පැතුම්ගේ අරගලය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,643
    3,213
    113
    එක තැනක තියෙන ගලක් උනත් පෙරළන්න අමාරුයි. හොල්ලලා හොල්ලලා ටිකක් එහෙ මෙහේ කරගත්තොත්, මුලින්ම පැද්දිලා එන්නේ ආයෙත් අපේ ඔළුව පැත්තටමයි. ගල තිබුන තැන වෙනස් කරන්න අමාරුයි.

    අපේ දේශපාලන ක්‍රමයත් මේ වගේ. අපි හැමෝම සිස්ටම් චේන්ජ් කියලා ඉල්ලුවට ඉල්ලන්නේ මොකක්ද කියලා හැමෝටම තියෙන්නේ එකම අදහස නෙවෙයි. ඒ ගැන පොදු නිර්වචනයක් නෑ. කොහොම උනත්, මොන සිස්ටම් එකෙන් අනිත් එකට ගියත්, ඒකත් අර ගලක් පෙරළනවා වගේ තමයි. පෙරළෙන්න ගළට වුවමනාවක් නෑ, මොකද මොන විදියට ඒක අලුත් තැන බැලන්ස් වෙයි කියන එක අවිනිශ්චිතයි. ගලේ උඩ පැත්තෙ යටට හිටින්න පුළුවන්, යට තිබ්බ එක උඩට එන්න පුළුවන්. ඒක කාටත් සුවර් නෑ.

    රටක ක්‍රමයක් , සහ ඒ වටේ ජීවිකාව ගෙන යන සංස්කෘතියක් බිහි වෙන්න කාලයක් ගත වෙනවා. ඒ ක්‍රමය සහ සංස්කෘතිය වෙනස් වෙනවට බහුතරයක් කැමති වෙන්නේ නෑ. මොකක්ද වෙනස් නොවී ඉඳීමේ තමයි තමන්ට පහසුව තියෙන්නේ. ආරක්ෂාව තියෙන්නේ. වෙනස් වෙනවා කියන්නේ ගල මොන පැත්තට පෙරළෙයිද දන්නේ නෑ වගේ තම තමන්ගේ පැවැත්ම ගැන අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. ඒකට හැමෝම කැමති නෑ.

    ඒ නිසා මේ ලෝකේ රටවල විතරක් නෙවෙයි ආයතනයක වුනත් එවන් සිස්ටම් චේන්ජ් එකක් අරගෙන එනකොට , ඒ සිස්ටම් එකේ පිරිස ප්‍රතිරෝදයක් නිර්මාණය කරනවා. ඒ ප්‍රතිරෝදය දරා ගෙන , අභියෝගයට මුහුණ දීලා නොසැළී අල්ලගෙන ඉන්න ඕනේ වෙනස ගේන්න ඕනේ නම්. හැබැයි ඒ ශක්තිය තියෙනවා නම් විතරයි ඒ වෙනස කරන්න පුළුවන් වෙන්නේ. ඒක මිනිස්සු මිලියන 22 කගේ දෛවය වෙනස් කරන වෙනසක්. ඒක ලේසියි කියලා හිතන්න අපිට අයිතියක් නෑ. ඒත් ඒක කරන්න පුළුවන් බව විශ්වාස කරන එකෙන් අපිව වළක්වන්න බෑ.

    අපි නොසැලී මේ ක්‍රමය වෙනස් කරන පාරේ යනවා.
    ඒක තමයි අලුත් අවුරුද්දේ අපේ පණිවිඩය.
    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #හරිත
    #NoLeftism
    #DissolveSLParliament2023
     
    • Haha
    Reactions: ob_server

    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,922
    102,763
    113
    එකමත් එක රටක
    පැතුම ව දන්නවා නම් හෑලි ලිය ලිය කාලේ කන්නේ නැතුව ඌ දන්න දෙයකින් දෙයක් කරගෙන හොදට ඉන්න කියපන් බන්..