගිරෑලු ගෙම්බෝ
හංවැල්ල මඩකරි
පානදුර පරයි
කැළණි කිඹුල්ලු
කොහොමහරි උදේ 9ට හදන්න ගත්තු ගාන හවස 5 වෙනකනුත් හැදුවේය. ඒත් ඉවර නැත. මේවා විභාගෙට ආපුවාම කොහොම හදන්නද මන්දාය. හැබැයි අන්තිම පැය කීපයේ බොක්කෙන්ම ගණන් හදපු හින්දා රජා ස්ට්‍රක්චරල් සමග පෙමින් බැදුනේය. සිරාවටම මාරය!
ඔක්කොම ඉවර වෙද්දී අමිල අයියාට හෙම්බිරිස්සාව උග්‍ර වෙලාය. යන ගමන් කතාව ඒ ගැනය.
අමිල අයියා: ඉක්මනට යමන්... මට රුපියල් 3000 ක විතර බේත් ගන්න තියෙනවා.
ගයාශාන්: එච්චර යනවද බං හෙම්බිරිස්සාවට???
අමිල අයියා: නැතුව...ඩොකා හම්බෙන්නම 1000යි. බේත්වලට 2000යි.
රජා: යකෝ...අපේ ගෙදර යමන් ආයේ. මම අරන් දෙන්නං ගෙට එහා පැත්තේ ලේඩි ඩොක්ටගෙන්. ඔයිට බාගයක් අඩුවෙන් යයි. ලස්සන ඩොක්ට..
අමිල අයියා: එහෙම හරින්නෑ බං. මගෙ මේ විසබීජයක් කැරකෙනවලු. ඒකලු මෙහෙම වෙන්නේ...
ගයාෂාන්: ඕක අල්ලන්නද 3000ක් ගන්නේ? මම ඕක අල්ලලා දෙන්නං. මට 3000 දියන්....
හසියා: උඹ නහයෙන් රිංගනවද?
ගයාෂාන්: ඔව්... හැබැයි උඹ එහෙම රිංගන්න එපා... උඹේ තඩි බඩ හිරවෙයි.
රජා: බුහහහා....ඔව් බං!!
ගයාෂාන්: කොහොමද නහය ඇතුලේ පඩයක් යැව්වොත්....??? ඕක කොහෙන් පිටවෙයිද දන්නෑ....
අපි: බුහහහා....අම්බෝ!!!!!

අමිල අයියා: කන් දෙකෙන් යයි නේ මෙහෙම මෙහෙම.... අත් දෙකෙන් දුම පෙන්නමින් කීවේය.
බෝඩිම ගාවට යනකන් එකම හිනා ලෝකයය. පාරේ හිටපු උන් අපි දිහා බැලුවා වගේ යන්තමට මතකය. තාමත් නිකන් බුරියේ උල් ගතිය බැහැලා නැද්ද මන්දාය.
තවත් මොංගල් දවසක් එසේ නිමාවිය.....