යුද හමුදාවේ මම හිටපු කාලය බොහෝම සීමිතයි.
ඒ සීමිත කාලය තුල ජිවිතේ වටිනම මතකයන් නිර්මාණය කර ගන්න පුළුවන් වීම භාග්‍යයක්. අද හැරිලා බලන කොට ඒක ජීවිතේ ගත්ත හොඳම තීරණයක්. රටට අවශ්‍ය මොහොතේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නට ලැබීම වාසනාවක්.
මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කර ගන්න ජීවිත පූජා කරපු, අතපය අහිමි කර ගත්ත, ආදරණීයයන් අහිමි කර ගත්ත මිනිස්සු හින්දා අපි අද ඒ නිදහස භුක්ති විඳිනවා. යුද්ධයකට දෙන්න පුළුවන් හොඳම විසඳුම තමයි ඒක වළක්වා ගන්න ඒක. ඒක බැරි උනාට පස්සේ තියෙන හොඳම විසඳුම සාකච්ඡා කරලා විසඳගන්න එක. ඒකත් බැරි උනාට පස්සේ තියෙන හොඳම විසඳුම තමයි යුද්ධය ඉවර කරන එක. අපිට රටක් විදියට ඒක ජයග්‍රහණයකින් ඉවර කර ගන්න පුළුවන් උනා. දැන් හැරිලා බලන කොට ඒක ලොකු වික්‍රමයක්.
ඒක අවුරුදු 30 ක් විතර ඇදිලා යන්න ඇත්තෙම මේ රටේ තියෙන දේශපාලන අස්ථාවරත්වය, දේශපාලන බෙලහීනත්වය, සමස්ථ දුර්වලතාවයන් නිසා. ඒ ටික මග හැර ගත්ත එක මොහොතක සාර්ථකත්වය අපිට ලැබුනා.
දැන් තියෙන යුද්ධයත් ඒකට දෙවැනි නෑ. මේ දේශපාලන පරිවර්තනයත් එක්තරා යුද්ධයක්. ගොඩක් කැපවීම් කරගෙන කරන්න වෙන දෙයක්. යුද්දේ තියෙන කාලේ වගේම විවිධ අයට විවිධ මත තියෙනවා. ඒ ඒ අය සිය මතයන් අනුව ක්‍රියාකරනවා. හැමෝවම එකම ඉලක්කයකට ගන්න අමාරුයි. ඒකට මොහොතක් උදා වෙයි. එදාට මේ යුද්දෙත් ඉවර වෙයි.
දෑත් උඩ පණ ගිය සියයක් තරුණ ජීවිත වල සුවඳ නොඅඩුව අපේ හිතේ තියෙනවා. යුද්දයෙන් ප්‍රසිද්ධියට, වීරත්වයට පත් උන ගොඩක් සෙබළු එහෙම උනේ මරණයෙන් අනතුරුව. මරණයට පත් නොවීම නිසා ප්‍රසිද්ධියට පත් නොවුන, එහෙත් තවමත් ජීවත් වන එවන් වූ වීරයන් අප අතර ජීවත් වෙනවා. 2009 මැයි 18 රටේ තිබුන සතුට මනින්න ක්‍රමයක් තිබුනේ නෑ. අන්තිම මිනීපෙට්ටියත් ගෙදරට ගියාට පස්සේ ආයේ මේ රටේ මිනිස්සු මැරෙන්නේ නෑ කියලා දැනුන සතුට, එහි පුංචි හෝ කොටස් කාරයෙක් වීම නිසා ලැබුන තෘප්තිය කියා නිම කරන්න බෑ. ඒ සතුට අපිත් මැරෙනකංම හිතේ තියෙයි.
ඒ මිය ගිය හැම ජීවිතයකම සතුට වෙන්න ඇත්තේ කවදා හරි මේ රටේ ඉතුරු වෙන උන් ඔක්කොම කවදා හරි සතුටින් ඉඳියි කියලා. ඒ ජීවිත වලට වටිනාකමක් ලැබෙන්නේ අපි උන්ගේ ටිකත් එක්කම සතුටින් ජීවත් වෙලා, මේ රට උන්ගෙම ළමයින්ට ඉන්න හොඳ රටක් බවට පත් කරපු දවසට.
අපි මේ දේශපාලන යුද්ධය තෝරා ගත්තේ ඒ බලාපොරොත්තු ඇතුව. නොපසුබට උත්සහයෙන් මේ සටනත් අවසන් කරමු.
ආදරණීය 58 සේනාංකයේ සහ අනුරාධපුර යුද හමුදා රෝහලේ මෙන්ම යුද හමුදා වෛද්‍ය බළකායේ සහෝදර නිලධාරීන් සහ සෙබළුන් ආදරයෙන් මතක් කරමි.
(මේ ඡායාරූපය විශ්වමඩුවේ ඉදිරි ආරක්ෂක වළල්ලේ දී තුවාල වූ සෙබළෙකුට කුඩා සැත්කමක් කරන අතර තුර)
පැතුම් කර්නර්
#පැතුම්ගේ_කතාව